කොළඹ වෝඩ් පෙදෙසේ විශ්විවද්‍යාල කොමිසම ඉදිරියේ විරෝධය පෑමට ගිය සිසුනට පහරදීමෙන් පොලිසිය එම සිසුන්ගේ මානව හිමිකම් කඩකළ බවත් පහරකෑමට ලක්වූ සිසුනට වන්දි ගෙවිය යුතු බවත් පහරදුන් පොලිස් නිලධරයින්ට එරෙහිව නීති මගින් ක්‍රියා කළ යුතු බවත් මානව හිමිකම් කොමිසම අද තීරණය කළේය.
පොලිස් බැටන් ප්‍රහාරයට ලක්වූ සජිනි සන්දීපනී කුමාරසිංහ ශිෂ්‍යාවට රුපියල් 25000 ක වන්දියක්ද,නුවන් ප්‍රදීප් කුමාර,අයේෂ් රත්නසූරිය,සුපුන් නිශාන්,ෂාතිමා හනීනා හුසේන්,සඳුනි චන්ද්‍රසිරි,බුද්ධි උක්වත්ත,නිලූකා නයනා හා ජීවා රූපසිංහට රුපියල් 15000 බැගින් ගෙවිය යුතු බවත් කොමිසම තීන්දු කළේය.
පසුගිය ඔක්තෝබර් 29 වැනිදා උද්ඝෝෂණය කළ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා සිසුනට පහරදීම පිළිඹදව කොමිසම මෙම පරීක්ෂණය පැවැත්වීය.පොලිස්පති ඇතුළු 12 දෙනෙක් වගඋත්තකරුවෝ වූහ.
මෙම පහරදීමෙන් පසු පොලිසිය කියා සිටියේ දුවද්දී බිම වැටුණු ශිෂ්‍යාවන් නැගිට සිටුවීමට පොලිසය උදව් කළ බවයි.
ජාතික බලය සංවිධානය හා ලහිරු වීරසේකර පැමිණිල්ල ඉදිරිපත් කළේය.
සිසුන්ගේ අයිතිවාසිකම් කඩවන අයුරින් කටයුතු කර ඇති නිලධාරීන් කවුරුන්ද යන්න හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට 2016.03.01 ට පෙර මානව හිමිකම් කොමිසමට වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් නිර්දේශ කෙරිණ.
වර්තමානයට ගැලපෙන ආකාරයට නීති විරෝධී මහජන රැස්වීම් පාලනය කිරීමට හා කැරලි මර්දනය කිරීමට සුදුසු ක්‍රමවේදයක්ද එදිනට සකස් කර ඉදිරිපත් කරන ලෙස නියම කෙරිණ.
ආචාර්ය දීපිකා උඩගම (සභාපතිනිය),සාලිය පීරිස්,අම්බිකා සත්කුණනාදන්,හමීඩ් ගසාලි හුසේන්,ආචාර්ය යූ.විදානපතිරණ යන කොමසාරිස්වරු මේ තීන්දුව ප්‍රකාශයට පත්කළහ.
මේ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව පහතින් ලබාගත හැකිය.
https://drive.google.com/file/d/0BzKsV1L1Xz8nSHJxdl8xZ1cyUlU/view?usp=sharing
ඡායාරූප ලහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීන්දුව ගැන සතුටුයි (නි)
මින් පසුවවත් සිසුන්ගේ හෝ රජයේ සේවකයින්ගේ උද්ඝෝෂණ නිසිලෙස වැළැක්වීමට රජය පියවර ගත යුතුයි (නි)
බෙහෙත් ගන්න්නත් මදි. ලෝක වන්දියක් නේ දීල තියෙන්නේ? (ස)
යම් කෙනෙක් උද්ඝෝෂණයක් කරන්නේ යමක් ලබාගන්න. ඒ සඳහා රජය ගතයුත්තේ යහපත් පියවරය. නැතුව පහරදීම නොවේ. (නි)
ඒ වගේම තමයි උසස් අධ්‍යාපන සිසුන් තේරුම්ගන්න ඕනෑ තමන්ගෙන් රටට යම් යුතුකමක් ඉටුවෙන්න තිබෙන බව. රැකියා කරමින් මිනිස්සු බදු ගෙවන්නේ පුළුවන්කමකට නෙමෙයි. මේ අවස්ථාවේ සිදු වූ තදබදයෙන් මහා රෝහලේ සැත්කම් පවා කල්දැමුනා. තමන්ට සියලුම දේවල් ආණ්ඩුව සහ රටේ මිනිස්සු කරලා දෙන්න ඕනෑ කියන පටු ආකල්පයෙන් මිදෙන්න. (නි)