යුද හමුදාවේ හිටපු සෙබළෙකු හා හිටපු ඇමැති ආරක්ෂකයකු බව කියන පුද්ගලයකු අනුරාධපුරයට ගොස් සිවුරු පොරවාගෙන දඹදිව වන්දනා චාරිකා මුවාවෙන් එකසිය හැට දෙනකුගෙන් රුපියල් තිස්පන්ලක්ෂයක් වංචා කළැයි ඔහුගේ රියදුරා ද සමඟ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය කියයි.
නොයෙකුත් ආයතන වලින් පිරිනමන සම්මාන,උපාධි රැසක් නමට ඉදිරියෙන් ලියා ගැනීමේ පුරුද්දක් ඇතිව සිටි මොහු අනුරාධපුර ගමක පන්සලක විහාරාධිපති ලෙස සිටියදී දඹදිව වන්දනාව සදහා රුපියල් තිස්දහස බැගින් එකතු කැර ඇතැයිද ඉන් මාසයකට පසුව සිවුරු හැර ගමෙන් අතුරුදන්වී ඇතැයි ද ඔහුට බිරියක් හා අනියම් බිරියක්ද සිටි බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලීසිය පවසයි
හම්බන්තොට සුරියවැව පදිංචිකරුවකු වන මොහු ළඟ තිබී ඡයාරූප පන්සීයක් ,රුපියල් නව ලක්ෂ හැටදහසක්, ජංගම දුරකතන තුනක් ,සිම්කාඩ් හා හැදුනුම්පත් හතරක් පොලීසිය සොයාගෙන තිබේ.
එකතු කළ මුදලින් බිරියට ලක්ෂ දෙකක් අනියම් බිරියට රුපියල් ලක්ෂයක් ද තවත් සමීප නෑයකුට රුපියල් ලක්ෂ පහක්ද දී ඇතැයි පොලීසිය සදහන් කරයි.
මීට වසර කිහිපයකට පෙර මොහු යුද හමුදාවේ සේවය කැර ඇතැයි ද හිටපු ඇමැතිවරයකුගේ පොලීස් ආරක්ෂකයකු වී සිට ඇතැයි ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලොකු අයගේ නම් කියන අය අපේ පැත්තෙත් ඉන්නවා. (ත)
එයා, එයා ගැන බලා ගනීවි. දුන් අය සිත් පහදවා ගන්න (ත)
මේ වගේ අයට දැඩි දඩුවම් දෙන්න ඕනෑ..අහිංසක මිනිසුන්ව රවටනවට. (ත)
නීතිය ක්‍රියාත්මක කරන්න. (ස)
මරික්කාර් මහත්තයා හරි. නමුත් නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේ වගේ හොරු බිහි වෙන්නෙ නෑනෙ.(නදී)
අනුමානයක් නැහැ ඕවා ඉගෙනගෙන ඇත්තේ ඇමති තුමාගෙනුයි.(නදී)
නඩුවකින් ඔය වගේ අය වැරදිකරු වූ පසු මහජනයාට ප්‍රදර්ශනය කරන්න ඕනා. (නදී)