IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


සුවසැරියටත් ඇමති බංගලාවක්

(සුජිත් හේවාජුලිගේ )

සුවසැරිය (1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා ලංකාදීපයට පැවසීය.

තානාපති කාර්යාල අමාත්‍යාංශ ඇතුළු විවිධ ආයතන 60කට වැඩි ප්‍රමාණයක් ඇමැති බංගලා ලබා දෙන ලෙස ඉල්ලා ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයිද  අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සියලු ඉල්ලීම් සලකා බලා අවශ්‍යතා සහ  ප්‍රමුඛත්වය අනුව බංගලා ලබාදීමට රජය විසින් කටයුතු කෙරෙනු ඇත.

බංගලා ලබාදීමට ප්‍රමුඛත්වය දිය යුතු ආයතන සම්බන්ධයෙන් ලැයිස්තුවක් පිළියෙල කරගෙන යන බව  අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ ඇමැති බංගලා පනහකට ආසන්න සංඛ්‍යාවක් පවතින අතර මෙම සියලුම බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට රජය දැනටමත් තීරණය කර ඇත. ඇමති බංගලා ආයතන වලට ලබාදීමට පෙර ප්‍රතිසංස්කරණය කිරීමටද කටයුතු කෙරෙන බව රජය සඳහන් කරයි.

මෙම සියලුම ඇමැති බංගලා වල දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා  යුද හමුදා බට  කණ්ඩායම් යොදවනු ලැබ සිටිති.



අදහස් (3)

සුවසැරියටත් ඇමති බංගලාවක්

Saman Sunday, 27 April 2025 04:20 AM

මෙම ආයතනය ද සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත්වෙමින්, මූල්‍ය පාලනයක් සිදු කළ යුතුය. මෙම ආයතනයට සම්බන්ධ වෛද්‍යවරුන් වෙනුවෙන් විශාල මුදලක් අනවශ්‍ය ලෙස වියදම් කරනු ලබයි. එතකොට රජයේ වෛද්‍යවරුන් අමාත්‍යාංශය යටතේ අනුයුක්ත කළ විට, එම මුදල් රජයට ඉතිරිවිය හැකිය. ඒ මෙන්ම, එහි බඳවා ගැනීම් සහ වැටුප් ගෙවීම්ද රජයේ අනුමත ප්‍රතිපත්තිය සමඟ අනුකූලව සිදු කළ යුතුය.

:       0       0

සෙනෙවිරත්න Sunday, 27 April 2025 07:10 AM

මේ බංගලාවල පස්ස දොරෙන් ඇමති හාමුල බැහැදකින්න ගිය වහල් සෙට් එක දැන් කියන්න එපා මේව ෂෝ කියල. නැත්නම් මේවයින්ද සල්ලි ඉතුරු කරන්නෙ කියල, අර වාහන වෙන්දේසියට කිවිව වගේ, ඒ වාහන වල ඉස්සර ඇමතිල එනකොට කානුවලට බැහැල අප්පුඩි ගහපු උදවිය.

:       0       0

Saman Sunday, 27 April 2025 08:31 AM

මත්තල වී දැම්මා වගේ ගොන් වැඩ නම් කරන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 2732 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 802 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 962 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 1329 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 814 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 504 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 385 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1126 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site