වෙසක් උත්සව වෙනුවෙන් පාසල් ළමයින් සංවිධානය කළ වෙසක් කලාපයක බත් දන්සලකට එකතු කළ භාණ්ඩ අතර තණකොල මිටියක් තබා දුන් කොළඹ පාසලක සහකාර විදුහල්පතිවරයකු ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි අදි සිසුවෝ ද ගුරුවරු ද ඉල්ලති.
මේ විද්‍යාලයයේ මෙවර වෙසක් කලාපය වෙනුවෙන් බීම, අයිස්ක්‍රීම්, කඩල හා බත් දන්සල් පැවැත්විණි.
විද්‍යාලයයේ එක් එක් අංශ එක්ව බීම, අයිස් ක්‍රීම් හා කඩල දන්සල් පැවැත්වූ අතර බත් දන්සල පැවැත්වීම ආදි ශිෂ්‍ය සංගමය මගින් ඉටු කිරීමට සංවිධායකයෝ තීරණය කර ඒ සඳහා විද්‍යාලයයේ හය සහ හත ශ්‍රේණිවල සිසුන්ගේ දායකත්වය ද ලබා ගැනීමට කටයුතු කර තිබිණි.
ළමයිගේ දෙමාපියන් විසින් එවනු ලැබූ විවිධ භාණ්ඩ එකතු කර පාර්සල් කළේ සහකාර විදුහල්පතිවරයකු විසිනි. මේ සහකාර විදුහල්පතිවරයා ඒ භාණ්ඩ ඇසිරූ පෙට්ටියට තණකොල මිටියක් කපා පාර්සල් කර දමා ඇති බවත්, අවසාන මොහොත එම භාණ්ඩ විදුහල්පතිගේ අතින් ආදී ශිෂ්‍ය සංගමයට දෙන අවස්ථාවේ ඒ බව හෙළිවූ බවත් විදුහල් ආරංචි කියයි.
ආදිශිෂ්‍ය සංගමයේ නිලධාරීන්ට එම පාර්සල් ලබා දීමට පෙර විදුහල්පති විසින් අදිශිෂ්‍යයන් ද ඉදිරිපිටදීම එම පෙට්ටිය විවර කර ලැබූ බවත්, ඒ සමග එහි තිබූ තණකොල පාර්සලය හමුවූ බවත්, එම සිදුවීමෙන් විදුහල්පති ඇතුළු සියලු දෙනා බලවත් අපහසුතාවකට පත් වූ බවත් කියති.
හිටපු විදුහල්පතිගේ යම් යම් අයතා ක්‍රියාවන්ට ද සම්බන්ධ බව කියන මේ සහකාර විදුහල්පති ගැන වහා පරීක්ෂණයක් කරන්නැයි විද්‍යාලයීය අභ්‍යන්තර පාර්ශව ඉල්ලති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලා, රනා මොකක්ද ඒ නැහැදිච්චි කතාවේ තේරුම. එතකොට අරයා කරලා තියෙන්නේ ගුරුවරයෙකුට කැප දෙයක්ද?එයාට වැඩිය ඔයාලනේ කුලප්පු වෙලා තියෙන්නේ (නි)
මේ දවස් වල අපිට නම් තණකොල වරදින්නෙම නැහැ (නි)
වර්තමානයේ ගුරුවරුන්ගෙන් දරුවන් නොමිලේ බලාපොරොත්තු විය යුත්තේ තණකොළ පමණක්ම වේ. (නි)
වහාම සොයා බලා වැරදිකරුවන්ට ප්‍රසිද්ධියේ තණකොළ කවන්න ඕනෑ (නි)
නිලානි රනා ,මේ අහන්න ඔය කියන අන් නැති ගොනෙක් නේද මේ අසීලාචාර වැඩේ කරලා තියෙන්නේ, දීපු කෙනාට ළමයි ඉදිරියේම කවන්න ඕන (අ)
ඔය වගේ දෙයක් නිකන්ම කරන්නේ නැනේ. ආදී ශිෂ්‍ය සංගමයේත් ඇති තණකොළ කවන්න ඕන විදියේ වැඩ කරන අය. එයාලට සුදුසු තණකොළ කියල අඟවන්න තමයි එහෙම කරන්න ඇත්තේ. උප ගුරුවරයටම බැණ බැණ ඉඳල හරියයිද? (ස)
ගුරුවරයාගේ විෂමාචාර ක්‍රියාව සඳහා පරීක්ෂණයක් කර ඔප්පු වුවහොත් දැඩි දඬුවම් දීම, අනාගත දරු පරපුර සඳහා කරන මෙහෙවරක් වේ. (ස)
මෙයාගේ විශ්‍රාම යන දවසේ තෑග්ගට දෙන්න මේකම. (නි)
එයා කන්න ආසම, එයාගේ ගෙදර අය කන දෙය තමයි එයා දන් දුන්නේ. ඒකෙ ඇති වැරැද්ද මොකක්ද ? (ස)
එයාටම කවන්න තිබුනේ. (ස)
මතු ආත්මයක අනිවාර්යෙන් ම එයා කන්නේ මේවයි. (ස)
අම්මප මේ ගුරුවරුද රටට යන කල ගැන හිතාගන්න පුළුවන්.(ස)
"ආදි ශිෂ්‍ය සංගමය මගින් ඉටු කිරීමට සංවිධායකයෝ තීරණය කර ඒ සඳහා විද්‍යාලයයේ හය සහ හත ශ්‍රේණිවල සිසුන්ගේ දායකත්වය ද ලබා ගැනීමට කටයුතු කර තිබිණි" පුදුම වැඩක්නෙ මේක, කොහොමද එහෙම තීරන ගන්නෙ? (නි)
මේක දීල තියෙන්නෙ ආදි ශිෂ්‍යයන්ට කෑමටද දන්නෙ නැහැනේ. මොකද එයාල තමා ලොකු ඉස්කෝලවල කිසිදෙයක් පිලිවෙලට කරගන්න දෙන්නෙ නැත්තෙ (නි)
එයා කන දේ එයා දෙන්න ඇති අනිත් අයත් කන්නේ ඒවා කියලා හිතලා (නි)
මේ දවස්වල බෞද්ධයයි කියාගන්නා සම හරක් අන්දෙකක් නැත්නම් තණකොළ ටිකක් දැක්කහම බොහොම කුලප්පුවෙනවා. (අ)
චතුල, හැමෝටම එහෙම බනින්න එපා. සමහර ඉස්කෝල පවත්වාගන යන්නේ ආදී ශිෂ්‍යයෝ තමයි. ආණ්ඩුවෙන් කරන්නේ ගුරුවරුන්ට පඩි ගෙවන එකයි, පෙළපොත් දෙන එකයි වගේ ඒවා. ආදී ශිෂ්‍යයෝ ගොඩකට තමන්ගේ පාසල කියන හැගීම තියනවා ගුරුවරුන්ටත් වැඩිය.... (නි)