
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශිය ආදායම් බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඇතුළත් කෙරෙන බව දැනුම්දී ඇති හෙයින් එම සංශෝධනවලට යටත්ව පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) පැවසීය.
කතානායකවරයා මෙම නිවේදනය කළේ සභාවේ කටයුතු ආරම්භයේදීය.
මෙම පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කෙරිණ.
දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.
මේ අනුව මෙම පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියැවීම සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd