ලන්ඩන් නුවරින් සැතපුම් 400 ක් පමණවූ උතුරු දිග්භාගයේ ප්‍රධාන නගරයක් වන ලීඩ්ස් හි රෝමානු කතෝලික පාසලක ජනප්‍රිය ගුරුවරියක් එම පාසලේම 15 හැවිරිදි සිසුවෙකුගේ පිහි පහරකට ලක්ව මිය ගියාය.
මුළු රටම කම්පා කරවූ මේ පුවත අද එංගලන්තයේ ප්‍රධාන පුවත ලෙසට සියලුම මාධ්‍ය වාර්තා කර ඇත.
61 හැවිරිදි ඈන් මාගරී පාසලේ ජනප්‍රිය ගුරුවරියක වුවාය. පාසලේ අනෙකුත් සිසු න් ඉදිරියේ ඇය පිහිය අනුමකට ලක්වුයේ එම පාසලේම 15 හැවිරිදි සිසුවෙකු අතිනි. රෝහල් ගත කිරීමට ප්‍රථමයෙන් ඇය ජීවිතක්ෂයට පත්වුවාය. ඇයට පහර දුන් සිසුවා පොලිස් අත් අඩංගුවට පත්විය. අපරාධය සඳහා යොදාගත් පිහියද සොයා ගැණිනි.
බ්‍රිතාන්‍ය අගමැතිවරයාද මෙම අපරාධය හෙළා දැක්කේය.
බ්‍රිතාන්‍යයේ ළිහිල් නීති රීති පද්ධතිය, අසාමාන්‍ය මානව හිමිකම් වරප්‍රසාද, පාලනයකින් තොර විදේශ සංක්‍රමණකයින්ගේ උද්ධමනය වැනි දෑ මෙවැනි අපරාධ රැල්ලක් බිහිවීමට කෙතරම් දුරට බලපාන්නේද යන්න පිළිබඳව දැන් කතා කිරීමට පටන්ගෙන ඇත.
අද බ්‍රිතාන්‍යයේ ඉංග්‍රීසි කාරයින් හට ඇති තැන පිලිබඳ ප්‍රශ්නයක් මතුව ඇතිබව පවසන අයද මේ අතර සිටිති.
යුරෝපීය හවුලේ නීති රීති අනුකුලව පරණ සෝවියට් සමුහාණ්ඩුවට අයත් සිට දැන් නිදහස් රාජ්‍යයන් බවට පත් යුරෝපීය සංගමයේ සාමාජිකත්වය ලබා ඇති බොහෝ රටවල මිනිස්සු පවුල් පිටින් එංගලන්තයටපැමිණෙති.
යුරෝපිය සංගම් නීතියට අනුව මේ අයට ඉඳුම් හිටුම් රැකීරක්ෂා සැපයීමට හෝ එතෙක් අවශ්‍ය සහනාධාර සැපයීමට එංගලන්තය බැඳී සිටී. ජර්මනියේ, ඉතාලියේ හෝ ප්‍රංශයේ මෙවැනි නීතියක් ක්‍රියාත්මක වන්නේ නැත. මේ නිසා මේ සියලුම දෙනා සමුහ වශයෙන් පැමිණෙන්නේ බ්‍රිතාන්‍යයටය.
මේ නිසාම යුරෝපීය සංගමයෙන් ඉවත්විය යුතුබවට බලවත් හඬක් බ්‍රිතාන්‍යයේ පැනනැගී ඇත. ලබන මාසයේ පැවැත්වෙන යුරෝපීය පාර්ලිමේන්ති මැතිවරණයේදී මෙම ප්‍රශ්නය ප්‍රධානම අංගය බවට පත්ව ඇත. මේ නිසාම මෙවර මැතිවරණයේදී අලුතෙන් පිහිටුවා ඇති යුරෝපීය සංගම් විරෝධී නිදහස් පෙරමුණ නම්වූ පක්ෂය බ්‍රිතාන්‍යයේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ අභිබවා යන තරමේ ජනප්‍රියත්වයක් දිනාගැනීමට සමත්වී ඇත.
එංගලන්තයේ අද පවතින අසීමිත අපරාධ රැල්ල මේ වෙනස ඇතිකිරීමේ එක් හේතුවක් බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්දියේ සුලමුල හරි හැටි නො දන්නා අපි මොකටද මොකුත් කියාගන්නේ? (දී)
අයිවන් සුද්දෝ මොකක්ද අපේ රටට කරපු අපරාදේ මොකක්ද කියල කියන්න බලන්න .අර අහිංසක ගුරුතුමීව මැරුවේ අපේ රටට සුද්දෝ අපරාද කරන හින්ද ?අනේ මේ ලියන්න දෙයක් නැත්නම් නිකන් ඉන්න විකාර කතා නොලිය .එහෙනම් ලංකවේ එවන් කරන අපරාද වලට මුළු රටටම පිහියෙන් අනින්න වේවි (දී)
හෙට අනිද්දට ඕවා ලංකාවෙනුත් අහන්න ලැබෙයි. මොකද ළමයෙකුට දඬුවම් කළහම පෙළපාලි යන උද්ඝෝෂණ කරන, ගුරුවරු දණ ගස්වන අම්මලා අප්පලානේ ලංකාවෙත් දැන් ඉන්නේ. (නි)
ගුරු පඩුරු.... (දී)
මේ යන විදිහට ගියොත් හෙට ලංකාවේ මොනවා වෙයිද (දී)
අපේ නම් ඇඟ හිරිවැටෙනවා කතාව අහුවාහම නමුත් ඒ රටේ සාමාන්‍ය දේවල් (දී)
දුක්මුසු පුවතක්! ඉතිහාසයේ ඉංග්‍රීසින් අතින් සිදුවුණ සමහර සිදුවීම් බැලුවහම මේවා එංගලන්තෙන් ලෝකේ අනෙක් රටවල ගිහින් මිසක් අනෙක් රටවල්වලින් ආවා වෙන්න බෑ. (ස)
මේ වගේ දෙයක් වාර්තා වුණ පළවෙනි වතාව මේක නොවේ.(ස)
අපේ රටෙත් දැන් මිනිස්සුන්ගෙ සිතුවිලි වගේම ක්‍රියාවන් පිරිහිලා. (ස)
ප්‍රජාතන්ත්‍රවාදයේ හා මූලික අයිතිවාසිකමේ උච්චතම අවස්ථාව. (ස)
ගුරුවරයෙක් ලෙස මෙම සිද්ධිය ගැන කම්පාවට පත් වුණා.කොහොම හරි ළමයින්ට දෑස පාදන්න ගන්න මහන්සියට ලැබෙන පිළිතුරු මේවද? (ස)
ඕකට තමයි කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා. සුද්දෝ අපේ රටට කරපු සහ කරන අපරාධ වලට ඉබේම දඬුවම් ලැබෙන හැටි බලන්න. (නි)
ගුරු ගෞරවය ඉස්සර දේවත්වයෙන් සැලකුවත්, දැන් එය ළමුන් සලකන්නේ හතුරන් ලෙසින්. මේවා මේ සමාජය වැරදි. (ස)
ඔන්න ඕකයි එහේ තත්වෙ. ඕව බල බලා අපිත් අපේ සිරිත් විරිත් අත ඇරලා බටහිරකරණය වෙමු. කොච්චර ෂෝක් ද නේද මෙහෙම. (ස)
ළමයාගේ වැරැද්ද නෙවෙයි. ගුරුවරු මේවට වග කියන්න ඕන. (දී)
සමන් ඔබ හරි. ගුරුවරයා තමයි මෙතන වැරදි. (දී)
නයි ලෝගුවෙ දාගෙන කනවෝ කියනවා වගේ වැඩක් මේක (නි)
ළමා අයතිවාසිකම් මනවා හිමිකම් කියා කියා ගුරුවරයෙකුට තියා දෙමව්පියන්ටවත් දරුවෙකුට තරවටුවක් දඩුවමක් කරන්න බැරි විදියට සකස් වෙන මුනුපොතේ සමාජයක් අපේ රටෙත් බිහිවෙමින් පවතින යුගයක හෙට අනිද්දා ඔයිට වඩා බරපතල සිදුවීම් අපේ රටෙන් අහන්න ලැබේවි නිසැකවම. (දී)
අයියෝ එංගලන්තෙට මොකද මේ වෙන්නේ. (ස)
සමන්, කොහොමද මේක ළමයාගේ වරද නොවෙන්නේ?සමහර අය දාන අදහස් දැක්කම හිනා යනවා වගේම දුක හිතෙනවා. ඇයි මිනිස්සු මෙචර මෝඩ කියලා? (ස)
මට බය මේ දේවල් අපේ ළමයිනුත් ආදර්ශයට ගනීවි කියලයි. මොකද හොඳ වගේ නොවේ ඉක්මනින් නරක බදා ගන්න සමාජයක්නේ අපට තියෙන්නේ. (ස)
දඩුවම වරදක් වූ රටක් බ්‍රිතාන්‍ය කොහොමද වැඩේ (දී)
මේ තරම් අපරාධයක් කරන්න ශිෂ්‍යයකු පෙලඹෙන්න හේතුවක් ඇති නේද? ඒ ගැන සඳහනක් නැහැනේ. කොහොම උනත් ශිෂ්‍යයා වැරදියි. වෙන කෙනෙකුගේ ජීවිතය ගැන නෙවෙයි තමන්ගේ ජිවිතය ගැන උනත් ඒ වගේ තීරණයක් ගන්න එයාට අයිතියක් නැහැනේ. (දී)
මම හිතන්නේ එක ඒ සිසුවාගේ අයිතිවාසිකමක් වෙන්නේ ඇති. මොකද ඒ එංගලන්තෙනේ! එහෙ තව කෙනෙකුට පිහියෙන් අනින්න උනත් නිදහසක් තියෙනවා!! (දී)
ඉතාමත් දුක්මුසු පුවතක්. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී ඇතැයි කියන මෙම අපරාධය සිදු කර ඇති සිසුවා මෙම පන්තියේ සිටින ඉතාමත් අශීලාචාර ගති පැතුම් ඇත්තෙකු සේ ඔහුගේ මිතුරන් අතර ප්‍රචලිත බව කියැවේ. (ස)
එංගලන්තයේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ . එංගලන්තය යුරෝපිය සංගමයේ සිටීමෙන් එංගලන්තයට වාසි මිසක් අවාසියක් නැහැ. (ස)