යුද හමුදාවේ හිටපු සෙබළෙකු හා හිටපු ඇමැති ආරක්ෂකයකු බව කියන පුද්ගලයකු අනුරාධපුරයට ගොස් සිවුරු පොරවාගෙන දඹදිව වන්දනා චාරිකා මුවාවෙන් එකසිය හැට දෙනකුගෙන් රුපියල් තිස්පන්ලක්ෂයක් වංචා කළැයි ඔහුගේ රියදුරා ද සමඟ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය කියයි.
නොයෙකුත් ආයතන වලින් පිරිනමන සම්මාන,උපාධි රැසක් නමට ඉදිරියෙන් ලියා ගැනීමේ පුරුද්දක් ඇතිව සිටි මොහු අනුරාධපුර ගමක පන්සලක විහාරාධිපති ලෙස සිටියදී දඹදිව වන්දනාව සදහා රුපියල් තිස්දහස බැගින් එකතු කැර ඇතැයිද ඉන් මාසයකට පසුව සිවුරු හැර ගමෙන් අතුරුදන්වී ඇතැයි ද ඔහුට බිරියක් හා අනියම් බිරියක්ද සිටි බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලීසිය පවසයි
හම්බන්තොට සුරියවැව පදිංචිකරුවකු වන මොහු ළඟ තිබී ඡයාරූප පන්සීයක් ,රුපියල් නව ලක්ෂ හැටදහසක්, ජංගම දුරකතන තුනක් ,සිම්කාඩ් හා හැදුනුම්පත් හතරක් පොලීසිය සොයාගෙන තිබේ.
එකතු කළ මුදලින් බිරියට ලක්ෂ දෙකක් අනියම් බිරියට රුපියල් ලක්ෂයක් ද තවත් සමීප නෑයකුට රුපියල් ලක්ෂ පහක්ද දී ඇතැයි පොලීසිය සදහන් කරයි.
මීට වසර කිහිපයකට පෙර මොහු යුද හමුදාවේ සේවය කැර ඇතැයි ද හිටපු ඇමැතිවරයකුගේ පොලීස් ආරක්ෂකයකු වී සිට ඇතැයි ද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිවුරට මුවා වී ලක්ෂ 35ක් හුරන් කලා
කරුණාරත්න දිසානායක Tuesday, 24 December 2013 07:05 AM
ලොකු ලොකු අයගේ නම් කියන අය අපේ පැත්තෙත් ඉන්නවා. (ත)
සුමංගල ඇල්පිටිය Monday, 23 December 2013 12:15 PM
එයා, එයා ගැන බලා ගනීවි. දුන් අය සිත් පහදවා ගන්න (ත)
රිස්වාන් ඩුබායි Monday, 23 December 2013 12:18 PM
මේ වගේ අයට දැඩි දඩුවම් දෙන්න ඕනෑ..අහිංසක මිනිසුන්ව රවටනවට. (ත)
මරික්කාර් Monday, 23 December 2013 01:13 PM
නීතිය ක්‍රියාත්මක කරන්න. (ස)
ඩයස් Monday, 23 December 2013 02:13 PM
මරික්කාර් මහත්තයා හරි. නමුත් නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේ වගේ හොරු බිහි වෙන්නෙ නෑනෙ.(නදී)
කුමාරි Monday, 23 December 2013 02:14 PM
අනුමානයක් නැහැ ඕවා ඉගෙනගෙන ඇත්තේ ඇමති තුමාගෙනුයි.(නදී)
පියසේන Monday, 23 December 2013 02:37 PM
නඩුවකින් ඔය වගේ අය වැරදිකරු වූ පසු මහජනයාට ප්‍රදර්ශනය කරන්න ඕනා. (නදී)