ජාතික උසස් තාක්ෂණ සිසුන්ගේ විරෝධතාවට එල්ලවූ පොලිස් ප්‍රහාරයට වගකිව යුතු උසස් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම ලබන දහවැනිදා පැවැත්වෙන ත්‍රිපුද්ගල කමිටු සාකච්ඡාවෙන් පසුව සිදුකරන බව ජාතික පොලිස් කොමිසම පවසයි.
විනය ක්‍රියාමාර්ග ගැනීමකට ලක්ව සිටින්නේ ප්‍රධාක පොලිස් පරීක්ෂක තනතුරේ සිට ඉහළ තනතුරු දරන පොලිස් නිලධාරීන් පිරිසකට බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.
බදුල්ල විශ්‍රාමික ලේකම් සී.වී.ගුණවර්ධන මහතා සභාපතීත්වය දරන පොලිස් කොමිසමේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂක එන්.මොරගොල්ල,විමර්ශන නිලධාරී කේ.පී.චූලරත්න යන මහත්වරු අනෙක් සාමාජිකයෝ වෙති.
පොලිස් කමිටුව ඉකුත් 3 දා රැස්වූවද එහිදී පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹී නැතැයිද කුරේ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තීන්දුව ගත්තත්, පොලිස් නිලධාරීන්ට මානව හිතවාදීව කටයුතු කරන හැටි ගැන පුහුණුවක් දෙන්නම ඕනෑ (නි)
ගහපු අය නෙමෙයි ගහන්න අණ දුන්නේ කවුද කියලයි බලන්න ඕනෑ. එයාව මුලින්ම ගෙදර යවන්න. (නි)
අපි නම් අපේ තීරණය දීලා බොහොම කල්. (නි)
අන්තිමට පහත් තැනින් යයි ගලා ජලේ. පැනල දෙන අයට මේවා හොඳ පාඩම්. (ස)
නියෝග දුන් නිලධාරින්ට දඬුවම් නැද්ද? (නි)
මෙය පොලිසියේ පරාජයක් නොවේ. මේ මුළුමහත් සමාජයේම පරාජයක්. ගැටලු වලින් පළායන දේශපාලකයන්ටත්, සිසුන් උසිගන්වන අවස්ථාවාදීන්ටත් දෙවරක් සිතිය යුතු අවස්ථාවක්. නැත්නම් පොලිසියේ පසුබායාමට වගකියන්න වෙන්නේ, පරිප්පු කන්න වෙන්නෙත් අපිටම තමා. (නි)