කොළඹ හැව්ලොක් පිළේ රග්බි ක්‍රීඩකයකු වූ මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් සීටීටීවී ආරක්ෂක කැමරා දර්ශන ගැන දින 14කින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා කොළඹ විශ්ව විද්‍යාලයයට අද නියෝග කළේය.
එම දර්ශන සහිත සංයුක්ත තැටි හතරක් විශ්ව විද්‍යාලයයට යොමු කරන බවත්, සිද්ධියට අදාළ වාහනය වැනි වාහනයක් එහාට මෙහාට යන ආකාරය එම දර්ශනවල සටහන්වී ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
එම දර්ශනය සම්බන්ධයෙන් විදේශ විශේෂඥ යන්ගේ සහාය අවශ්‍ය නම් ඒ සඳහා අවසර ලබා දෙන බව ද මහේස්ත්‍රාත් කීවේය. මෙම පරීක්ෂණ සඳහා නිලධාරීන් මදිකමක් ඇත්නම් අවශ්‍ය ප්‍රමාණයට නිලධාරීන් සපයා ගන්නැයි දැනුම් දුන්නේය.
මුල් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අවුරුදු දෙක හමාරක් තිස්සේ ප්‍රමාද වීම ප්‍රශ්න සහගත යැයි මහේස්ත්‍රාත් තාජුදීන්ගේ ශරීරයේ කොටස් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි වෛද්‍ය සභාවට නියෝග කළේය.
තාජුදීන්ගේ අස්ථි අධිශීතකරණයේ තබන ලෙස සුළු සේවකයන් දෙදෙනකුට කීවේයැයි හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර මහතා දන්වා තිබූ අතර තමන්ට එලෙස දැනුම්දීමක් නොකළ බව සුළු සේවකයෝ දන්වා තිබිණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කලින් විමර්ශනය කළ පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස රහස් පොලිසියට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා එම නිලධාරීන් සත්‍ය තොරතුරු වසන් කර ඇත්දැයි සොයා බලන ලෙස නියෝග කළේය.
මේ අනතුර රිය අනතුරකින් සිදු නොවූවක් බව පෙනී යන බවත් සියලු වාර්තා පරීක්ෂා කර ඊළඟ දිනයේ නියෝග නිකුත් කරන බවත් මහේස්ත්‍රාත් කීවේය.
ජනවාරි හත් වැනි දාට නඩුව කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියෙන් නැතිවුණත් සොබාදහමින් හෝ දැඩි දඬුවම් ලැබේවි. එතෙක් අපි ඉවසලා ඉන්නවා. (නි)
අපරාධකරුවන් රටින් පනිනතුරු පරීක්ෂණ කර කර නම් ඉන්න එපා (නි)
එතකොට කලින් පොලිස් පරීක්ෂණවලදී එකට බීපු යාළුවො දීල තියෙන්නේ බොරු සාක්කිද? (බ)
කව්රු කළත් දඩුවම් කරන්න ඕනේ. (බ)
ඔක්කොටම කලින් ඉස්සරවෙලා පරීක්ෂණ කරපු අය අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න ඕනේ. (බ)
මට හිතෙන විදිහට මේ පරීක්ෂණ සම්බන්ධයෙන් වැරදි සාක්ෂි ඉදිරිපත් කරන්න ඉහළින් තිබ්බ කාගේ හරි ලොකු බලපෑමක් මුලිකව හේතුවෙන්න ඇති.(ම)
කොහොමහරි වැරදි කර ඇති අයට දඬුවම් දෙමු. (ර)
මාස එකොළහක් ගත වෙලා ගියා ඇවන්ගාර්ඩ්. තජුදින් හැර වෙන කිසිවක් නැ. දැන් මේ දෙකම අපේ රටේ කෝකටත් තෛලය වෙලා. (ර)
රටට අගනා ක්‍රීඩකයෙක් සාහසිකයන් විසින් අහිම් කළේය. (ර)
බලමුකෝ මොකද වෙන්නේ කියලා. (ර)
මේවට උත්තර ලියල වැඩක් නෑ. මොකද ලියන්න ගත්තොත් සැරටම කොමන්ට් ලියවෙනවා. (ර)
අතීතය පමණක් රටකට ඇතිද.? (ර)
කිංග්ස්ලි, රටේ සහ ජනතාවගේ සුබ සිද්ධියට අදාළව මහා වැඩ ගොඩක් කෙරීගෙන යනවා. ඒවා පසුගිය කාලේ වගේ සංදර්ශනවලින් පෙන්නන්න ඕනි නැහැ. රටේ පටිපාටි සියල්ල සමාන්තරව සිදුවිය යුතුයි. බහුතර ජනතාව නිහඬව හිටියට ඔවුන් ඒ බව තේරුම් අරන් තියෙන්නේ. (බ)
සමීර පොඩ්ඩක් කියන්නකෝ බලන්න මොනවද රටේ කෙරීගෙන යන්නේ කියල . කොටි නිදහස් වෙනවා හමුදාව හිරගෙට යවනවා. බහුතර නෙවෙයි අතිමහත් බහුතරයක් තේරුම් අරගෙන තියනවා කරගත්තු විනාශය ගැනනම් (බ)