ශ්‍රී ලංකාවට ගෙන්වන රෙදිපිළි සඳහා සේස බද්දක් අයකිරීම අසාධාරණයක් බවත් සෑම රෙද්දකින් ම එකම බද්ධක් අයකිරීමෙන් රෙදි පිළි අපනයන වෙළෙන්දන් දැඩි අසීරුතාවකට මුහුණ දෙන බවත් පවමින් සෙස් බද්ධට විරෝධය පෑ පාගමනක් අද කොළඹ කොටුවේ දී පැවැත්විණි. නිමි ඇඳුම් ගෙන්වා බෙදා හරින්නන්ගේ සංගමය මෙය සංවිධානය කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්, මේවා රෙදි නොවෙයි .පිටරටවල මැසූ ඇඳුම්. අපේ රටේ මහන ඇඳුම් හොඳ නැද්ද ? (නි)
සරත්, ජනවාරි 8 වෙනිදාට කලින් ඔහොම කට්ටිය කිවුවේ නැහැනේ (නි)
ඉන්න කට්ටියෙන්ම පේනවා කාටද රිදිලා තියෙන්නේ කියලා. ආනයනය කරන රෙදි වලට බදු ඉවත් කළොත් දේශීය රෙදිපිළි නිපදවන අය කෑගහනවා ඒ අයට අසාධාරණයි කියලා. (නි)
නිමි ඇඳුම් අඩුවට ගෙන්වීම තුළින් රටේ ගෘහස්ත රෙදිපිළි නිමවුම් කර්මාන්තය සැහෙන වැටුනා. රටේ කර්මාන්ත දියුණු කීරීමට ආනයන බදු වැඩි කළයුතුය. ගෘහ කර්මාන්ත මඟින් මේ රටේ සෑහෙන පිරිසක් යැපෙනවා. (නි)
සෙස් බදු වැඩිකිරීම ඉතා හොඳ දෙයක්. මෙයින් දේශීය ඇඟලුම් නිෂ්පාදකයින් ආරක්ෂා වෙනවා (නි)
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් අය වර්ජන කරන එක හරිද? (නි)
සෙස් බද්ද වැඩිකරන එකමයි හොඳ (නි)
බදු ගහන්නත් එපලු. සහනාධාරත් වැඩි කරන්න ලු,කාර් පර්මිට් දෙන්නම ඕනෙලු, ගෑස් අඩු කරන්න ලු. පඩි වැඩි කරන්න ලු ණය ගන්නත් එපයි ලු ඇත්තටම ජනාධි පති ගෙදරින් ගෙනල්ලද අදායම් පරතරය පුරවන්නේ ? (අ)
අපි රෙදි ඇඳලත් ඉවරයි වගේ (නි)
නිමි ඇඳුම් ගෙන්වීම අපේ නිමි ඇඳුම් නිෂ්පාදනය කරන්නන්ට පහර වැදීමක් .ගෙන්වීම සිමා කල යුතුයි නේද ? පරණ වාහන කැබලි ,පරණ පරිගණක යනාදියට බදු වැඩිකළ යුතුයි , (අ)
කොහොමද වෙනස? (නි)
කොයි බද්දත් සාධාරණ නැහැ. (ර)
පහුගිය රජයේ දුෂණ නවතා ඉතුරු කරගත් සල්ලි කෝ? (නි)
සරත්, ඡන්දෙට ඉස්සර කිව්වේ සාක්කු දෙකේම සල්ලි පුරවාගෙන යන්න සළස්වනවා කියලා නේද? දැන් අමතකද? (නි)
රට ගොඩගන්න නම් බදු අත්‍යවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි, රැකියා කරන සෑම පුරවැසියෙකුගෙන්ම බදු අයකර ගන්න ඕනෑ. ආදායම අනුව අයකර ගැනීමේ ප්‍රතිශතයත් වෙනස් කරලම වැඩේ පටන්ගන්න ඕනෑ. නැත්නම් හැමදාමත් උපතේ ඉඳලා මරණය දක්වාම ලෝකෙට අතපාන හිඟාකන ආර්ථිකයක් තමයි අපිට උරුම වෙන්නේ (නි)
අපේ රටට නිමි ඇදුම් ආනයනය කරන්නත් ඔනද? ගොඩක් බටහිර රටවලට අපේ රටෙන් නිමි ඇදුම් අපනයනය කරනවා. ඒ රටෙන් අදාල වෙළෙඳ නාමය ගසා විකුණන එකයි කරන්නෙ. ඔය ව්‍යාපාරිකයන් කරන්නෙ එහෙම වෙළෙඳ නාම ගැසූ ඇදුම් නැවත අපේ රටටම ආනයනය කරන එක. අපිම මහපු ඇදුමට පිර රටට සල්ලි ගෙවන එක ජාතික අපරාදයක්. ඔය බද්ද වැඩි කරන්නමයි ඕන. (අ)
මහජන මුදලින් යැපෙන, ගසාකන, හොරකම් කරන දේශපාලකයො ටිකක් අඩුකළා නම් සම්පූර්ණ අයවැය පරතරය නැතිකළ හැකියි. (නි)
හැමතැනම උද්ඝෝෂණ! (නි)
අපේ රට චීන හෝ ඉන්දියාවේ කොලනියක් කරන්න. එතකොට අපේ සිංහලයන්ට බදුනොගෙවා සියලුදේට සහන ලබාගත හැකිවේවි. සැමදාම ණයට කන්න බලාගෙන ඉන්න අපේ මිනිස්සු. (නි)
සරත්, රටකට තිබෙන්න ඕනෑ හොඳ ඉදිරිදැක්මක්. රට ඇතුළට විදේශ විනිමය ගලාගෙන එන මාර්ග ඇතිකරන්න ඕනෑ. එහෙම නැතුව ජනතාව මත අසීමිත බදු බර පටවලා ගොඩයන්න හිතන එක ආණ්ඩුවේ නොහැකියාවක් (නි)