කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී එච්එන්ඩීඒ සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ස්වාධීන ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අද (2) නිර්දේශ කළ බව එහි ලේකම් ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කළේය.
වැඩබලන පොලිස්පති පූජිත් ජයසුන්දර, බස්නාහිර පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධම්මික සිරිවර්ධන ඇතුළු පිරිස අද පොලිස් කොමිසමට පැමිණ සාකච්ඡා කිරීමෙන් පසු එම තීරණය ගෙන ඇත.
ඉදිරියේදී සිද්ධිය ආවරණය කළ මාධ්‍යවේදීන්ද කැඳවා පුළුල් විමර්ශනයක් කිරීමට බලාපොරොත්තුවන බවද ඒ මහතා කීවේය. අවශ්‍ය වුවහොත් පොලිස්පතිද කොමිසමට කැඳවීමට නියමිත බවත් අදාළ වාර්තාව සති දෙකක කාලයක් තුළ බලාපොරොත්තුවන බවත් කොමිසමේ ලේකම්වරයා පැවසීය.
ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ලැබී දින හතක් ඇතුළත ඒ බව දැන්විය යුතු අතර අංක 1770/19 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ ‘ඇ‘ කොටසේ ඇති දෑ සම්බන්ධයෙන් දින තිහක් ඇතුළත ද, ‘අ‘ සහ ‘ආ‘ කොටස්වල සිද්ධි සම්බන්ධයෙන් දින 60ක් ඇතුළත ද විමර්ශන අවසන් කළ යුතුය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවී, ඔයත් අපිට ප්‍රශ්නයක් තමයි. (නි)
පින්තුර ටික දැක්කේ නැද්ද.? (ර)
ඕනෑම ප්‍රශ්නයක් ඇති උනොත් එතැනට බවලතෙක් ගැවිලා ඇති. තමන්ගේ ගැහැනුකම පාවිච්චි කරන්න ඕන තමන්ටත් රටටත් යහපතක් වෙන හැටියට. නැතිනම් තමන්ගෙයි අර නිදහස් දවස දන්නේ නැති තරුවගෙයි වැඩි වෙනසක් නැහැ. (ර)
ඔලුවට පහරදෙන එකෙන් එක්කෝ මරණය හෝ නැත්නම් ආබාධිත තත්ත්වයට පත්වෙන්න පුලුවන් (නි)