බදාදා (24) සිට දින 14ක් දක්වා රුහුණ සරසවියේ සම සෞඛ්‍යය සිසුනට කරාපිටියේ වෛද්‍ය පීඨයට ඇතුළුවීම තහනම් කරමින් ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මෙනවිය අද (23) නියෝගයක් නිකුත් කළාය.
සිසුන් පිරිසක් බදාදා මහමෝදර සිට වෛද්‍ය පීඨයට ගොස් උද්ඝෝෂණයක් පැවැත්වීමට යන බවත් එයින් සාමය කඩවන බවත් කියමින් පෝද්දල පොලිසිය අධිකරණයෙන් අතුරු තහනමක් ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයක් වුණාම ඒකටත් පොලීසියට බනිනවා, අනතුරක් වළක්වා ගන්න ගියාමත් දොස් නඟනවා. උද්ඝෝෂණ උපවාස වලට එළඹෙන්න/පෙළඹෙන්න කලින් එදා වේල හොයා ගන්න කුළී වැඩ කරන අහිංසක දුප්පත් මිනිසුන් ට වන පීඩනය ගැන මොහොතක් හිතුවද. මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්. හැම කෙනෙකුගේම අපහසුතා ගැන හිතන්න ඒ වෙනුවෙන් රටක ප්‍රතිපත්ති තීරණ වෙනස් කරන්න රටක පාලකයකුට බැහැ. විටෙක නම්‍යශීලි විටෙක සෘජු තීරණ ගන්න නායකයෙක් රටේ ඉන්නවානේ. (ම)
හොඳ තීරණයක් (නි)
උද්ඝෝෂණයක් පැවැත්වීම නිසා සාමය කඩවන බවට පොලිසිය කරන ප්‍රකාශය ඍජුවම පිළිගන්නේ කොහොමද? තීරණයක් ලබාදීමට පෙර විත්තිකරුවන්ගේනුත් විමසීම යුතු නොවේද? මම හිතන්නේ මෙවැනි නීති සංශෝදනය විය යුතුයි. ගරු විනිසුරුතුමිය අතුරු තහනම ලබා දී ඇත්තේ පවතින නීතියට අනුකුලව බැවින් එයට කීකරු වීම විත්ති පාර්ශ්වයේ වගකීමක්. එහෙත් පොලිසිය මෙම නීති අනවශ්‍ය ලෙස උපයෝජනය වැලක්වීමට සංශෝධනයක් කිරීම අත්‍යවශ්‍යයි.(හේ)
ඒක හොඳයි.(හේ)