පාසල් සිසුවකුගේ කනට ගැසූ බව කියන කඩවත පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු අද (13) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය කියයි.
නියෝජ්‍ය විදුහල්පතිගේ පහර කෑමට ලක්වූ බව කියන එම පාසලේ 11 ශ්‍රේණියේ සිසුවා රාගම රෝහලට ඇතුළත් කරනු ලැබීය.
ඔහුගේ කනේ ලේ ගැලීමක් සිදු වී ඇතැයි රෝහල් ආරංචි කියයි.
උදෑසන පාසල ඇරැඹිමේ සීනුව නාද කළ පසු පන්ති කාමරයේදී දී සිසුන් පන්සිල් ගත් බවත්, ඒ අතරතුර පාසල් ශිෂ්‍ය නායකයකු පැමිණ එහි පන්ති නායකයා වන පහරකෑ සිසුවාගෙන් පන්ති පිරිසිදු කිරීම් නියමිත පරිදි සිදුකළා දැයි විමසූ බවත්, සිසුවා වැඳගෙනම එය නිසි පරිදි කළ බව පැවසූ බවත් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සදහන්වේ.
ශිෂ්‍ය නායකයා ගිය පසු නියෝජ්‍ය විදුහල්පති පැමිණ කිසිවක් නොවිමසා පන්ති නායකයාගේ වම් කනට ගැසු බවත්, දකුණු කනට පහරක් එල්ල කරද්දී හිස පසෙකට ගැනීම නිසා ඉන් බේරුණු බවත් පැමිණිල්ලේ දැක්වේ.
නියෝජ්‍ය විදුහල්පති මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. විදුහල්පති සමන් ජයකොඩිආරච්චි පැවසුවේ පාසල පැත්තෙන් කීමට කිසිවක් නැති බවයි.
කඩවත පොලිසිය පරීක්ෂණ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නියෝජ්‍ය විදුහල්පති කියන එක්කෙනාගේ කන් දෙකම පලන්න වටින්නෙ (අ)
වරදට දඩුවමක් දෙන්න බැරි කාලයක් මේක (දී)
මානව හිමිකම් වල ප්‍රථිඵල තමයි මේ.(නදී)
විදේශයකට යවා හෝ මේ දරුවාගේ කන සුවපත් කරලා, ඒ වියදම් මේ නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ වැටුපෙන්, දීමන්වලින් හා ඒවා මදි නම් තියෙන වත්කම් විකුණලා හෝ පියවන්න ඕනේ. (දී)
කෝ අද කාලේ එකල වේවැල, ඒකත් හමස් පෙටිටියේද? නියෝජ්‍ය විදුහල්පති, විදුහල්පති කමට සුදුසු නැත.(නදී)
එයාගේ ගෙදර ප්‍රශ්නයක් වගේ.(නදී)
වැටුනේ කුරුම්බෑට්ටියක් උනත් කියන්නේ පොල් වල්ලම වැටුනා කියලනේ ගුරු සිසු සම්බන්දතාවය දැන් දැන් ගොඩක් ඈත්වෙලා (දී)
දෙන්නනෙ තිබුනෙ හැරෙන තැපෑලෙන් ආපහු එකක්.(නදී)
නියෝජ්‍ය විදුහල්පතිටත් දඩුවම් කරන්න ඕනේ.(නදී)
නැති ප්‍රශ්ණ ඇති කර අධ්‍යාපනය අවුල් කරණ මෙවැනි අයට සමාවක් දිය හැකිද?. (නදී)
ඒ සිසුවා වැරදිකරුද නිවරදිකරුද නොසොයා දඩුවම් දීම අනුමතත කළ නොහැක. නමුත් වරදක් කළත් මෙහෙම දඩුවම් දීම කිරීම වැරදියි. වේවැල් කෝටු නාරං සියඹලා අතූ.(නදී)
මේ නියොජ්‍ය විදුහල්පති වහාම අස්කරන්න ඕනා. එයා පාසලක සාමාන්‍ය දඬුවම් ක්‍රම නොදන්නවා නම් විදුහල්පති තියා ගුරුවරයකුටවත් සුදුසු නැහැ.(නදී)
කන පැලෙන්න ගහපු අයට කෝ කිසිම සංගමයක් සද්ද නැහැ.(නදී)
කෝ ඔය ලොකුවට කතා කරන ගුරු සංගම් (දී)
මේ වගේ නියෝජ්‍ය විදුහල්පතිවරු තමයි බජාර් එකේදී කොල්ලොන්ගෙන් ගුටි කන්නේ. ඊට පස්සේ කියනවා නාඳුනන පිරිසක් පහර දුන්නා ඒ අයව අත්අඩංගුවට ගන්නතුරු අපි පාසැල වහනවා කියලා. (නදී)
ඔන්න මේ අයට හමුදා පට්ටම් දීපුවැයි ප්‍රතිඵල.(නදී)
කිසිදු ආබාධයක් නොවී ඉක්මනින් සුවය ලැබේවා(දිල්)
මිනිස්සු හදා ගන්න බැරිතරමට කුරිරු වෙලා (දී)
ඔය නියෝජ්‍ය විදුහල්පතිතුමාට කව්රුහරි පිටට වත් තට්ටු කලා නම් බලාගන්න තිබුණා අපේ සංගම්වල අයගේ තිබෙන අධ්‍යාපනය සඳහා ඇති කැපවීම. (නදී)
මෙවැනි තර්ජනාත්මක ස්ථානයක් නම් පාසැල, කුඩා දරුවන් නිදහසේ අකුරු කරන්නේ කොහොමද? කිසිම ගුරුවරයෙකුට දරුවෙකුට ගහන්න අයිතියක් නැහැ. මෙම විදුහල්පතිට දැඩි දඩුවම් දී රස්සාවෙන් සදහටම පහ කල යුතුයි (දී)
මේ සංවර්දන වැඩසටහන් කරන්න ඕනේ ගුරුවරුන්ට. විනය හා ඉවසීම බිංදුවයි. ගුරුවරු මෙහෙම නම් ළමුන් ගැන කවර කතාද? දඩුවම් කරන විදිහ හා ප්‍රමාණය පිළිබද මාසික හෝ පාඨමාලාවක් ලබාදෙන්න පත්වීම් බාරගන්න කලින්.(නදී)
සිසුවා වරදක් කර තිබ්බා උවත් මෙවන් ලොකු දඩුවම් දිය යුතු නැහැ.(නදී)
අධ්‍යයාපනය බාරව ඉන්න මිනිසුන්ගේ මානසිකයට ගැලපෙන විධියට තමයි පාසල් විනයත් පවත්වා ගෙන යන්නේ. ඒ කියන්නේ ශිෂ්‍යයා ළඟ නොවෙයි විනය නැත්තේ සිසුන් පාලනය කරන්න හදන අය ළඟ. මේ සියලුම වින්නැහි මානසික ව්‍යාධීන් නිසා ඇතිවෙන දේවල්. වැඩි කල් නොගොහිල්ල ශිෂ්‍යයෝ විදුහල්පති වරුන්ගේ කන් පලාවි.(නදී)
ඒ නම් ගුරු යකෙක්. මෙහෙමත් දරුව්න්ට දඩුවම් කරනවද? (නදී)
නියෝජ්‍ය විදුහල්පති ළඟදීම මනෝ වෛද්‍යවරයකු වෙත යැවිය යුතුයි (දිල්)
මට පාසලේදී විදුහල්පති කණට ගැහැව්වා. හේතුව තමයි. විවේකය සදහා බෙල්එක ගහපු හැටියේ මම පන්තියෙන් නැගිටල එලියට යන්න සූදානම් වීම. මම යන්න හැදුවේ බාලාංශය පන්තියේ හිටපු මගේ මල්ලි පාසල ඇරිල තනිව යන්න බැරි නිසා එයාව මගේ පන්තියට එක්ක එන්න. ඇයි කලබලෙන් යන්න හදන්නේ කියල අහන්නේ නැතිව මගේ කණට ගැහුවා ඒ විදුදහල් පති. මම ඒ වෙනකොට හයේ පන්තියේ. මට අදත් ඒ විදුහල්පති එක්ක තරහක් තියෙනවා.(නදී)
සමස්ත අධ්‍යාපන පද්දතිය විනාශ මුකයට යවන්න එපා මෙවන් වැඩ කරලා (දී)
ලංකාවේ මානව හිමිකම් සම්භන්දව ලෝකේම බලන් ඉන්න වෙලාවක මෙහෙම දේවල් කිරීම නුවනට හුරුද (දී)
මේ සම්බන්දයෙන් ගුරු සංගම් නිහඬ වීම අනුමත නොකරමු. ළමයෙකුට දඩුවම් කලහැකි ආකාරය පැහැදිලිව කියා තිබෙනවා චක්‍රලේඛනයේ. මානසික ස්ථාවර බව අඩු, කෝපයට පත්වී තමන් කරන දේ තමනුත් නොදන්නා මේවගේ ගුරුවරුන් ගේ සේවය අත්හිටුව, මානසික තත්වය ගැන පරීක්ෂා කර, නැවත පුහුණුවක් ලබා දී පරිවාස කාලයක් යටතේ නැවත සේවය එක්කිරීම සුදුසුයි යෝජනා කරමි. ඒසේ නොවුනොත්, මෙවැනි ගුරුවරුන්ගේ හේතු විරහිතව හිංසනයට ලක්වන සිසුන් සමාජ ගත වුවිට, ඔවුන් මීට වඩා බරපතල සමාජගැටළු ඇතිකරන බව සමීක්ෂණ පෙන්වා දී තිබේ. (දී)
මාලක , මහින්ද : වැරැද්දක් කලා කියල කන පලලා හරි යනවා ද ? (නදී)
එහෙම ගහන්න ගුරුවරුන්ට බැහැ, අයිතියක් නැහැ (දී)
ළමයෙකුට නං ඔය සෙල්ලන් දැම්මේ මෙයා චන්ඩියෙක් නොවෙයි. කොල්ලගේ පියාට ගහන්ට කිමුකෝ බලන්ට. (දී)
ඉස්සරත් ගුරුවරු ළමයින්ට ගැහුවා, මීටත් වඩා හයියෙන් කෝ මානව හිමිකම්, ගුරුවරු ළමයින්ට ගහන්නේ ඒ ළමයින්ගේ වැරදි වලට ඒ ළමයින් ඒවා පාඩමකට ගන්න ඕනේ (දී)
මේවා අපිට නොපෙනෙන විශාල සමාජ ප්‍රශ්න (දී)
ඉස්සර තිබ්බ ගුරු ගොල සුහදත්වය දැන් නැහැ. ගුරුවරුන්ව ආමිකාරයො කරවනකොට ආමි මානසිකත්වය ගහනවා. ගුරුවරුන්ට ළමුන්ව පෙන්නේ තමන්ගෙ යටතේ ඉන්න සෙබලෙක් වගේ. (දී)
ලොක්කව බේරගන්න සොක්කො දැන් දත කනව ඇති. (නදී)
ගුරුවර ගුරුවරයින්ට ගෙවල් වල ප්‍රශ්න ඒ වාඩුව පාසලේ ළමයින්ගෙන් පිරිමහගන්නවා.(දී)
කෝ සංගම් කෝ ශිෂ්‍ය ව්‍යාපාර (දී)