සිසු දරු අභිනන්දන උළෙල මෛත්‍රීපාල සිරිසේන ජනපති හා රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මැදුරේදී අද පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සෑම පාසලකම ප්‍රධාන ශිෂ්‍යනායක නායිකාවන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ඔවුනට තෑගි බෝග මෙන්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග එක්ව දිවා ආහරය ගැනීමට අවස්ථාව සැලසිණි. මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්. සම්බන්දන්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුද එක් වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම අගය කළ යුතු දෙයක් , වෙනස කියන්නේ ඕකට තමා 2015 ජනවාරි 08 එම දෙය මේ රටට නැවත ගෙනාවේ, අරලියගහ දන්සල දැන් නැත. මනුස්සකම එහි ඇත. රටකට ඕනේ කරන දෙයක් ඒක. ආ ...ආ .... දැන් සුදු වෑන් ද නැත. (බ)
නායකයා හරියට හිටියොත් සෙසු පිරිසත් හරියට සිටිනවා. (ම)
අගේ කලයුතු වැඩක්. (ර)
මේ තුන් දෙනා පොටෝවල ඩිම් මුඩ් එකෙන් ඉන්නේ.මහන්සිද එහෙනම් බෝමුකෝ සිතල කූල් වතුර වීදුරුවක් ?(අ)
ඉස්සර ඔහොම එකක් තිබ්බනම් දන්සලක් කියල කෑ ගහනවා. (ර)
හිටපු නායකයත් මෙතන ඉන්න ඕනේ ශ්‍රී ලාංකික කම පෙන්නේ එතකොටයි. (ර)
ඉතා වටින මෙහෙවරක් සියලු දෙනාට සුබපැතුම්.! (ර)
ඔබලාට සුබ පැතුම්.! (ර)
ආදර්ශමත් වැඩක්. නව රජයටත් සිසු අනාගතයටත් සුබ පැතුම්! (නි)
මෙහෙමත් ශිෂ්‍ය නායකයෝ? අනිත් ළමයින්ගේ විනය හදන්නේ කොහොමද? පාසල් යනකොට මොකටද ජංගම දුරකථන? (නි)
සොපි වැරැද්ද ගන්න එපා අරලියගහ මැදුරේ දුන් දන්සල් වලයි මේ වගේ වැඩවලයි වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි අපි ඇති කලේ. (ර)
හැම පාසලකටම කරපු ආරාධනාව ලොකු දෙයක්. නමුත් ඔවුන්ව රවටන්න එපා. ඔවුන්ගේ අනාගතය දියුණු කරන්න උදවු කරන්න (නි)
හරිම සතුටු වුණා මේ වැඩේ දැක්කහම. නිර්ව්‍යාජ ගතියක් පෙනුනා. (නි)
අපේ හිටපු ජනාධිපතිතුමාත් ඉස්සර හරියට ළමයි වඩාගෙන සිපගත්තානේ, දැන් නැතිවුණාට (නි)
මහින්ද මහතා අලුත් අයට හොඳ දේ කියලා දීලා තිබෙනවා. නැතුව මීට කලින් වෙනත් අගමැතිලා ඉන්න කාලේ ඕවා කළේ නැහැනේ. (නි)
රාජ්‍ය නායකයන් සමග සෙල්ෆි ගැනීම මම නම් අනුමත කරන්නේ නැහැ. එවන් උසස් තනතුරු හෑල්ලු වෙනවා වගේ මට හිතෙන්නේ. සැවොම එකට හිඳ නිල ඡායාරූපයක් ගැනීම වඩා හොඳ නැද්ද? (නි)
මට නම් තේරෙන විදියට මේක පාසල් කාලයේ සිටම දේශපාලනයට නතුවීමක් (නි)
සෙල්ෆි වලටත් මහින්ද මහත්තය තමයි නියම. (බ)
ප්‍රසන්න, ඇයි වැරදි? පොදු මහජනතාව තමයි මොන පක්ෂේ වුණත් ඔය කියන උගත්කමක් ඇතත් නැතත් රාජ්‍ය නායකයින් කියන අය ඒ තැනට පත්කරලා තියෙන්නේ. මහජනයාගේ කතිරය නැත්නම් මේ අයට ඔය තැනට එන්න බැහැ. කිසිම වරදක් නැහැ මම නම් රාජ්‍ය නායකයන් කියන මිනිස්සු සළකන්නේ සාමාන්‍ය මිනිහෙක්ගේ ගානට. (නි)
බොහොම හොඳ කටයුත්තක්. අගය කරනවා
හෙට ලොව දිනන දරුවන්ට ප්‍රයෝජනවත් දෙයක් (නි)
අනේ මේ අපේ රාජ්‍ය නායකයාගේ මුහුණ නේද අප්පේ .? සිරියාව පිරි ඉතිරි යනවා මුහුණේ..(බ)
තුන්වන පිටිපස්සෙන් ඉන්න කෙනත් ආස ඇති සෙල්පි ගන්න (බ)
මොනවා වුනත් සෙල්ෆි වලට නම් හොඳ මහින්ද මහත්තයා. (ර)
සිසු දරුවනේ හොදට ඉගෙන ගන්න.(හේ)