ගම්පහ දිස්ත්‍රිකක්යේ මාධ්‍යවේදීන්ට දිගින් දිගටම එල්ලවන තර්ජන සහ පහරදීම් සම්බන්ධයෙන් විරෝධය පලකරමින් ගම්පහ දුම්රිය පොළ ඉදිරි පිටට අද උදෑසන පැමිණි ගම්පහ මාධ්‍යවේදීහු තම කැමරා ආම්පන්න බිම තබා තමන්ට දිගින් දිගටම සිදුවන හිරිහැර හෙළා දුටහ.
ගම්පහ පොලිසිය විසින් ආරක්ෂක රැකවල්ද යොදා තිබිණි.
ගම්පහ බණ්ඩාරනායක විදුහලේ පිරිසක් ගෙය ගිය උද්ඝෝෂණයක් වාර්තා කිරීමට පෙරේදා (3) ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනකුට සිසුන් පිරිසක් පහර දීම සම්බන්ධයෙන් සහ වැලිවේරියේ යුද එහුදාව සහ ගැමියන් අතර පැවැති ගැටුම වාර්තා කිරීමට ගිය ගම්පහ මාධ්‍යවේදීනට සිදුවූ හිංසාවන්ට විරෝධය පළ කරමින් මෙය සංවිධානය කර තිබිණි.
එදා වැලිවේරියේදි යුද හමුදාව හැසිරුණු ආකාරයටම මෙදා එම පාසලේ සිසුන්ද පළමුව සී.සී.ටී.වී කැමරා කුඩු කර දෙවනුව මාධ්‍යවේදීන් සොය සොයා පහර දීමට පෙළඹීමද මෙහිදී දැඩි දෝෂරෝපනයට ලක් විය.
මෙහිදී අදහස් දැක් වු මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුම කියා සිටියේ එම පාසලේ ශිෂ්‍ය භට ඛණ්ඩ සිසුන්ට ලබා දෙන්නේ හමුදා පුහුණුවක් බැවින් එදා වැලිවේරියේ යුද හමුදාව හැසිරුණු ආකාරය පුර්වාදර්ශයට ගෙන සිසුන් පාසලේ සී.සී.ටී.වී කැමරා මුලින්ම විනාශ කොට මාධ්‍යවේදීන්ගේ කැමරා උදුරගෙන දත්ත මකා දැමීමටත් සොය සොයා පහරදීමටත් පෙළඹීම ඉතා ශෝචනීය තත්වයක් බවයි.
පාසල් දරුවන් යනු තවත් දෙයක් අනුකරණය කිරීමට ඉතා ඉක්මනින් පෙළඹෙන බවත් පැවසු මාධ්‍යවේදීහු මෙම ක්‍රමය දිගටම පැවතුනහොත් ඉදිරියේදි මොන්ටිසෝරි දරුවන් පවා මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීමට පෙළඹෙනු ඇති බවත් කීහ.
මෙම උද්ඝෝෂණය දරුවන්ට විරුද්ධව සිදු කළ දෙයක් නොව වැරදි පුර්වාදර්ශ ගනිමින් හැසිරීම හෙළා දැකීමක් බවත් මාධ්‍යවේදීහු කිහ.
මෙම විරෝධතාවය සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතනවල මෙන්ම පෞද්ගලික මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීහු රැසක් සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ඉන්න සමහර ළමයි ගැන කතා කරන්නත් ලැජ්ජයි. ජනමාධ්‍යකරුවන්ට පහරදෙන මොවුන්, ලොකු උනාම මොනවා නොකරයිද? ඇත්තටම මේකට වගකිවයුතුවන්නේ ළමයි විතරක් නෙවි, ඒක සාධාරණීය කරන ඊනියා දෙමාපියන් ඇතුළු වැඩිහිටි පිරිස. (නදී)
පොඩ්ඩක් හිතල බලන්න ඕන අපි මේ සිද්ධියෙන් පස්සේ ඉස්කෝලේ ගැන රටට යන්නේ මොන විදිහේ පණිවිඩයක්ද කියලා.
අද සමහර ජන මාධ්‍යකරුවන් කැමරාවයි පෑනයි අතේ තියන් කෙන්ද කන්ද කරනවා. (නදී)
මෙලෙස හෑසිරුනු සිසුන් සම්බන්දව දෑඩි ක්‍රියාමාර්ගයක් රජය සහ පොලිසිය ගත යුතුයි..කිසිදු අවස්තාවක සිසුන්ගෙ ක්‍රියා කලාපය සාදාරනි කල නොහෑකියි.(නදී)
මේ ළමයි නීති ගැන දන්නේ නැහැ. (නදී)
නිතිය අවනීතිය වුණු රටක මේවා තව තවත් බලාපොරොත්තු වෙන්න පුළුවන් (දිල්)
එක දෙක කරලා පෙන්නන්න එපා. කවුරුවත් විදුහලේ සැබෑවටම වුනේ මොකක්ද කියල කීවේ නැහැ. ළු පාසලේම සිසුන්ට මඩ ගහන්න එපා. ගුරුවරු කිහිප දෙනෙක්ගේ මෙහෙයවීමෙන් පැමිණි මැරයන් තමයි දොරවල් කඩලා,තර්ජනය කරලා සිසුන්ව බලහත්කාරයෙන් උද්ගොෂණයට ඇදලා ගත්තේ. මාධ්‍යවේදීන්ට ගැහුවේ මැර සිසුන් කිහිප දෙනෙක්. අර ගුරුවරුන්ට උවමනා වුනේ මාධ්‍යවේදීන්ට ගහලා විදුහල්පතිගේ පරිපාලනය දුර්වලයි කියලා ප්‍රසිද්දියක් ගන්න. බොහොමයක් උසස්පෙළ සිසුන් මේ සිද්දියට විරුද්දයි. නමුත් ආයුද සන්නද්දව ආපු මැරයන් සමග අනවශ්‍ය ගැටුමක් ඇතිකරගන්න ගියේ නැහැ. කරුණාකර බාහිරින් සිද්දිය බලන්නේ නැතිව පාසල් පරිපාලනය තුල ඇතිවුණු ආරවුල් ගැන, විදුහල්පතිගේත් ඔහුට විරුද්දව උද්ගෝෂණ සංවිදානය කල ගුරුවරු කිහිපදෙනගේත් වංචා හා දුෂණ ගැන සහ සිසුන්ට බලපෑම් කල මැරයන් ගැන සොයන්න.(නදී)
දිගින් දිගටම කෙන්ද කන්ද කරලා සමස්ත පාසලටම අපහාස කරනවා නම් මීට පස්සේ ඔය පින්තුර වල ඉන්න අයට ගම්පහ තහනම් නගරයක් වෙයි.(නදී)
මේ අයට දඩුවම් කලේ නැත්නම් සියලු දරුවන්ම අනතුරේ.(නදී)
ඇමති කෙනෙක් ගැහුවාමත් මෙහෙම කරනවද? (නදී)
ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනෑම නැත. හමුදාව යෙදවීමද, මාධ්‍ය එබීමද එලෙසමය. (නදී)
ගොඩක් ජනමාධ්‍ය වේදියෝ අද ඉන්නේ පිටරට.(නදී)
දරුවන්ට තමන්ගේ පාඩුවේ ඉගන ගන්න ඉඩ දුන්නා නම් ඔය කිසි අවුලක් වෙන් නැහැ.(නදී)
අනේ මාමේ කව්ද මාධයට අත තිබ්බේ. අපි අත තිබ්බේ ඔය ගොල්ලන්ටනේ.(නදී)
ජනමාධ්‍යකරුවන් කඩේ නොයා යුතුයි. යතාර්ථය තේරුම්ගන්න.(නදී)