අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ දේහය සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති නිල නිවසට වැඩම කරවාගෙන ඒමට ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය ද මුදල් ඇමැති රවී කරුණානායක ඇතුළු දායකකාරකාදීහු ද සිංගප්පූරුවට ගියහ.
සෝභිත හිමියන් වෙනුවෙන් මතක වත්‍ර පූජා කිරීම ද තානාපති නිල නිවසේ දී සිදු විය.
දේහය අද රාත්‍රියේ කොළඹට වැඩම කරවීමට නියමිතය.
සෝභිත හිමියන්ගේ අභාවය සැලවීමත් සමග මුළු රටම කම්පාවටත් ශෝකයටත් පවත් වූ බව අපේ ප්‍රාදේශීය වාර්තාකරුවෝ කියති.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ මුළු ලංකාවම නින්දෙන් එත් සොභිත හාමුදුරුවන්ගේ හඩ තාමත් දෝංකාර දෙනවා පාලකයන් හරිමගට ගන්න (ම)
ඔබවහන්සේ යළිත් මේ මව්බිමේ ඉපදේවා! ඔබවහන්සේට අජරාමර නිවන් සුව පතනවා. (නි)
සම්බුදු නාහිමියන්ගේ මග ගමන් කළ සෝභීත හිමියනි සම්බුදු සාසනේ මහා මෙහෙවරක් කළ ජාතියය අවදි කළ හිමියනි තවත් බොහෝ දේ ඉදිරියේ තිබුණත් අපේ අවාසනාව කියා පා නික්ම ගියෙමි.මෙම කුරිරු යුගය නිමකරන්න තවත් සොබිත හිමිනමක් මෙලොව ඉපදිද අපි නොදනිමි. හිමියනි නිවන්සුව පතමි (ම)
නිවන් සුව ලැබේවා (ම)