මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිප සභාපති ලෙස පසුගිය අගෝස්තු 13 වැනිදා ධූරයෙන් ඉවත් කෙරුණු සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉන් දින 13කට පසු ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට අද (25) ඉදිරිපත් කළේය.
සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්ට එම ලිපියෙන් ප්‍රේමජයන්ත මහතා දොස් කියයි.
‘කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළදී සන්ධාන ලේකම් ලෙස කටයුතු කිරීමේදී ඇතිවූ නෛතික සීමාවන් හේතුවෙන් ගනු ලැබූ සමහර තීරණ සඳහා මාගේ ක්‍රියාකාරී දායකත්වය නොමැති බව දන්වා සිටිමි. තවද එක්සත් ජනතා නිදහස් සන්ධාන සමහර හවුල්කාර දේශපාලන පක්ෂ නියෝජිකතයන් විසින් කරුණු හරිහැටි වටහා නොගෙන ජනතාව නොමග යවන ස්වරූපයෙන් මාධ්‍ය ප්‍රකාශ හා මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම පිළිබඳව කනගාටු වෙමි. සන්ධාන මන්ත්‍රීධූඍ 95 ක් ලබාගැනීමට හැකිවන ලෙස සන්ධාන පක්ෂ එක්ව තබාගැනීම ගැන වචනයක්වත් කතා නොකරන සමහර සන්ධාන හවුල්කරුවන්ගේ හැසිරීම් ගැන දැඩි කලකිරීමකට පත්ව සිටිමි‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිොකමක් ලබාගන්න වගේ (බ)
ඔබගේ නිවරදි බව ඔප්පු කරන්න මෙතරම් ප්‍රමාද උනේ මොකද. ඔබ ජාතික ලයිස්තු දෙකකට අත්සන් කරලා දීල තියනවා. එකක් පුරවල. අනිත් එක හිස් තියල අත්සන් කරලා තියෙනවා. අනෙක් අයට බොරු චෝදනා නගන්න එපා. තමන් සියලු තත්වය දැනගෙන හිටියා. ඔබ නගන වාම විරෝදය ඉදිරි කාලයේදී ශ්‍රීලංකා පක්ෂයට පාරා වළල්ලක් වේවි. ශ්‍රීලංකා පක්ෂය වම නැතුව කවදද ආණ්ඩු බලය ගත්තේ කියල කියන්න. (නදී)
තරුණයන්ට අවස්තාව දීමේ අරමුණෙන් ඉල්ලා අස්වෙන්න ඇති. බලය අත්හැරීම, නිර්ලොබී බව අගය කල යුතුයි.(නදී)
ඇති යාන්තම්.(හේ)