ඝාතනයට ලක්වූ ධර්මරත්නම් සිවරාම් කොටි සාමාජිකයෙකියි ලේබලයක් අලවා තිබුණත් ඔහු කිසි කළෙක කොටි සංවිධානයට සහාය නුදුන් බව මාධ්‍යවේදී කුසල් පෙරේරා කොළඹ මහාධිකරණයේදී අද ප්‍රකාශ කළේය.
2005 අප්‍රේල් 26 වැනිදා බම්බලපිටිය අවන්හලකදී ඔහු හමුවී අඩියක් ගැසූ බවත්, තමා ඔහුගෙන් සමු ගනිද්දී දෙදෙනකු පැමිණ ඔහු බලෙන් පැහැරගෙන කළු පැහැති පැජරෝ රියක දමාගෙන ගිය බවත්, එදා රාත්‍රියේම ඔහු මරා දමා ඇති බවත්, කුසල් පෙරේරා සාක්කි දෙමින් පැවසීය.
තාරකීය යනුවෙන් ද හැඳින් වූ සිවරාම්, ටැමිල්නෙට් වෙබ් අඩවියේ පුරෝගාමියා වන බවත්, ඔහු කොටි සංවිධානයට සහාය නුදුන්නත් ඔහු මළ පසු ඔහුගේ දේහයට කොටි සංවිධානයේ උත්තමාචාරය ලැබුණු බවත්, කොටි සංවිධානයේ ඉහළම ගෞරව නාමය වන මාමනිදන් ගෞරව නාමයෙන් පිදූ බවත් කුසල් පෙරේරා පැවසීය.
සිවරාම් පැහැරගෙන ගොස් මරා දැමී යැයි සැකපිට අතුරු හමුදා නායකයකු වන ආරුමගම් ශ්‍රී ස්කන්ධරාජා චෝදනා ලැබ සිටියි.
වැඩිදුර විභාගය ජූනි 19ට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ බයිල කියන කුසල් පෙරේරා කියන කෙනත් කොටියෙක් වගේ මට පේන්නෙ. පිට රට වලින් කීයක් හම්බවෙලාද දන්නෙ නෑ සාක්ෂිදෙන්න.(නදී)
සිවරාම් කොටියෙක් නෙමේ වගේම ප්‍රබාකරන් කොටියෙක් නෙමේ. ඔවුන් දෙදෙනාම අපේ රට දෙකඩ කරන්න හදපු අය. චරිත සහතික දෙන්න අය නම් දැන් ගොඩක් ඉන්නවා, මෙයා කොටියා නෙමේ කියලා. ඒත් රටේ මිනිස්සු දන්නවා කොටියා කවුද සිංහයා කවුද කියලා (නි)
ලියන්න නිදහස තියනවා කියල තමන්ගේ මෝඩ අදහස් හැම එකක්ම ලියන එක වැරදියි . යුද්දේ ඉවර වෙන්න කලින් කරුණ අම්මානුයි , පිල්ලෙයානුයි රජය පැත්තට එක් වෙලා කොටින්ට විරුද්දව ක්‍රියාකලා . සමහර විට යුද්දේ දිනන්න ඒකත් උදව්වක් වෙන්න ඇති . දැන් ඒකට අදහස් ලියන අය කල්පනාකරලා බලන්න සාමයට එකඟ වෙලා ප්‍රභාකරන් සටන් නවත්තල ආවනම් ඔබතුමන්ලා ප්‍රභාකරන් ටත් සලකන්නේ ත්‍රස්තවාදියෙක් විදියටද ? අනෙක දැන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියල කණගාටු වෙන සමහර දේශපාලක තුමන්ලා ටිකකාලෙකට උඩදී ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාශ නැතිව ආයුධ අරගෙන දකුණේ ත්‍රස්තවාදී භීෂණයක් ඇතිකළා . එතකොට එයාලත් තාම ත්‍රස්තවාදීද ? අනේ මන්ද නොදත්කමද ? නැතිනම් හැටිද ? (ස)
පුදුමේ කියන්නේ මෙතන කට්ටිය සිවරාම්ට වට කරලා ගහන ගමන් කරුණා අම්මාන්ට මල් මලා දානවා. බලන්න එයාගේ කොලඹ තියන ජනහමු දිහා. මොකෝ එය පුනරුත්තාපනේ කලාද?(නදී)
මෙහෙමයි විකල්ප අදහස් දරන අය ඕනෑ තරම් ඉන්නවා. විය යුත්තේ මතවාදී වශයෙන් පැරදවීමයි. (නි)
මිනිස්සුන්ගේ අධ්‍යාපනය සහ සාමාන්‍ය දැනුම හරියට කලට ඔබින විදිහට තියනවා නම් මේ වගේ අයට තැනක් නැහැ. ඒක නොකෙරුවම තමයි මේ රටේ මිනිස්සු අන්දන්න ලේසි. උදාහරණ ලෙස"ෆෙඩරල්, කොන් ෆෙඩරල්,නැනෝ තාක්ෂනේ"වගේ දෙයක් ගැන අපේ සාමාන්‍ය කෙනෙක් ගෙන් අහල බලන්න. ටර්බෝ කියන්නේ මොකද්ද කියල අහල බලන්න. වෙන රටක කැම්පස් නොගිය ගොවියෙක්,කම්කරුවෙක් උනත් දන්නවා මේ ඔක්කොම.මෙහෙම උනහම තමා අපේ අයව අන්දන්න ලේසි. මේකට උත්තරේ මිනිස්සු දැනුමෙන් පොහොසත් කිරීමයි.(නදී)
නිමල් ලලිතා ඔයාගේ කතාව හරියට හරි. මමත් ඔබ සමග එකයි. (නදී)
එදා බහුතර ජනතාව සතුටු වුණේ සියළුම දමිළ ජනතාවට කොටි ලේබල් ගැසීම වැනි දේවලින් (නි)
කුසල් කියන්නෙත් සිංගල කොටියෙක් නේ.(නදී)
නිමල් ලලිතා ඔයා කියන දේවල් විතරක් නෙවෙයි මේ සිංහල ද්‍රෝහියෝ ගැන මීට වැඩ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනා. දැන් බලන්න ලංකාවේ කොතනත් ඕනෑම ජාතියෙකුට ශ්‍රී ලාංකික නම් ඉඩම් ගන්න පුළුවන්. නමුත් සිංහලයන්ට යාපනේ ඉඩමක් ගන්න බෑ, තේසවලාමේ නීතිය යටතේ. අපට දැන් නැගෙනහිර ඉඩම් ගන්නත් බෑ. ඉතින් ලංකාවේ මුලික අයිතිවාසිකම් අහිමිවෙලා තියෙන්නේ සිංහලයට විතරයි. ඉතින් මේ වගේ සිංහල ද්‍රෝහීන්ට ඔය දේවල් පෙන්නේ නෑ. මුන් ගෙනල්ල දඬු කන්දේ ගහන්න ඕනා. අපි කියන දේවල් පත්තර වල දාවිද දන්නේ නෑ මොකද අපි සිංහලයෝ නිසා.(නදී)
දී කිරට බළලුන් ශාක්ෂි දුන්නා වාගෙයි.(නදී)
කුසල් පෙරේරා 2005 අප්‍රේල් 26 වැනිදා බම්බලපිටිය අවන්හලේදී ගහපු අඩියට කලගුණ සලකනවා වෙන්න ඇති.(නදී)
අපේ බහුශ්‍රැත වෙන්න හදන සමහර පණ්ඩිත ඇත්තෝ ළඟදීම කියයි ප්‍රභාකරනුත් කොටියෙක් නෙමෙයි කියලා. (නි)
කව්ද මේ කුසල්..මට පෙන්නේ එයා තමා කොටියා...නැත්නම් ටැමිල් නෙට් එකේ ලොක්ක කොටියෙක් නෙමෙයි කියාවිද? (ස)
සේරම්, ඔහු කොටියෙක්ද සිංහයෙක්ද කියන එක නොවෙයි මේ දෙගොල්ලන්ටම තියෙන් ප්‍රශ්නේ. අනික් සියලුම ජාතීන් මේ ගැන පිලිකුළෙන් තමයි බලන්නේ. (නි)
දැන් නම් අපිට අළුතෙන් හිතන්න වෙනවා, කවුරු කවුරු ගැනත් (නි)
මේ මොකුත් මට මතක නැනේ කියයි හෙට අනිද්දා අනේ කාලේ වනේ වාසේ කිව්වලු.(නදී)
අරි අපි පිලිගග්න්නවා සිවරාම් කොටියෙක් නොවන බව. අර එතකොට දැන් රජයට එක් වීලා ඉන්න දෙන්නා සහ කේ.පී ගැන යමක් ප්‍රකාශයක් කලොත්.(නදී)
එහෙනම් ටැමිල් නෙට් එක කාගෙද. ඒක කාගෙද කියලා මුලු ලොකෙම දන්නවා. (නි)
සිවරාම් කොටියෙක් නොවේ. ඔහු සිංහයෙකි. (නි)
ටැමිල් නෙට් එක කළේ එයා නම් කොහොමද කොටියෙක් නොවෙන්න්නේ. එතකොට අපිද කොටි. කොටියත් එක්ක ජෝගි නටල තව ලජ්ජා නැතුව චරිත සහතිකත් දෙනවා.(නදී)
කුසල් ඔබ සිංහල කොටියෙක්ද ? මට පොඩ්ඩක් සැකයක් ඇති උනා.(නදී)
පසුගිය කාලේම ටැමිල්නෙට් එක කල වැඩ බොහෝය දන්නවා එනිසයි ප්‍රබාකරන් මොහුට වීර සම්මානයක් දුන්නේ. මෙ ලියන අයට අතීතයත් වර්තමානයත් අමතකවෙලා වගේ . (ස)
අනේ රනිල්, පිළිකුලෙන් බලන්න ඕනෑ වැරදි කරපු මිනිස්සු දිහා. ඔය කියන්න හදන්නේ ලංකාව දිහා ලෝකේ මිනිස්සු බලන්නේ පිළිකුලෙන් කියලද ? ඇමෙරිකාව හැම මුස්ලිම් කෙනෙක් දිහාම බලන්නේ අල්කයිඩා කාරයෙක් දිහා බලනවා වගේ.ඒත් ඔය කියන ලෝකේ එයාලා (ඇමෙරිකාව) දිහා බලන්නෙත් පිලිකුලෙන්ද ? (නි)
මම නම් නැහැ ඔන්න
අපිට මතකයි බහුතර සිංහයෝ කොටියා වගේ රඟපාල මුදල් හම්බකරපු හැටි, (ස)
ටැමිල් නෙට් කියන්නේ කොටින්ගේ නිල වෙබ් අඩවිය. සිවරාම් එකේ ලොක්කා. කුසල් කියන්නේ කොටින්ගෙන් ලැබෙන මුදල් වලට කඩේ ගිය අදත් කොටි ඩයස්පෝරාවේ මුදලින් සැප විදින ද්‍රෝහියෙක්.(නදී)
අනේ මගේ කට... (නි)
රනිල් හරි. අපේ රට ඇතුලේ අපිට ඕනෑ දෙයක් කියාගන්න පුළුවන්. එත් මෙවැනි ඝාතන නිසා ජාත්‍යන්තරව අපට එන අපකීර්තියයි ප්‍රශ්නේ. හංගන්න උත්සාහ කළාට අපි මෙවැනි සිද්ධීන් නිසා සැහෙන්න මඩ කනවා. (නි)
මෙම ලිපි කියවන බොහෝ දෙනෙක් කුසල් පෙරේරා ගැන දන්නේ නැති බවකුයි හැගී යන්නේ (නි)
එතකොට කරුණා මැතිතුමා කොටියෙක්ද, හිවලෙක්ද, සුනඛයෙක්ද?. එතනින් ගියාම කුමාරන් පද්මනාදන් මැතිතුමා කොටියෙක්ද, හිවලෙක්ද සුනකයෙක්ද. නොදන්නා හින්දයි අහන්නේ.(නදී)
මට ඔයා ගැන සැකයි වගේ. (නි)
දෙමල කොටියන්ට,දෙමල ජාතිවාදයට කත් අදින හිංගල ද්‍රෝහියන්ට මම කියනවා, අඩුම වශයෙන් හැකි නම් උතුරු පළාතේ ප්‍රාදේශීය සැබෑවක මන්ත්‍රී කෙනෙක් වෙන්න. එසේ කළ නොහැකි නම් ඉඩමක් ගන්න කියලා. (නි)
කොටියෙක් නෙවෙයි හිවලෙක්.(නදී)