වසර තුන්සියයි පමණ පැරණි මොරටුව රාවතාවත්ත පල්ලියගොඩැල්ල පන්සලේ ගොඩනැගිලි අද වන විට අබලන් වී විනාශ වෙමින් පවතින බවත් එම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රදේශවාසීන්ගේ සහාය බලාපොරොත්තු වන බවත් පල්ලියගොඩැල්ල පුරාණ විහාරාධිපති ඌරගහ නාගිත හිමියෝ පැවසූහ. දැන්ම පිළිසකර නොකළහොත් පැරණි ගෘහ නිර්මාණ ශිල්පයේ දස්කම් විස්කම් දක්වන පෝයගෙය හෙවත් සීමා මාලකය නැත්තටම නැති වී යා හැකිය.
ශ්‍රී ලංකාවේ පෘතුග්‍රීසී යුගයේ සිටම පැවත එන මෙම පන්සල මොරටුවේ ඇති පැරණිම විහාරස්ථායක් සේ සැලකේ. මෙම පන්සල සූවිසි බුදුවරුන් වැඩවසන ස්ථානයකි.
ගරා වැටෙමින් පවතින පෝය ගෙය
ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ගිණුම් අංකයක් ඇතොත් දැනුම් දෙන්න (නි)
මෙය සූවිසි බුදුවරුන්ගේ රාජ්‍යයයි. සාධු! සාධු! (නි)
දැන් ලංකාවේ අඟලක් පාසා බුදු පිළිම ඉදිකෙරුවත් මෙහෙ ඉන්නේ ලේබල් බෞද්ධයෝ විතරයි. අපරාධ ඒ තරමටම ඉහළ ගිහින් (නි)
හැම හංදියක් ගානේ සාදාගෙන, බුදුරුවට අපහස කිරීම නවතා.මෙවැනි තැන් ආරක්ෂා කිරීම,රජයේත්, ඇති හැකි අයගේ යුතුකමක්.රටෙත්,අනාගත පරපුරට වටිනා දායාදයක් මෙවැනි පළකිරීම ගැන ලංකාදීපයට ස්තූතියි.(බ)
කෝටි 5 කින් විතර හදතෑකි (බ)
ඉතාම පෞරාණික ගොඩනැගිලක් දැම්ම සියලු දෙනාම දායක වුනොත් තවත් කාලයක් මේ පන්සල රැක ගන්න පුළුවන් හාමුදුරුවනේ මේ සදහා අරමුදලක් අරඹන්න (බ)