සිවිල් පරිපාලනයක් උතුරේ ක්‍රියාත්මක බවට රජය ප්‍රකාශ කළත් ලක්ෂයකට වැඩි හමුදා භට පිරිසක් උතුරේ රඳවා තැබීමෙන් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජනජීවිතයට බාධාවක් වී ඇති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් කියා සිටියේය.
ස්විස්ටර්ලන්තයේ නීතිය හා පොලිස් කටයුතු පිළිබද ඇමතිනී සිමෝනිටා සොමාරුහා යාපනයට පැමිණ මහ ඇමැති කාර්යාලයේදී විග්නේෂ්වරන් හමු වී පැවති සාකච්ඡාවේදී ඔහු මේ බව කීවේය.
යුද හමුදාවේ විශාල පිරිසක් උතුරේ රැඳී සිටීම නිසා මේ වසරේ ගත වූ කාලයේ සාමාන්‍ය වැසියන් අනවශ්‍ය වධ බන්ධන වලට ලක්වීමේ සිද්ධි දාහතක් වාර්තා වූ බව ඔහු මාධ්‍ය සමග කීවේය.
‘එමෙන්ම යුද්ධය පැවති වසර තිහක කාලයේම දෙමළ වැසියන්ට යුද හමුදාව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට නොව කතා කිරීමටවත් ඉඩ නොදුන් බව ඔහු කීවේය.
‘හමුදාව උතුරේ රැදී සිටිමින් මහජනතාව සතු ඉඩම් කොල්ල කන බවත් රජය එය නතර කිරීමට කටයුතු කරන බව පැවසීමෙන් පසුවද උතුරේ ඉඩම් අක්කර 4500 ක් පමණ අලුතින් අත්පත් කරගෙන ඇති බව ද මහ ඇමැති කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ජනතාව රජයට පූර්ණ සහය පලකරන නමුත් රජය දෙමළ ජනතාවට වූ පොරොන්දු ඉටු නොකරන බවත් ඊට උදාහරණ වශයෙන් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම , ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම ඇතුළු කරුණු කීපයක්ම ස්විස්ටර්ලන්ත අමාත්‍යවරියට ඔහු පෙන්වා දී තිබේ.
එමෙන්ම එම ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය පිණිස තමන් යාපනයේදී දෙමළ ජනතාව සමග විරෝධතාවයට එක් වූවේ බෞද්ධ ආගමකට එරෙහිව හෝ සිංහල ජනතාවට එරෙහිව හෝ නොවන බවත් දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පමණක් බව ද මහ ඇමතිවරයා කියා සිටියේය.
උතුරේ මෙම සැබෑ තත්ත්වය ජාත්‍යන්තරය හමුවට ගෙනගොස් රජයට යම් බලපෑමක් කොට උතුරේ ජනතාවට සහනයක් සලසා දෙන ලෙස ඔහු ස්විස්ටර්ලන්ත ඇමැතිනියට කීවේය.
හමුදාව කිසිවිටකත් උතුරේ ජනතාවගේ ඉඩම් කොල්ලකා නැති බවත් හමුදා කඳවුරු ඉදිකළ ඉඩම්වලින් දැනටමත් විශාල ප්‍රමාණයක් මහජනතාවට බාරදී ඇති බවත් යුද හමුදාව පවසයි.
හමුදාව හා දෙමළ ජනයා අතර ඉතා හොඳ සුහදතාවයක් පවතින බවත් හමුදා ආරංචි කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාගේ ගතු අහන්න කවුරුත් දැන් නෑ.(හේ)
වැඩක් වෙන්නේ නෑ.(හේ)
මට පෙනෙන්නේ වාසු මස්සිනා තමයි ඔවැනි බේගල් කියන්න කියල දීල තියෙන්නේ. (බ)
මෙයා අද උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන්ද? නැතිනම් දකුණේ පරාජිත දේශපාලකයන් නැවත ගොඩ ගැනීම වෙනුවෙන්ද? අද අපට ඇති ගැටළුව එයයි.විග්නේෂ්වරන් මහතාට විරුද්ධව මෙහි හඬ නැඟූ මහින්දවාදීන් ( තමන් පමණක් දේශප්‍රේමින් කියා සිතන) අද කොතැනද? බල කෑදරකම වෙනුවෙන් ගොඩනැඟුණ දේශප්‍රේමය සහ ජාතිප්‍රේමය කොහේ නවතීද? (බ)
හිටපු විනිසුරුවරයෙක්ගේ ඉල්ලීම් කොතරම් සාධාරණද යන්න තේරුම් ගත නොහැකිය. තමන්ගේ ඉල්ලීම් සාධාරණය වීමට නම් නැවත උතුරේ ත්‍රස්තවාදය ඇති නොවන බවට මෙතුමාට සහතික විය හැකිද? ජාතියක් වශයෙන් නොව සියලුම පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය නොහැකිද? (බ)
රට පැහැදිලිව අනතුරක ඇති විටකදිවත් රට ගැන නොහිතා අනුන් පිට වරද පටවන මිනිසුන් සිටින අවාසනාවන්ත රටක් මේක (බ)
ඔන්න මෙතනත් මේ විග්නේශ්වරන් මහා ලොකු බොරුවක්නේ කියන්නේ. (හේ)
විග්නේශ්වරම් ගේ බලවත් විශ්වාසයක් තියෙනවා, ශ්‍රී ලංකාවේ ජනතාවට ගිල්ලවන්න හැදු අමිහිරි, තිත්ත කතාව ස්විස්ටර්ලන්ත ඇමැතිනියටත් ගිල්ලවන්න ඕව හරි යන වැඩ නොවෙයි ඔය ප්‍රෝඩා විදේශිකයන් අහන්නේ, ඒවායේ තියෙන තාරබර එහෙම අඩු කරලා බව සිහියේ තබා ගන්න .... (රේ)