IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සවු කොළ නැති නිසා පොල් කොළවලින් වෙසක් සැරසිලි

(නිමල් ජයරත්න)

සවු කොළ ඇතුළු වෙසක් සැරසිලිවල මිල ඉහළ යෑමත් සමග අවට පරිසරයෙන් සොයාගත් පොල් කොල, කෙසෙල් කොල, ඉරටු, පොල් හනසු සහ මටලු උපයෝගී කරගෙන දිඹුලාගල මගුල්දමන ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානය දහම් පාසල් දරුවන් සහ ගම්මානයෙ පාසල් සිසුන් එම විහාරස්ථානයේදී වෙසක් කූඩු ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබේ.

මගුල්දමන ශ්‍රී සුමංගලාරාමාධිපති බක්මීදෙනියේ දේවරක්ඛිතාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, දහම්පාසල් ආචාර්ය මණ්ඩලයේ මගපෙන්වීම යටතේ මෙම වෙසක් සැරසිලි කූඩු ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි.

වෙසක් සැරසිලි, සහ කැරකෙන කූඩු, ඇතුළු වෙසක් කූඩු 50කට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය කර තිබුණු අතර එම සියලු නිර්මාණ කිරීමට, වෙළඳසැල්වලින් කිසිදු ද්‍රව්‍යයක් ගෙන නොමැති අතර කෙසෙල් කොල, පඬරැල්, ගොක්කොල, පොල් අතු, ඉරටු, විවිධ මල් වර්ග, ඇතුළු අවට පරිසරයෙන් ඉතා පහසුවෙන් සොයා ගැනීමටට හැකි ‍අමුද්‍රව්‍ය, මෙම නිර්මාණය කිරිමට යොදා ගැනීම විශේෂත්වයක් වන අතර ඊට මෙම පාසල් සහ දහම් පාසල් සිසුන් විශාල වෙහෙසක් දරා ඇත.

 



අදහස් (6)

සවු කොළ නැති නිසා පොල් කොළවලින් වෙසක් සැරසිලි

jagath Monday, 16 May 2022 09:52 AM

ආදර්ශවත් සහ හරිම ලස්සන වැඩක්.

:       0       11

කිරි පුතා Monday, 16 May 2022 10:31 AM

ලස්සන නිර්මාණ . ළමයින් සහ වැඩිහිටි සියලුදෙනා අගයන්න ඕන.

:       0       8

මැක්ස් Monday, 16 May 2022 10:52 AM

විශිෂ්ටයි දරැවනේ. සෑම කලු වළාවකම රිදී ⁣රේඛාවක් ඇති සේ ආර්ථික අවපාතය ⁣හේතුවෙන් හෝ මෙවැනි පරිසර හිතකාමී දේට අපට හුරැ වෙන්න පුලුවන් නම් අනාගතය වෙනුවෙන් කළ හැකි මහගු ආයෝජනයක්.

:       0       8

damith Monday, 16 May 2022 11:08 AM

හරිම දක්ෂයි හරිම ලස්සනයි

:       0       3

සුජිත් පල්ලේවත්ත Monday, 16 May 2022 11:21 AM

සතුටුදායක පුවතක්...අඩුම තරමේ වෙසක් උත්සවයවත් දේශිය දේවල් වලින් සමරමු. මින් ඉදිරියට වෙසක් සැරසිලි සඳහා දේශිය අමුද්‍රව්‍යම පමණක් භාවීතා කරමු. බලන්න නිර්මණවලින් දේශියත්වය විදහා පාන අන්දම....

:       0       9

Maha zen Monday, 16 May 2022 12:29 PM

වෙනස හඳුනාගන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 369 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 764 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 925 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 509 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 548 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 197 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site