ඉතාලියේ මිලානෝ නගරයේ කාලාර්ථයේ ගී සැඳෑවේ හය වැනි දර්ශනය ප්‍රවීන සංගීතවේදී නවරත්න ගමගේ මහතාගේප්‍රධානත්වයෙන්නොවැම්බර් 16 වැනි සෙනසුරාදා සවස හයට මිලානෝ නො.48,ඩොන් බොස්කෝ ශාලාවේදී ස්වාභාවික ගීත රසවතුන්ගේ රසවින්දනය උදෙසා ගෙනහැර පෑමට සියලු විධිවිධානයන් සැලසුම් කර ඇති බව මිලානෝ සුවපත්සේවා සංවිධානයේ ප්‍රධාන සංවිධායක ලෙස්ලි ලෝව් මහතා පැවසීය.
මෙවර මෙමවැඩසටහන ගෙන හැරපානුයේ වයික්කාල උතුරු කම්මල අංක 52 නිවසේ පදිංචි, හදිසි අනතුරකින් වසර කිපයක සිට සිහි සුන්ව සිටින ඩිලූ රොෂාන් තරුණ මහතා සුවකර ගැනිමට අවශ්‍ය ආධාර මුදල් එකතු කර ගැනීමට බව ලෙස්ලි ලෝව් මහතා පැවසිය.
කාලාර්ථයේ ගී සැඳෑව කීර්ති හෙට්ටිතන්ත්‍රී මහතාගේ ඉදිරිපත් කිරිමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාගෙන්ම ලැබෙන අවවාද අනුශාසනා සුබපැතුම් අගය කරනවා.එපමණක් නොවෙයි හෙට එම වේදිකාවේදීම ආදායම් වියදම් සියල්ල පෙන්වා එම වේදිකාවේදීම එම පරිත්‍යාගය කරන බවට මෙහි මුල්‍ය කටයුතු බාරව ක්‍රියාකරන මම පොරොන්දු වෙනවා.එය ලංකාදීප පුවත් මගින් ප්‍රසිද්ධ කිරීමටත් අපිට අවස්ථාව ලැබේවි කියා කෘතවේදීව බලාපොරොත්තු වෙනවා.ලංකාදීප ,සමන්ත විජේසිරි ඇතුළු අපිට උදව් කරන හැමෝටම මගේ ප්‍රණාමය! (නි)
ලෙස්ලි ලොව් මහතාගේ මෙම මෛත්‍රී සහගත කාර්යයට සියල්ලන්ගේම සහයෝගය ලැබේවා. (ස)
සුන්දර සැදෑවක දෙසවන් පිනවන්නේ .....මිහි මත තැවෙන ජිවිතයක් ගොඩ ගන්නේ ......සුන්දර සිතුම් හදවත තුරුලුව ඉන්නේ ........ඔබ වැනි අයගෙනුයි මිහිකත සැනසෙන්නේ!.... (ස)
කිර්ති සහෝදරයා මිලානෝ වල ඉදන් කෙරුවොත් කරන්නෙම මේ වගේ සත් ගුණවත් හොඳ දේවල්ම තමා .අවංකම සුබ පතනවා ..ඔබට ජය (ස)
http://www.youtube.com/watch?v=xyle_ (ස)
ඉතා වටිනා වැඩක්. සුභ පතනවා සාර්ථක වේවා කියා.(නදී)