IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘සිසුන්ට ගැසීමේ වගකීම ආණ්ඩුව භාර ගත යුතුයි‘

එච්එන්ඩීඒ සිසුන්ට වෝඩ් පෙදෙසේ දී එල්ල කළ ප්‍රහාරයේ දී හැළුණු හැම ලේ බින්දුවකටම මේ ආණ්ඩුව වග කිව යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

එම ප්‍රහාරයෙන් පොලිසියේ මෘග භාවය හා ම්ලේච්ඡත්වය පෙන්නුම් කළ බව ද ඔහු කීවේය.

මෙය යහ පාලනය නොව යම පාලනය බව ඔප්පු වෙන බවත් ඔහු සඳහන් කළේය.

webGamma_2015113



අදහස් (0)

‘සිසුන්ට ගැසීමේ වගකීම ආණ්ඩුව භාර ගත යුතුයි‘

ස්මිත් Tuesday, 03 November 2015 07:29 AM

එතකොට ඔහේගේ මහින්ද වැලිවේරියේ ගහපු එකටයි වෙළඳ කලාපෙයි ගහලා මරපු කටයි වගකීම ගත්තද? නිලධාරීන් පිටරට යැව්වේ රනිල්ද? (බ)

:       0       0

පද්මප්‍රිය Monday, 02 November 2015 07:23 PM

මෙතුමාට පුලුවන්ද පෙන්වන්න ආණ්ඩුව පොලිසියට අවවාද කළා කියලා, වැරදි විදියට බලය පාවිච්චි කරන්න? (නි)

:       0       0

පද්මප්‍රිය Monday, 02 November 2015 07:26 PM

පොලිසිය බලය වැරදි ලෙස පාවිච්චි කළ බව මට නම් සක්සුදක් ලෙස පැහැදිලිය. නමුත් මම සිතන්නේ නැහැ ආණ්ඩුවේ වැදගත් අය එසේය කියා (නි)

:       0       0

අතුල Monday, 02 November 2015 08:18 PM

එහෙනම් සියලුම ඩිප්ලෝමාවන්ට උපාධි තත්වය ඉල්ලමු. පසුව උසස් පෙළටත් උපාධි තත්වය දෙන්න සළකා බලමු. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 02 November 2015 12:02 PM

එකත් දේශපාලන වාසියකට හරවගත්තද? මෙවැනි දේවල් මිට කලින් සිද්ධ වෙලා නැහැ වගේනේ රඟපාන්නේ. (අ)

:       0       0

සමන් Monday, 02 November 2015 12:22 PM

ඉස්සෙල්ල අපි අර හොර වැඩේ එන ඒ කියන්නේ කොටස් විකුණලා තියෙන හැටි ගැන කතා කරලා ඉමුද! අපි නොදන්නා යමපාලනය! (අ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 02 November 2015 12:22 PM

මෙල්ලොන්ගේ කාලේ ගහපු ගැහිලි තාම අපට මතකයි (අ)

:       0       0

මංජුල Monday, 02 November 2015 10:49 PM

ඉස්සර කලින් ආණ්ඩුව, දැන් මේ ආණ්ඩුව (නි)

:       0       0

කල්පගේ Monday, 02 November 2015 12:52 PM

කලින් ආණ්ඩුව තියෙද්දී මේ වගේ දේවල් වෙලාම නැද්ද? (නි)

:       0       0

වසන්ත Tuesday, 03 November 2015 08:23 AM

ගම්මානපිල මැතිතුමනි දැන්ද ඇහැරුනේ , රතුපස්වල තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ, ඉල්ලුවේ පිරිසිදු වතුර දුන්නේ වෙඩි උණ්ඩ. (ස)

:       0       0

තිලක් Monday, 02 November 2015 11:55 PM

ආණ්ඩුව තමයි හැමදේටම පළි (නි)

:       0       0

සුනිල් Monday, 02 November 2015 01:11 PM

ලංකාවේ සිද්ද වූ පලවෙනි මේ වගේ සිද්දිය මේක නේද? මෙයාල රතුපස්වල සිද්දිය වෙනකොට කොහෙද ඉඳල තියෙන්නේ? මෙහෙමත් අහිංසකයන් හිටිය කියල අපි දන්නේ නැහැනේ. (අ)

:       0       0

ගිහාන් Monday, 02 November 2015 01:25 PM

අර රතුපස්වල ප්‍රශ්නයේදී එහෙම මේ අය කොහේද දන්නෙ නැහැ හිටියේ? (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 03 November 2015 12:46 AM

ඉගෙනගන්න තිබෙන කාලය නාස්තිකරගෙන කරන මේ වැඩ වලට ගහලා මදි එක අතකට බලනකොට (නි)

:       0       0

ගාමිණී Tuesday, 03 November 2015 09:46 AM

ගහපු එක වැරදියි ශිෂ්‍යයෝ කල වැඩෙත් වැරදි. දෙකම සමබරව කියන්ඩ. (ර)

:       0       0

අසංක Tuesday, 03 November 2015 10:11 AM

ඔබ තුමාගේ හැටි අපි දන්නවා. (ර)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 03 November 2015 01:55 AM

වතුර ඉල්ලූ ජනයාට තුවක්කුවෙන් උත්තර දුන් අයට මොකුත් නොකියා මෙම සිදුවීමට රජය වගකිවයුතුය කියා කීම තුළ යම් දෙයක් ගැබ් වී තිබෙනවා කියා හිතෙනවා(නි)

:       0       0

දුමින්ද Tuesday, 03 November 2015 01:56 AM

රටක වගකීම 'රජය'යි(නි)

:       0       0

දිනෙත් Tuesday, 03 November 2015 03:36 AM

රතුපස්වල සිද්ධියේදී කොහෙද දන්නේ නැහැ හිටියේ? (නි)

:       0       0

ලෝලිත Tuesday, 03 November 2015 03:37 AM

ඔයාලගෙ කාලෙ ඔයිට අන්තයි මහත්මයා. ඔයාල තමයි මේවා විනාස කළේ. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ වැඩේ කලේ ඔයාලා. (ස)

:       0       0

රසා Monday, 02 November 2015 02:02 PM

කිඹුල් කඳුළු... (ර)

:       0       0

ප්‍රදීප් Tuesday, 03 November 2015 04:18 AM

එතකොට රතුපස්වල කටුනායක මීගමුව තිබුණ උද්ඝෝෂණ වලදී වෙඩි තියලා මරපු ඒවද වගකී ගන්නේ මහින්ද මහතාද ? (බ)

:       0       0

ප්‍රසන්න Tuesday, 03 November 2015 04:27 AM

අතුල සියලු ඩිප්ලෝම වලට උපාධි තත්වය ඉල්ලන්නේ නෑ එයාල... එච්එන්ඩීඒ එකට ඉස්සර බී.කොම් උපාධියට සමාන කම දීල තිබුණ පසුගිය ආණ්ඩුවෙන් තමයි එ්ක නැති කරලා තියෙන්නේ...එච්එන්ඩීඒ සිලබස් එක ගනකාධිකරණයේ හොද වපසරියක් ආවරණය කරනවා....(බ)

:       0       0

සුනිල් Tuesday, 03 November 2015 04:26 AM

මේ හඳුනාගන්න, මේ තමා ටික කලකට බැටළු හම පොරෝගත්තු අය (බ)

:       0       0

පෙරුමාල් Tuesday, 03 November 2015 04:29 AM

මේ මොනව කිවුවත් හිරේ යන එක ෂුවර් (බ)

:       0       0

ශාන සෞදි Tuesday, 03 November 2015 04:46 AM

ඒකත් දේශපාලන වාසියකට හරවාගන්නද හදන්නේ? (නි)

:       0       0

ඩයස් Monday, 02 November 2015 02:26 PM

දැන් මේ ගුටිකාපු සිසුන්ට වගේම පොලිස් නිලධාරින්ට පොලිස් කොමිසම තියෙනවා තමුන්ගේ ප්‍රශ්න නිරාකරණය කරලා කවුරු අතින්ද වැරැද්ද වුණේ කියලා සොයාබැලීමක් කරන්න. නමුත් එදා රතුපස්වල මිනිසුන්ට යන්න තැනක් තිබුනෙ නැහැ. ඒ වෙනුවෙන් කතාකරන්න කෙනෙක් හිටියෙත් නැහැ (නි)

:       0       0

නුවන් Tuesday, 03 November 2015 05:12 AM

රතුපස්වල, කටුනායක, හලාවතදී මෙයාලා කොහෙද දන්නෙ නැහැ හිටියේ? (නි)

:       0       0

විජය Tuesday, 03 November 2015 05:20 AM

ඒ කතාවට මම විරුද්ධයි (නි)

:       0       0

ආනන්ද Tuesday, 03 November 2015 05:23 AM

හරි. එතකොට පාර හරහට වාඩිවෙලා වාහන ගමනාගමනයට අවහිරවන පරිදි සිටීම ගැන ඔබ මොකද කියන්නේ? උත්තරයක් දෙන්න. (නි)

:       0       0

වසන්ත Tuesday, 03 November 2015 06:12 AM

එයි මල්ලි රතුපස්වල මතකද වෙඩි තියලා මරපුවා. (ස)

:       0       0

නිශාඩ් Tuesday, 03 November 2015 07:18 AM

එතකොට පසුගිය ආණ්ඩුව කාලයේ සිදුවූ දේවල්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site