ස්විස් බැංකු වල මුදල් තැන්පත් කර තිබෙන ශ්‍රීලාංකිකයින්ට එම මුදල් ශ්‍රීලංකාවේ තැන්පත් කරන්නැයි ඉල්ලීමක් කරන බවත් එම කටයුතු සම්බන්ධයෙන් කිසිඳු ප්‍රශ්න කිරීමකින් තොරව සම්පූර්ණ සුරක්ෂිතතාවයක් ලබාදෙන බවත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.
විදේශික තැන්පතු වසාදැමීමට ඇතැම් ස්විස් බැංකු නව තීරණයක ගෙන ඇති හෙයින් ශ්‍රීලංකාවට එය වාසිදායක වනු ඇතැයිද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හැමෝම අපේ රටට ආදරෙයි .. එත් තම දහදිය බින්දු එකින් එක එකතු කර මහා මෙරක් සේ උපයා ගත් ඒ ධනය ඔබ විසින් රැක ගත යුතුයි. (ර)
ගිය ආණ්ඩුව කාලේ ඔහොම කිව්වම අපි යුරෝ ලක්ෂ ගණන් විදේශ මුදල් සඳහා විශේෂ ඉතිරිකිරීමේ තැන්පතු වල තැන්පත් කරා. දැන් ඒවායේ පොලිය සියයට හය දක්වා බැස්සු අතර මුදලේ අගයද අඩුවී ඇති නිසා කර ගත්ත මෝඩකමක හැටි කියලා හිතෙනවා. දේශපාලකයෝ කියන මොනාවත් සත පහකට විශ්වාස කරන්න එපා. (අ)
ඊළඟ ඡන්දෙ එනතෙක්ම මේක කිය කියා ඉන්න නම් බැහැ ඔන්න හොඳේ (නි)
අම්මෝ! පිටිගල මිලානෝ ලක්ෂ ගණන් යුරෝ දාන්න ඉතාලියේ මොනවද කළේ අප්පේ? (නි)
ස්විස් බැංකුවල සල්ලි හැංගුවේ ඉස්සර. දැන් දැන් ඒ අය බැංකු ගිණුම් ගැන තොරතුරු විශේෂ අවස්ථා වලදී අදාළ රටවල් වලට දෙනවා.ඒ නිසා දැන් තියෙන මුදල් හංගන බැංකු අතරින් වතිකානු බැංකුව සහ සෙන්මරිනෝ වල බැංකු මුදල් සගවන්නන්ගේ ප්‍රධානම තිප්පොළවල් වෙලා. ඒ අය කිසිම ආකාරයකින් සිය තැන්පත්කරුවන්ගේ තොරතුරු දෙන්නේ නැහැ. (නි)
විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් ලංකාවට ගෙන්වා ගැනීමට නම් ආකර්ශනීය වෙනස් නොවෙන පොළී අනුපාතයක් දෙන්න ඕනෑ, මෙය විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් කරන්නම ඕනෑ දෙයක් (නි)
අනේ මේ ඒවත් අර බැඳුම්කර වගේ වෙයිද දන්නෙ නැහැ. අපේ සල්ලි එහෙ ඔහේ තියෙද්දෙන් ...! (නි)
අනේ මන්දා මොකක්ද මේකෙන් අදහස් කරන්නේ කියලා හිතාගන්න අමාරුයි (නි)
කෝ අර අහවලාගේ ස්විස් බැංකුවල තියන සල්ලි ගැන දැන් කතා? (නි)
මම වසර 20 ක් විදෙශේය රටවල් වල වැඩකරනවා. හම්බකරපු මුදල් සියල්ලම ලංකාවට නොයවා මෙහි බැංකු 2 ක මුදල් දැම්මා. මේ දෙශපාලකයන් කියන කතා විශ්වාස කරන්න බැහැ. වසර 20 ක් තුල ආණ්ඩු කියක් මාරු උනාද, අපි වැනි රටට බරක් නැති මිනිසුන්ට ලබාදීපු සහනය කුමක්ද ? (ර)
ඉක්මණට කරන්න, එවිට රුපියල නැවත ස්ථාවර කරන්න පුළුවන් (ම)
මේකෙන් අපිට වෙන යහපත මොකක්ද? මට නම් තේරෙන්නේ නැහැ (නි)
කාලෝචිත, හොද වැඩක්. (ර)
ස්විස් බැංකුවල තැන්පතු තියෙන්නේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනයාගේද? ඔබතුමා ඔය ගැන පාර්ලිමේන්තුවේදීත් කියන්න. (නි)
ඉතාම හොඳයි (නි)
මමත් කියන්නේ මේක නුවණක්කාර තීරණයක් (නි)
ඉතින් සමහර දේශපාලකයන්ටත් පුලුවන්නේ එයාලගේ සල්ලි ටික ගෙනල්ලා මුලින්ම අාදර්ශයක් දෙන්න (නි)
මෙහේ සල්ලි වලට වෙන දේවල් අහද්දි මට හිතෙනවා මීටවැඩිය හොඳයි ඉස්සර අපේ සීයා වගේ මෙට්ටය යට හංගලා තියාගන්නවා, නැත්නම් කිරිඅම්මා හංගපු විදියට හංගනවා කියලා (නි)
හොඳ දෙයක් වුනාට, මේකෙන් වැරදී විදියට හම්බකරපු කළු සල්ලි සුදු කිරීමක් වෙන්නේ නැහැ කියන්නේ කොහොමද? වංචනික දේශපාලකයින්ගේ අවශ්‍යතාවයක් ඉස්ට වෙනවා නේද....? (බ)
ලෝක ආහාර දිනයට තව දින 13 යි. මේ ලෝක ආහාර දිනය නිමිත්තෙන් මොන මොන ආහාර වල මිලද පහත දාන්නේ කියලා අපි දැනගන්න කැමතියි. (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
හොඳ තීරණයක් (නි)
ඒක නම් හොඳයි තමයි (නි)
මේ අපේ සල්ලි වලට කට්ටිය මොනවාහරි කළොත් පස්සේ අපිට වෙන්නේ හුල්ල හූල්ලා ඉන්න. කාවවත් විශ්වාස කරන්න බැහැ. (නි)
එක අතකට අපේ රටේ බැංකු තියෙද්දී මොකටද අපිට ස්විස් බැංකු? (නි)
විශ්වාස පොරොන්දුවක් සමග සහතිකයක් දෙනවනම් ගේනවා.(අ)
මේ මිනිස්සු විශ්වාස කරලා අපේ සල්ලි දන්නා හොදට තියෙයි (අ)
මෙහෙම කියනකොට මට පොඩි බයක් දැනෙනවා බොහොම අරපරිස්සමෙන් ඉතිරි කරගත් මගේ තුට්ටු දෙකටත් මොනවා වෙයිද කියලා. (නි)
ඒත් ඉතින් ගොඩක් දෙනෙක්ගේ සල්ලි තියෙන්නේ නම් ස්විස් බැංකු වල නෙමෙයි. (නි)
අන්තිමේදී වක්කඩේ හකුරු හැංගුවා වගේ වෙයිද කියලයි මට බය (නි)
ඉතින් ඔබ තුමාගේත් එහෙ සල්ලි තියෙනවානේ දාන්නකෝ ගෙනල්ල මෙහෙ (අ)
සුජීවගේ සල්ලි සුවීස් වලද තියෙන්නේ අනේ සාදු (අ)
අර කලින් කට්ටියකගේ හංගලා තියෙනවා කියපු සල්ලි ලැබුණේ නැද්ද? (නි)