ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 133 වැනි වාර්ෂික සැසිවාරයට සහභාගී වීම සඳහා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් එහි යෑමට නියමිතය.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ,නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ,පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බිමල් රත්නායක, ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා යන මහත්ම මහත්මීන් සහභාගීවීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පතනවා! (නි)
අන්තර් පාර්ලිමේන්තු සංගමයේ වාර්ෂික රැස්වීම්වලට පාර්ලිමේන්තු පාලන ක්‍රම සහිත රාජ්‍යයවල සහභාගිත්වය සිදු කිරීම සාමාන්‍ය දෙයක්. හැම දෙයකම වැරදි දකින්නා තමා තුල කිතිකැවෙන කුහකකම එළිපිට ප්‍රදර්ශනය කරයි. සරණපාල මහත්තයෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම පක්ෂයකටම සහභාගිවීමට අවස්තාව ලැබෙයි. (ර)
මෙහි වරදක් ඇතිබවක් මට නම් නොපෙනේ ලෝකයේ කොයි රටේ මෙය පැවැත්වුවත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු නියෝජනයක් සිදුවිය යුතුයි නේද? (නි)
පරාක්‍රමලට වැරදි පෙනුනේ ගිය ආණ්ඩුව කාලේ විතරයි. දැන් ඒ වැරදිම අනෙක් අය කරනකොට හොඳයි! (නි)
දැන් කවුද පරාද? ඡන්දෙ දුන්න අපිද මෙයාලද? (නි)
මේවා සිදුවන්නේ අපේ රටේ විතරයි. (ස)
අනේ මන්දා මොනවට යනවද කියලා.? (ර)
වියදම කාගෙන්ද.? (ර)
බිමල් ද යන නිසා මෙය විවේචනයට ලක් නොවේවි. (ර)
ඇයි මේ ලොකු පිරිසක් වඩම්මාගෙන යන්නේ? (බ)
අපිට ස්විට්සර් ලන්තයේ රැකියා ලබාදීමට කටුතු සලස්වන්න. (ර)