විද්‍යා හා තාක්ෂණ ක්ෂේත‍්‍රයෙන් දියුණුතම රටවල් හා සම්බන්ධ වී එම රටවල සහයෝගයද ලබාගෙන ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය නවීනතම තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට පියවර ගන්නා බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.
නවීන තාක්ෂණික ක‍්‍රම භාවිතයට ගනිමින් නැරඹීමට පැමිණෙන පිරිසට විශ්වීය කරුණු පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදීමට කටයුතු කරන බවත් ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය ජාත්‍යන්තර මට්ටමට ගෙනඒමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
1965 වසරේ පවත්වන ලද කර්මාන්ත ප‍්‍රදර්ශනයේ එක් විශේෂාංගයක් ලෙස අරම්භ කරන ලද ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය අඩ සියවසක් සපුරමින් දැවැන්ත ඉදිරිගමනක නිරත වී සිටන අතර අද වන විට ලෝකයේ ඇති අනෙකුත් ග‍්‍රහලෝකාගාර මෙන් නවීන තාක්ෂණය භාවිත කරමින්, ඩිජිටල් තාක්ෂණය මඟින් ගෝලීය දර්ශන නැරඹීමේ අවස්ථාව මෙරට මහජනතාවට ලබාදීමට ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරයට හැකිවීම සාඩම්බර කරුණක් බවත් පාසල් දරු දැරියන් ඇතුළු නරඹන්නන්ට නවීන උපකරණ භාවිත කරමින් සෞරග‍්‍රහ මණ්ඩලය, ග‍්‍රහලෝක හා තාරකා පිළිබඳ විශ්ව දැනුම ලබාදීම සඳහා විද්වත් කාර්ය මණ්ඩලයක සේවය සමග ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය ජාත්‍යන්තර මට්ටමට වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.
එම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යාංශ ලේකම් ආර්. විජයලෙච්චමී, අතිරේක ලේකම් අනුරාධා ඉලේපෙරුම, අමාත්‍යාංශ සැළසුම් අධ්‍යක්ෂ හිමාලි අතාවුදගේ, ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරයේ සහකාර අධ්‍යක්ෂ කේ.පී.කේ. කෝරලගම ඇතුළු මහත්ම මහත්මීන්ද අමාත්‍යාංශ නිලධාරීන්ද රැසක්ද සහභාගී විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල්පාට කොලපාට කන්නාඩි ගලවන්න. අපේ දරුවන්ගේ විද්‍යාත්මක ඥානය දියුණු කරන්න ලෝකයත් එක්ක බද්ධ වෙමු. (බ)
දැන් මේකත් කන්න වගෙයි.... රටේ පාලකයිනි, ඔබ අකමැත්තෙන් පියාගෙන සිටින දෙනෙත් දැන්වත් විවර කරන්න කාලයයි මේ..(හේ)
මේ දවස්වල මැති තුමාට පෙන තරුයි ග්‍රහාලෝකේ තරුයි සමානද කියලා අහනවා ! (හේ)
පරිසරය මේ විදියට වැනසුනොත් යන්න වෙන ග්‍රහලොවක් සොයන්න වේවි (නි)
දැන් නම් තරු පේනවා නේද ?(හේ)
ඉර හඳ තරු සේ ඔබ අපිට විශ්වාසයි (නි)
ටයි කොඔට් එකට බැස්සා එහෙනම් (අ)
හොඳයි හොඳයි (නි)
ඔබතුමා ග්‍රහලෝකාගාරයට ගිහිල්ලා බලන තරු අපිට දැනටමත් පෙනිලයි තියෙන්නේ ඇමතිතුමෝ (නි)
කවුරුත් අවධානය යොමු නොකරන පැත්තක් (නි)
දැන්ද ඔබතුමාලා ග්‍රහලෝකාගාරය බලන්න ගියේ? මම නම් ඕක බැලුවේ මීට අවුරුදු තිහකටත් කලින් (නි)
ලාල් මහතා කියන දේ හරි අවිද්‍යාත්මිකයි (නි)
හරිම දුකයි ග්‍රහලෝකාගාරේ පුටුවල තත්ත්වය ගැන නම්. උඩ බලාගෙන ඉන්නකොට බෙල්ල රිදෙනවා. (නි)
මේක වැඩිදියුණු කරන්න හිතපු එක හොඳයි (නි)
ඇමතිතුමා මීටකලින් මේක බලලා තිබුණද දන්නෙ නැහැ (නි)
සමහරුන්ට නම් තරු පෙනිලා හිටියේ. ඒත් යන්තම් වැඩේ ගොඩ ! (නි)
කවුරු මොනවා කිවුවත් මෙතුමා කරන සේවය අගය කරන්න වටිනවා (නි)
ෂා නියමයිනේ! (නි)
හොඳයි. ඊළඟ ඡන්දෙ වෙද්දී වෙන ග්‍රහලෝකයකුත් හොයාගන්න පුළුවන්වෙයි අපිට (නි)
අපිට තරු පෙන්නන්න නම් එපා ඔන්න හොඳේ! (නි)
තරුණ තරුණියෝ උනන්දු කළොත් ග්‍රහලෝකාගාරයට හොඳ ලාබයක් ලැබේවි (නි)
මෙයා කිසිම අමාත්‍යංශයක් හරියට කෙරුවද? ගිය ආණ්ඩුවේදී බාල පෙට්‍රෝල් ගෙනල්ල අහිංසක ජනතාව අමාරුවේ දාල ඩොලර් මිලියන ගණන් සාකුවේ දාගත්ත කියල චෝදනා ලැබුවා. රටේ යහපාලනයක් ඇති කරන්න නම් රටට අපරාද කරන අය හිරේ දැමිය යුතුයි. (ස)
ඇමතිතුමා අහන්නේ ලෝකය රවුම්ද කියලා නේද? (ස)
ගියාට බලලා වැඩක් නෑ.දියුණුවට මොකක් හරි දෙයක් කරන්න.(හේ)
වසන්ජය උන්නැහේ විද්‍යාත්මක කියන වචනයේ තේරුම නොදැනීම ගැන කණගාටුයි. මේ කියන ඇමතිතුමා මීට කලින් ඛනිජ තෙල් පිලිබඳ ඇමැතිවෙලා හිටපු කාලේ වුනේ මොකද කියලත් දන්නේ නැතිනම් කාගෙන් හරි අහල දැනගන්න කියලත් මම කියනවා . (ස)
මෙයාලත් අපිට තරු පෙන්නයිද දන්නේ නෑ.(හේ)
කට්ටියට දැන් තමයි තරු පේන්නේ.(හේ)
ඇමතිතුමා අහනවා අමාත්‍යංශයේ ප්‍රශ්නයක් ආවොත් ග්‍රහලෝකෙට යන්න පුළුවන්ද කියලා.(හේ)
මේ අවස්ථාව හොද අවස්ථාවක්.(හේ)
විද්‍යාත්මක ආකාරයට ඇමතිකම් බෙදදෙනවා කිව්වට විද්‍යා සහ තාක්ෂණ වගේ ඇමතිකමක් ඒ විෂයන් ගැන නොදන්නා එහෙත් නීතිය ගැන දන්නා කෙනෙකුට දීම කොයිතරම් විද්‍යාත්මකද කියලා අපි බලාගෙන ඉඳිමු .(හේ)