IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සිසුන්ට ගුරුන්ට තර්ජන

ෆේස්බුක් සිද්ධියක් නිසා සිසුවියක දිවි නසා ගත් බව කියන කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයය සම්බන්ධයෙන් ළමා රක්ෂණ අධිකාරිය සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කළ විමර්ශන වල දී විදුහල්පතිට එරෙහිව සාක්කි දුන් සිසුන් සහ ගුරුවරුන් කිහිප දෙනකුට විවිධ තර්ජන එල්ල වී ඇතැයි කියිමන් ලංකා ගුරු සංගමය ළමා රක්ෂණ අධිකාරියට ලිඛිතව පැමිණිලි කළේය.

මිය ගිය වෙනූෂා ඉමන්දි බණ්ඩාර සිසුවියගේ සහෝදරියටත්, තවත් සිසු සිසුවියන් පිරිසකට පාසලට යෑමට නොහැකි තත්ත්වයක් ඇතැයි ද, ගුරුවරුන් පස් දෙනකුට එරෙහිව ද විවිධ ක්‍රියාකාරකම් සිදු වෙතියි ද ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගේ අත්සනින් ජාතික ළමා රක්ෂණ අධිකාරියට යැවුණු ලිපියේ සඳහන්ය.

මාර්තු 19 වැනි දා ගුරුවරයකුගේ නිවසට ගල් ගසා ඇති බවත්, අප්‍රේල් 03 වැනි දා ගුරුවරුන් පස් දෙනකුගේ පඹයන් පාසල ඉදිරිපිට පිළිස්සූ බවත්, පසුගිය 21 වැනි දා මෙම ගුරුවරුනට එරෙහිව විවිධ ප්‍රකාශ පාසල තුළ ලියා තිබුණු බවත් ගුරු සංගමය කියයි.



අදහස් (0)

සිසුන්ට ගුරුන්ට තර්ජන

ඉසුරන්දි Monday, 28 April 2014 01:24 PM

අනේ මන්දා! ගුරුවරු දැන් කාලේ හරිම පහත් තත්ත්වයට වැටිලා. (නි)

:       0       0

වරුණ Monday, 28 April 2014 02:13 AM

වැරැද්ද කරලා තව බලපෑම් කරන්නත් එනවා (දී)

:       0       0

ලාල් Sunday, 27 April 2014 04:50 PM

වැරැද්ද කරලා තව තර්ජනත් කරනවා (දී)

:       0       0

ගැමා Sunday, 27 April 2014 05:03 PM

මෙය පිටුපස දේශපාලනය ඇති නිසා ඇත්ත කතා කල ගුරුවරයින්ට සහ ළමයින්ට පාසලට යාමට තබා ගෙදර ඉන්නටවත් බැරි තත්වයක් උදාවී ඇතිබව මෙයින් පෙනේ. (නදී)

:       0       0

ප්‍රසංග Monday, 28 April 2014 07:14 AM

ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් තමා හොද. තවමත් කරන්නේ වැරදි.(නදී)

:       0       0

පිටිගල Sunday, 27 April 2014 06:01 PM

මේ විදුහල්පති දේශපාලකයෙකුගේ හිතවතෙක්. කොහොම හරි මොහු දිනනවා.(නදී)

:       0       0

ශ්‍යාමා Sunday, 27 April 2014 08:34 PM

මොහු තාමත් රටේ නීතියට යටත් නැ වගේ. ආයේ වතාවක් කුඩුවට දමා එලියට දමනු.(නදී)

:       0       0

චමල් Monday, 28 April 2014 10:51 AM

ඒ මියගිය ළමයාගේ විස්තර හොයල බැලුවම මුහුණු පොත පොස්ට් , සුපෙර් ස්ටාර් ) මේ ළමය ටිකක් සීමාව ඉක්මවා ගිය බවක් පේනවා . විදුහල්පති විතරක් මෙනෙයි, මේ ළමයත්, එයාගේ දෙමවුපියොත් මේකට වග කියන්න ඕනේ . එහි වැඩි වගකීම දෙමවුපියන්ට නිසා විදුහල්පති තුමා මේකෙන් නිදහස් විය යුතුයි. (අ)

:       0       0

විච්ක්රම Sunday, 27 April 2014 10:16 PM

මට තේරුම් ගන්නට බැහැ අපේ රටේ මිනිස්සු මෙතරම් අනුවන හා දුෂ්ට අයද කියා.කරුණාකර සොයා බලන්න මෙම ගුරුවරු පාසැල තුල කලේ කුමක්ද කියා .වසර 3-4ක කෙටි කාලය තුල එවකට තිබු දුෂණ ,අද්‍යාපන හා පරිපාලන කඩා වැටීම නතර කර පාසැල ගොඩගත් ගුරු පියාට විරුද්දව කුමන්ත්‍රණය කර පාසැල නැවත අගාදයට හෙලු මෙවැනි ගුරු හොරු උතුම් ගුරු තනතුරෙන්ම පලවා හැරීය යුතුය. වෙනුෂා ගේ මව හා හිතවත් කීප දෙනෙකු සමග එක්ව තම පුද්ගලික තරහා පිරිමහා ගන්නට දගලන මේ ගුරු හොරුන් ,නින්දෙන් බයවී නැගිට මන්දබුද්දීකයන් සේ කටයුතු කරන ළමා රක්ෂණ අදිකාරිය, මාද්‍ය ගණිකා වර්තියේ යොදවන වසලයන් හා අලුතින්ම එක්වූ නඩය ගුරු සංගමයයි.මිල මුදලට හා වෙනත් ලාබ ප්‍රයෝජන වෙනුවෙන් ආත්මය පවා නොදී රටේම පාසල් දරුවන්ගේ අද්‍යාපනය ගැන සිතා සත්‍ය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න නැතිනම් පින් සිදුවේවි කුමන්ත්‍රණකරුවන් හා එක් නොවී සිටින්න. (දී)

:       0       0

කලන Sunday, 27 April 2014 11:31 PM

තවත් වරදක් මේකත් අල්ලලාම නඩු දාන්න (දී)

:       0       0

ඈන් විතානගේ Sunday, 27 April 2014 11:42 PM

මම හිතන්නෙත් නීතියෙන් සියලුම දෙනාට දඩුවම ලැබෙයි. හැබැයි ෆේස්බුක් පාසැල් ළමුන්ට සුදුසු දෙයක් නෙමෙයි... ඒක තමයි මේ හැම හේතුවකටම හේතුව.... හැම පාසලකම විනයක් තියෙන්න ඕනේ... ඒකේ් අගේ කෙනෙකුට තේරෙන්නේ සමාජයට ගිහින් ජීවත්වෙන්න පටන් ගන්නකොටයි... වැඩිහිටියෙකු විදිහයට ජීවත්වෙනකොටයි.... විනය ඉගැන්විය යුත්තේ පාසල් අවදියේ තමයි... එහෙම නැතිව හැරමිටෙන් යන කාලෙක නෙමෙයි... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site