එච්එන්ඩීඒ සිසුන්ට කොළඹ වෝඩ් පෙදෙසේදී පොලිසිය පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ කමිටුවේ සභාපති ලෙස ආචාර්ය බී.එම්.එස්.බටගොඩ මහතා පත්කර ඇතැයි රජයේ ආරංචි පවසයි.
මේ අතර අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය හා සාමය ඇමැති තිලක් මාරපන හෙට (3) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර වගේ නොවෙයි, දැන් මේ තීරයට අදහස් දානකොට ටිකක් හිතලා බලන්න වෙනවා පරිපාලනයේ යම් තරමකින් ඇතිවීගෙන එන ව්‍යුහමය වෙනස්කම ගැනත්. දැන් පොලිසියේ වැඩ වලට දේශපාලකයින්ට ඇඟිලි ගසන්න බැරි වන අන්දමට පොලිස් කොමිසමක් පත්කර තිබෙනවා. එහි වැඩකටයුතු හරිහැටි සිදුවන්නේ නැත්නම් ජනතාවට අයිතියක් තිබෙනවා මේ ආණ්ඩුවත් විවේචනය කරන්න (නි)
තවත් මොනවා හොයන්නද ඡායා රූපවලින් පෙනෙද්දී (අ)
අනේ මන්දා මේවා දුරදිග ගිය ඉක්මන. හැමදෙයක්ම සාමයෙන් විසදගන්න බැරි ඇයි අපේ මිනිසුන්ට. දෙයක් වුනාම අන්තිමේදී දේශපාලන පළිගැනීමකට ලක් වුනාය කීම අපේ මිනිසුන්ගේ සිරිතය. (බ)
යහපාලනයට කඩේ ගිය කට්ටිය දැන් රත්වෙච්ච තැටියේ රොටි පුච්චනවා ඇති. කවුරු මොනවා කිවුවත් අන්තිමට ජනතාව හැමදාම රැවටෙනවා (නි)
සහතික ඇත්ත සුරන් මේ සේරම එක්ක ඩීල් දාගෙන හවුලේ කනවා ජනතාවට ජේ වී පී එක ගැන හිතන්න වෙනවා ඉළග මැතිවරනේදී (බ)
සහතික ඇත්ත. (ර)
මොකද ජේ වී පී එක ගැන හිතන්නේ.? (ර)
වරුනටයි, සුරන්ටයි දෙන්නටම අමතක වුන කාරණය තමයි දැන් ලංකාවේ පොලිසිය පාලනය වෙන්නෙ ස්වාධින පොලිස් කොමිසමක් යටතේ බව. (ර)
සලකන්න ලබන ඡන්දෙ එනකම් තමා වරුණ ජනතාව බලාගෙන ඉන්නේ. (ර)