රජරට සරසවියේ ව්‍යවහාරික, සමාජ විද්‍යා ,මානව ශාස්ත්‍ර හා කළමණාකරණ පිඨයන්හි ශිෂ්‍ය නායකයන් හය දෙනකුගේද මහා ශිෂ්‍ය සංගමේ නායකයන් දෙදෙනකුගේ ද පන්ති සතියකට පමණ පෙර තහනම් කළ බව සිසුවෝ කියති. පන්ති තහනම මාස හයක් බව තම මව් පියනට දන්වා ඇතැයි ඔවුහු පවසති.
මෙම තහනම ඉවත් කරන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීමේ වැඩපිළිවෙළක් සිසුහු අද (14) ඇරැඹුහ.
පසුගිය ජුනී 20 වැනිදා සරසවියේ පැවති සංස්කෘතික සංදර්ශනයක් කඩාකප්පල් කළැයි නඟා ඇති චෝදනාව ශිෂ්‍ය නායකයෝ ප්‍රතික්ෂේප කරති.
මෙම පන්ති තහනම ගැන විමසීමට උප කුලපති හෝ සරසවියේ වෙනත් බලධරයෙකු සම්බන්ධ කැර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරසවි ගියේ නැති අය මේවට අදහස් පළ කරන්න එපා .. බලධාරින්ගේ හැටි අපි හොඳට දන්නවා (ස)
බන්දුල පෙරෙරා දැන් නමේ කෑල්ලක් හලලා (අ)
ඒ ශිෂයෝ නොකරපු වරදකට දඬුවම් දීපු පරිපාලනය ආපහු විශ්ව විද්‍යාලයට යවන්න ඕනා.(නදී)
සරසවිය තුල වරදක් වෙනවා දැක දැක එව්වට කටපියන් නොහිටපු මේ ශිෂ්‍යන් අට දෙනාගේ පන්ති තහනම ඉවත් කල යුතුයි.(නදී)
ඉගෙන ගන්නේ නැතුව පිස්සු නටන එවුන්ගේ පවුල්වල කෙනෙක්වත් සරසවි වලට ගන්න එක නැති කරන්ඩ නීති ගෙන්ද ඕනේ. (අ)
කඩාකප්පල් කළා කිවුවේ? අනේ මන්දා! (නි)
නියමිත වසරේදී නියමිත විභාග සමත් නොවී නියමිත කාලයට වඩා සරසවියේ රැදී ඉන්න සියලුම සිසුන්ගෙන් අතිරේකව එම සිසුවා වෙනුවෙන් රජයෙන් වියදම් වන මුදල ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් හෝ භාරකරුවන්ගෙන් අය කර ගැනීමේ ක්‍රම වේදයක් හැදුවනම් කට්ටිය පිස්සු නටන එක අවුරද්දකින් දෙකකින් නැතිම වෙලා යාවි .. (ස)
බන්දුල පෙරේරා, කුමාර කියන කතාව ඇත්තද? ඒ ඔබමද? බය වුණාවත්ද? කොහොමත් ඔබේ නමින් වෙන අය අදහස් දාන බව ඒවායේ නොගැලපෙන ස්වරුපයෙන් අඳුනගන්න පුළුවන්. කොහොම වුනත් මෙතන බන්දුල නමින් තිබෙන අදහසේ "නියමිත වසරේදී නියමිත විභාග සමත් නොවී" කියන ටික කපල "පිස්සු නටමින්" කියල ආදේශ කලොත් මමත් ඔබේ අදහසට එකඟයි. (නදී)
පන්ති තහනම් නෙමෙයි, වහාම සරසවියෙන් ඉවත්කරන ඕන, ඒ විතරක් නෙමෙයි ආපහු කිසිම සරසවියකට යන්න තහනම් කරන්න ඕන. (ස)
දැඩි කොන්දේසි මත නැවත ගන්න.(ස)
බලධාරිනි කොන්දේසි පිට හෝ තහනම ඉවත් කරන්න,අවුරුද්දක පාඩුව සිසුවෙකුට විශාල පාඩුවක්. (ස)
බන්දුල, එහෙම උනානම් අපේ තාත්තට වහ බොන්න තමයි වෙන්නේ මං විභාග ෆේල් වුණ විදියට. මම පිස්සු නැටුවෙත් නැහැ. (ස)
මේගොල්ලෝ මේ විනාශ කරන්නේ තවත් කෙනෙක්ගේ වටිනා කාලයක්, (නි)
සමහරුන්ට කැම්පස් ගියාම අං එනවනේ.. ඔහොම පිස්සුවෙන් වගේ හිටපු අය අපේ කැම්පස් එකෙත් හිටියා, ඒත් ඔය ළමයිගෙ ගෙවල්වල අය පව්, සමහරු මහපොළ අරන් ගෙවල්වලටත් යවන ළමයි ඉන්නෙ. එක්කෙනෙක් දෙන්නෙක් වැඩ හින්ද කැම්පස් වැහුවොත් ගොඩක් අය අසරණ වෙනවා. සමාව දීම තමයි කාලෝචිත. (ස)