IMG-LOGO

සිවුර පොරවද්දි හිතට බය හිතුණා

2016-10-22-ent-52

නිරූපණ ශිල්පියෙක්, නිවේදකයෙක්, නළුවෙක්, බැංකු නිළධාරියෙක් විදිහට සැබෑ ජීවිතේ සැබැවින්ම ඔහු දක්ෂයෙක් ලෙස අපට හඳුන්වා දෙන්න පුළුවන්. මේ අතුරින් ඔහු සිය රංගන හැකියාව තුළින් පේ‍්‍රක්ෂකයාගේ ආදරය සෑම විටම හිමිකරගත් චරිතයක්. අද අපේ කතාබහට එකතු වුණේ ඔබ ආදරය කරන රංගන ශිල්පි ඉෂාන් ගම්මුදලි.

මේ දිනවල තිරගත වන ඩොනල්ඞ් ජයන්තගේ ”මායා” චිත‍්‍රපටයේ හාමුදුරු නමකගේ චරිතය නිරූපණය කරමින් වැඩි පේ‍්‍රක්ෂකයාගේ අවධානයක් යොමු වුණු ඒ චරිතය ගැන කතාකරන්න.

ඔහු සඳැල්ල සමග එකතු වුණේ මෙලෙසින්.

බැංකු රස්සාවයි, රංගන කටයුතුයි එක්ක මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි වගේ.

කාලය කළමණාකරණය කරගෙන රැුකියාවයි රංගන කටයුතුයි සමබරව කරගෙන යනවා. උවමනාවක් තියෙනවනම් අවශ්‍ය දේවල්වලට කාලය වෙන් කරගන්නවා. මගේ ළඟ බොරු ඊමිහ එක නෑ.

 

ඉෂාන් ගම්මුදලි කියන චරිතය ”මායා” නිසා නැවත කරලියට ඇවිල්ලා කොහොමද ලැබෙන ප‍්‍රතිචාර?

2016-10-22-ent-51හොඳ ප‍්‍රතිචාරයක් ලැබෙනවා. මේ චරිතය මම කරන්න බැහැ කියපු චරිතයක්. ඒ වුණත් ලැබෙන ප‍්‍රතිචාරත් එක්ක දැන් හිතෙනවා මම හිතුවට වඩා දෙයක් චරිතය තුළින් කරලා තියෙනවා කියලා.

 

චරිතයට ආරාධනා ලැබෙන්නේ කොහොමද?

මේ චරිතයට මට කතා කළේ පුබුදු චතුරංග. හැබැයි මට කතා කරද්දිම මම බැහැ කිව්වා. ඒ වුණත් පුබුදුත්, ඩොනල්ඞ් මහත්මයත් චරිතය කරන්න ලොකු සහයෝගයක් දුන්නා. මායා චිත‍්‍රපටයේ අනුවර්ථකයා පුබුදුගේ බලපෑමත් එක්ක තමයි මම මේ චරිතය කළේ. ඇත්තටම ස්වාමින්වහන්ස නමකගේ චරිතයක් කරන්න මම ගොඩක් ආසාවෙන් හිටියත්, හිතේ ලොකු බයක් තිබුණා. චරිතය ගොඩක් බරපතළ නිසා.

 

කතා කරද්දිම චරිතය ප‍්‍රතික්ෂේප කරන්න හේතුව?

මම උපතින්ම ක‍්‍රිස්තියානි මනුස්සයෙක්. බුද්ධාගමේ දේවල් මට හුරු නැහැ. සිවුර ඇඟට දාගත්තම මට මං ගැනම පුදුම හිතුණා. මට චිත‍්‍රපට අත්දැකීම් අඩුයි. චරිතය නිරූපණය කරද්දි ලොකුම කට්ට කෑවේ ඩබින්වලදි. කොළේ ලියලා දෙන ගාථාව කියවන්න පුළුවන් වුණාට ගාථාවක් විදිහට වචන උච්චාරණ කරන්න මට හුරු නැහැ. මේ හැම දේකටම ඩොනල්ඞ් මහත්මයත් පුබුදුත් මට ගොඩක් උදව් කළා.

තව දෙයක් තමයි මම ක‍්‍රිස්තියානි නිසා සිවුරට නොදැනුවත්ව හෝ හානියක් වුණොත් කියලා බය හිතුණා. මොකද මම පේ‍්‍රක්ෂකයාගේ දෝෂාරෝපණයට හරි බයයි. මම මුලින්ම චරිතය ප‍්‍රතික්ෂේප කළේ ඒ දේවල් නිසා. කවදහරි සිවුරක් ඇඳලා රඟපානවා කියලා හිතේ තිබුණ ලොකු ආසාවට අවස්ථාවක් ලැබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි.

 

ඔබ උපතින්ම කතෝලිකයෙක් නිසා චරිතය ඔබට නුහුරුයි වගේම, ඒ චරිතය ඔබට අභියෝගයක් වෙන්න ඇති?

ඇත්තටම මේක මට මාවම අභියෝගයක් කරපු චරිතයක්. චරිතය වෙනුවෙන් ගොඩාක් කැපවීම් කළා. කොණ්ඩෙ කැපුවා. කොණ්ඩෙ කපපු නිසා රැකියාවෙන් පුංචි පුංචි ගැටලූ මතු වුණා. ඒ වුණත් රැුකියාව පසෙකලා චරිතය වෙනුවෙන් කැප කළා. ඒ දවස්වල වෙනත් කිසිම නාට්‍යයක් භාර ගත්තේ නෑ. මේ චරිතයෙන් පෙන්වන්නේ සාමාන්‍ය අපි දකින සත්ගුණවත් සිල්වත් හාමුදුරුනමක් නෙවෙයි. මන්තර ගුරුකම් කරන යකෙකුටවත් බය නැති චණ්ඩි හාමුදුරුනමකගේ චරිතයක්. ලංකාවේ ඉඳපු එවැනි ස්වාමින් වහන්සේලා ගැන ලියවුණු පොත්පත් සහ ඒ චරිත පිළිබඳ මම හොඳට අධ්‍යයනය කළා.

ඒ වගේම චරිතය වෙනුවෙන් පේ වුණා. ඒ වත්පිළිවෙත් ඒ විදිහටම පිළිපැද්දා. චරිතය ගැන ගොඩක් සිතුවා. මම කරපු ලොකුම කැපකිරීම තමයි ඒ දවස්වල කිසිම වැඩක් භාරගත්ත නැති එක.

 

යකෙකුටවත් බය නැති හාමුදුරුවන්ගේ චරිතය ගැනත් කතා කරමු?

මේ චරිතයේ මන්තර ගුරුකම්වලට වඩා එහා ගියපු දෙයක් තිබුණා. ඒ තමයි නිර්මල බුදු දහමෙන් තමයි මේ හැම දෙයක්ම පාලනය වෙන්නේ කියන එක. බලගතු මන්ත‍්‍ර ගුරුකම් කරපු හාමුදුරුවන්ගේ චරිත ඒ පොත්පත්වල තියෙන දේවල් මට ඔළුවට ධාරණය කරගන්න පුබුදු ගොඩක්ම උදව් කළා. ඇවිදින විදිහ, කතා බහ කරන විදිහ, ඒ රූප ස්වභාවය මගේ තුළින් ගන්න පුබුදු ගොඩාක් උත්සාහ කළා. මට මේ හැමදේම නුහුරු, අලූත් දේවල්. සිවුර ඇඟට හුරු කරගෙන ඒ ගමන් විලාසය හුරු වෙන්නත් මට ටික දවසක් ගියා.

කෘතියේ හැටියට මේ චරිතය ගොඩක් ප‍්‍රබලව ගොඩ නැගෙන චරිතයක්. මියගිය ආත්මයක් වැහුණු කෙනෙකුට කොච්චර මන්තර ගුරුකම් කළත් අවසානයේ බුදු දහමෙන් තමයි ඒ ආත්මය වළලන්නේ.

ඒකෙන් කියන්නේ බෞද්ධ රටේ නිර්මල බුදු දහම තරම් බලගතු මන්තරයක් තවත් නැහැ කියන එක. ඉන්දියානු චිත‍්‍රපටයක් නිසා ලංකාවට ගැලපෙන විදිහට ආගම, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ඉස්මතු වෙන ආකාරයට චිත‍්‍රපටය නිර්මාණය කරන්න පුබුදු ලොකු කැපකිරීමක් කළා. ඒ උත්සාහය සාර්ථකයි කියලා කියන්න පුළුවන්.

 

පළමු වතාවට සිවුරක් ඇඟදවටද්දි මොකද හිතුණේ?

හිතුන එකම දේ බය විතරයි. මම කතෝලික නිසා බෞද්ධයකුගේ අතින් වරදක් වුණා වගේ නෙමෙයි. කෙනෙකුට අර්ථකථනය කරන්න පුළුවන් හිතලම නිගා කරලා කියලා. මම ඒකට හරි බයයි. මේ නිසා සිවුරත් එක්ක මම ගොඩක් පරෙස්සම් වුණා. සිවුර ඇඟට දාගත්ත වෙලාවේ ඉඳලා මම නිතරම හිටියේ අපේ කණ්ඩායමෙන් මිදිලා. මම හැම වෙලාවෙම උත්සාහ කළේ චීවරයේ ගෞරවය ආරක්ෂා කරන්න.

 

”මායා” එක්ක අමතක නොවන මතකයන් කන්දරාවකුත් ඇති? එහෙම නේද?

අම්මෝ...... ඔව්. ඒ චරිතයම මට අමතක නොවන චරිතයක්. දවසක් පිල්ලෑව පන්සලේ ෂූටින් ඉද්දි මම සිවුර ඇඳගෙන සිවුරත් එක්ක ඇවිදින හැටි පුහුණු වෙවී හිටියා. මටත් එච්චර ගාණක් වුණේ නැහැ. වන්දනාවේ යන නඩයක් බස් එකකින් ඇවිල්ලා බැස්සා. මුලින්ම බස් එකෙන් බැස්ස කාන්තාව බැස්ස ගමන් මට වැන්දා. මේ මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැරි වුණා. එයාගෙන් පස්සේ මුළු බස් එකම වැන්දා. මම දැකලා තිබුණ වැන්දට පස්සෙ ”සුවපත් වේවා” කියලා හාමුදුරුවෝ කියනවා. වැඳපු හැමෝටම මමත් සුවපත් වේවා කියලා කිව්වා. ඒ අය මට රැුවටිලා ඔඪ එකේ බණ කියන හාමුදුරුවෝ කෙනෙක් කියලා. ඒ වගේ හරි සුන්දර මතකයන් ගොඩක් තියෙනවා. ඒ වගේම ලැබෙන

ප‍්‍රතිචාර එක්ක කාපු කට්ට හරිම රසයි කියලා හිතෙනවා. මන්තර ගුරුකම් කරන හාමුදුරුනමක් විදිහට මාව වෙස් ගැන්නුවේ නලින්ද අයියා. එයාට ගොඩක් තෑන්ක්ස් කරනවා. මගේ මේකප් එකට එක දිගට පැය පහක් පුටුවේ වාඩිවෙලා ඉන්න සිද්ධ වුණා. ඒකයි මම කිව්වේ කාපු කට්ට හරිම රසයි කියලා.

 

ලැබෙන ජනප‍්‍රියත්වයත් එක්ක ඉදිරියේදී රංගනය ඔබේ වෘත්තිය වේවිද?

මොන දේ කරත් මම වෘත්තියෙන් බැංකු සේවකයෙක්. මේ දේවල් කරන්නේ මගේ විනෝදයට. නළුකමට මම ගොඩක් ආදරෙයි. ලැබෙන චරිතවලට උපරිමයෙන් සාධාරණය ඉෂ්ඨ කරනවා. නළුකම මගේ බැංකු වෘත්තියට ලොකු ආශිිර්වාදයක්. මේ වෙලාවේ මගේ ආයතනයේ සියලූ දෙනාම ආදරයෙන් මතක් කරනවා. ඔවුන්ගෙන් මගේ කලා කටයුතුවලට ලොකු සහයෝගයක් ලැබෙනවා. තෝරා බේරාගෙන රස්සාවටත් ගැලපෙන විදිහට කලාකටයුතුත් කරගෙන යනවා.

 

ඔබ ක්ෂේත‍්‍රයට එන්නේ නිරූපන ශිල්පියෙක් විදිහට. අද ඔබ ජනප‍්‍රිය රංගන ශිල්පියෙක් මොකද හිතෙන්නේ?

ස්වර්ණවාහිනියේ නිවේදකයෙක් විදිහට මම වැඩ කරනකොට මාව දැකලා සුනිල් කොස්තා මහත්මයා තමයි රෝමියෝ ජුලියට් කියන නාට්‍යය හරහා මාව නළුවෙක් කරන්නේ. 98 මගේ ජීවිතේ ස්වර්ණමය අවුරුද්ද. මම නළුවෙක් වුණෙත් මට බැංකු රැුකියාව ලැබුණෙත් 98 වසරේ. කලා ජීවිතේටයි, වෘත්තිය ජීවිතේටයි දැන් අවුරුදු 18ක්.

 

ඉදිරියේදී මොනවද අලූත් වැඩ?

ටෙලිනාට්‍ය කිහිපයක වැඩ කරගෙන යනවා. ඊට අමතරව ”මායා” ගෙන් පස්සේ චිත‍්‍රපටි කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි මම එකම චරිතයකට සීමා වෙන්න කැමති නැහැ. විවිධ වූ අභියෝගාත්මක චරිත කරන්න කැමැතියි. හොඳ නිර්මාණයකට ඉදිරියේදී දායක වෙනවා.

 

වර්තමාන සිනමාවේ නිර්මාණය වන ගොඩක් නිර්මාණ විදේශීය නිර්මාණවල කොපි කියලා චෝදනාවක් තියෙනවා. ”මායා” කියන්නෙත් ඉන්දීය සිනමාවේ කොපියක්?

ඒ ගැන කියනවනම් ලෝක සිනමාවේ ගත්තත් ගොඩක් නිර්මාණ කොපි කරපුවා. ඒක තමන්ට ගැලපෙන විදියට නිර්මාණය කරලා නම් චෝදනා කරන එක වැරැුදියි. ඒකට හොඳම පිළිතුර තමයි ”මායා”

 

නදීශා අතුකෝරල

 

2016-10-22-ent-55



අදහස් (0)

සිවුර පොරවද්දි හිතට බය හිතුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 342 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site