
(ටී.කේ.ජී.කපිල )
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් සංවිධානය කළ Aviation Gender Summit - 2023 හී දී " කාන්තාවන් ගුවන් සේවා ක්ෂේත්‍රයට ආකර්ෂණ කර ගැනීම පිළිබඳ " ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ දේව් කෞසල සමරජීව මහතා ඉදිරිපත් කළ , කෙටි වීඩියෝ නිර්මාණය , එහිදී ඉදිරිපත් වූ විශිෂ්ටතම නිර්මාණය ලෙස තේරී පත් වී ඇති අතර , ඔහු එම සම්මාන සහතිකය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මෙම සමුළුව ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර " මැරියට් " හෝටලයේ දී පවත්වා තිබුණි .
මෙම තරගාවලිය සදහා ලෝකයේ රටවල් 64 ක් නියෝජනය කරමින් තරගකරුවන් 289 දෙනෙකු සිය නිර්මාණ ඉදිරිපත් කර තිබුණි .
ඒ සියලු නිර්මාණයන් අභිබවා දේව් කෞසල සමරජීව ඉදිරිපත් කළ නිර්මාණය ප්‍රථම ස්ථානයට පත් වී තිබේ .
දේව් කෞසල සමරජීව "Aviation Voice " සංවිධානයේ නිර්මාතෘවරයා මෙන්ම එහි විධායක අධ්‍යක්ෂවරයා ද වේ.
ඔහු මීට පෙර 2012 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හී දී ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් සංවිධානය කළ සමුළුව අතරතුර සංවිධානය කළ තරගාවලියේ දී " කුඩා දරුවන් ගුවන් සේවා ක්ෂේත්‍රය වෙත ආකර්ෂණය කර ගැනීම " පිළිබඳව වීඩියෝ නිර්මාණයක් ඉදිරිපත් කර තිබූ අතර , එහිදී ද දේව් කෞසල මහතා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබුණි .
දේව් කෞසල මෙම සම්මානය රැගෙන ඊයේ (10) සවස 03.10 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට , තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු පිළිගැනීම සදහා විශේෂ උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පැවැත්වුණි .

2025 දෙසැම්බර් මස 18
487
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිවිල් ගුවන් සංවිධානයේ ඉහළම සම්මානය ශ්‍රී ලංකාවට