එච්එන්ඩීඒ සිසුන්ට වෝඩ් පෙදෙසේ දී එල්ල කළ ප්‍රහාරයේ දී හැළුණු හැම ලේ බින්දුවකටම මේ ආණ්ඩුව වග කිව යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
එම ප්‍රහාරයෙන් පොලිසියේ මෘග භාවය හා ම්ලේච්ඡත්වය පෙන්නුම් කළ බව ද ඔහු කීවේය.
මෙය යහ පාලනය නොව යම පාලනය බව ඔප්පු වෙන බවත් ඔහු සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔහේගේ මහින්ද වැලිවේරියේ ගහපු එකටයි වෙළඳ කලාපෙයි ගහලා මරපු කටයි වගකීම ගත්තද? නිලධාරීන් පිටරට යැව්වේ රනිල්ද? (බ)
මෙතුමාට පුලුවන්ද පෙන්වන්න ආණ්ඩුව පොලිසියට අවවාද කළා කියලා, වැරදි විදියට බලය පාවිච්චි කරන්න? (නි)
පොලිසිය බලය වැරදි ලෙස පාවිච්චි කළ බව මට නම් සක්සුදක් ලෙස පැහැදිලිය. නමුත් මම සිතන්නේ නැහැ ආණ්ඩුවේ වැදගත් අය එසේය කියා (නි)
එහෙනම් සියලුම ඩිප්ලෝමාවන්ට උපාධි තත්වය ඉල්ලමු. පසුව උසස් පෙළටත් උපාධි තත්වය දෙන්න සළකා බලමු. (නි)
එකත් දේශපාලන වාසියකට හරවගත්තද? මෙවැනි දේවල් මිට කලින් සිද්ධ වෙලා නැහැ වගේනේ රඟපාන්නේ. (අ)
ඉස්සෙල්ල අපි අර හොර වැඩේ එන ඒ කියන්නේ කොටස් විකුණලා තියෙන හැටි ගැන කතා කරලා ඉමුද! අපි නොදන්නා යමපාලනය! (අ)
මෙල්ලොන්ගේ කාලේ ගහපු ගැහිලි තාම අපට මතකයි (අ)
ඉස්සර කලින් ආණ්ඩුව, දැන් මේ ආණ්ඩුව (නි)
කලින් ආණ්ඩුව තියෙද්දී මේ වගේ දේවල් වෙලාම නැද්ද? (නි)
ගම්මානපිල මැතිතුමනි දැන්ද ඇහැරුනේ , රතුපස්වල තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ, ඉල්ලුවේ පිරිසිදු වතුර දුන්නේ වෙඩි උණ්ඩ. (ස)
ආණ්ඩුව තමයි හැමදේටම පළි (නි)
ලංකාවේ සිද්ද වූ පලවෙනි මේ වගේ සිද්දිය මේක නේද? මෙයාල රතුපස්වල සිද්දිය වෙනකොට කොහෙද ඉඳල තියෙන්නේ? මෙහෙමත් අහිංසකයන් හිටිය කියල අපි දන්නේ නැහැනේ. (අ)
අර රතුපස්වල ප්‍රශ්නයේදී එහෙම මේ අය කොහේද දන්නෙ නැහැ හිටියේ? (නි)
ඉගෙනගන්න තිබෙන කාලය නාස්තිකරගෙන කරන මේ වැඩ වලට ගහලා මදි එක අතකට බලනකොට (නි)
ගහපු එක වැරදියි ශිෂ්‍යයෝ කල වැඩෙත් වැරදි. දෙකම සමබරව කියන්ඩ. (ර)
ඔබ තුමාගේ හැටි අපි දන්නවා. (ර)
වතුර ඉල්ලූ ජනයාට තුවක්කුවෙන් උත්තර දුන් අයට මොකුත් නොකියා මෙම සිදුවීමට රජය වගකිවයුතුය කියා කීම තුළ යම් දෙයක් ගැබ් වී තිබෙනවා කියා හිතෙනවා(නි)
රටක වගකීම 'රජය'යි(නි)
රතුපස්වල සිද්ධියේදී කොහෙද දන්නේ නැහැ හිටියේ? (නි)
ඔයාලගෙ කාලෙ ඔයිට අන්තයි මහත්මයා. ඔයාල තමයි මේවා විනාස කළේ. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ වැඩේ කලේ ඔයාලා. (ස)
කිඹුල් කඳුළු... (ර)
එතකොට රතුපස්වල කටුනායක මීගමුව තිබුණ උද්ඝෝෂණ වලදී වෙඩි තියලා මරපු ඒවද වගකී ගන්නේ මහින්ද මහතාද ? (බ)
අතුල සියලු ඩිප්ලෝම වලට උපාධි තත්වය ඉල්ලන්නේ නෑ එයාල... එච්එන්ඩීඒ එකට ඉස්සර බී.කොම් උපාධියට සමාන කම දීල තිබුණ පසුගිය ආණ්ඩුවෙන් තමයි එ්ක නැති කරලා තියෙන්නේ...එච්එන්ඩීඒ සිලබස් එක ගනකාධිකරණයේ හොද වපසරියක් ආවරණය කරනවා....(බ)
මේ හඳුනාගන්න, මේ තමා ටික කලකට බැටළු හම පොරෝගත්තු අය (බ)
මේ මොනව කිවුවත් හිරේ යන එක ෂුවර් (බ)
ඒකත් දේශපාලන වාසියකට හරවාගන්නද හදන්නේ? (නි)
දැන් මේ ගුටිකාපු සිසුන්ට වගේම පොලිස් නිලධාරින්ට පොලිස් කොමිසම තියෙනවා තමුන්ගේ ප්‍රශ්න නිරාකරණය කරලා කවුරු අතින්ද වැරැද්ද වුණේ කියලා සොයාබැලීමක් කරන්න. නමුත් එදා රතුපස්වල මිනිසුන්ට යන්න තැනක් තිබුනෙ නැහැ. ඒ වෙනුවෙන් කතාකරන්න කෙනෙක් හිටියෙත් නැහැ (නි)
රතුපස්වල, කටුනායක, හලාවතදී මෙයාලා කොහෙද දන්නෙ නැහැ හිටියේ? (නි)
ඒ කතාවට මම විරුද්ධයි (නි)
හරි. එතකොට පාර හරහට වාඩිවෙලා වාහන ගමනාගමනයට අවහිරවන පරිදි සිටීම ගැන ඔබ මොකද කියන්නේ? උත්තරයක් දෙන්න. (නි)
එයි මල්ලි රතුපස්වල මතකද වෙඩි තියලා මරපුවා. (ස)
එතකොට පසුගිය ආණ්ඩුව කාලයේ සිදුවූ දේවල්? (නි)