එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන ‘අළු බ`දුන’ තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (19 වැනිදා) තේ පානයට මඳ වේලාවකට පසුව ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 128 කට දැවී ගියේය. ලන්ඩන් නුවර ලෝඞ්ස් පිටියේදී පැවැත්වෙන මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 361 ක් ලබාගත්තේය.
කෙසේ වෙතත් පිට පිටම දෙවැනි වර පන්දුවට පහර දීමට ඕස්ටේ‍්‍රලියානුවන්ට ආරාධනා නොකළ එංගලන්ත නායකයා දෙවැනි ඉනිම ඇරඹීය. අද සවස තරගය නතර කරන විට එංගලන්තය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 31 ක් ලබා සිටියේය.
එංගලන්ත පිලේ 9 වැනි කඩුල්ල ලකුණු 313 දී බිඳ වැටුණ නමුත් 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක් එක් කළ ස්ටුවර්ට් බ්‍රෝඞ් (33) සහ ගේ‍්‍රඒම් ස්වෝන් (නොදැවී 28) එංගලන්ත පිලේ මුලූ ලකුණු සංඛ්‍යාව 361 ක් දක්වා ඉහළ දැමූහ. එතැනින් නොනැවතුණු ස්වෝන් ඕස්ටේ‍්‍රලියානු පිතිහරඹයේ කොඳුනාරටිය බිඳ දමමින් ලකුණු 44 කට කඩුලූ 5 ක් දවාගත්තේ කි‍්‍රස් රොජර්ස් (15), ස්ටීව් ස්මිත් (2) සහ උස්මන් කවාජා (14) පිටියෙන් ඉවත් කරමිනි.
පළමු දිනයේදී ඉයන් බෙල් හතරේ පහර 16ක් සමගින් ලකුණු 109ක් රැස් කර ගැනීමට සමත් වූ අතර මෙය බෙල් පිට පිටම ලබාගත් දෙවැනි ශතකයයි. ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 67ක් ලබාගත් අතර ජොනතන් ට්‍රොට් හතරේ පහර 11ක් සමගින් ලකුණු 58ක් රැස් කර ගත්තේය. බෙල් සහ බෙයාර්ස්ටෝ අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 144 කි.
වේග පන්දු යවන රයාන් හැරිස් ලකුණු 72 ට කඩුලූ 5 ක් දවා ගත්තේය.
එංගලන්තය - පළමු ඉනිම සියලූ දෙනා දැවී 361 යි
(ඇලිස්ටෙයාර් කුක් 12, ජොනතන් ට්‍රොට් 58, ඉයන් බෙල් 109, ජොනී බෙයාර්ස්ටෝ 67, ජේම්ස් ඇන්ඩසන් 12, කි‍්‍රස් බ්‍රෝඞ් 33, ගේ‍්‍රඒම් ස්වෝන් නොදැවී 28, රයාන් හැරිස් 72/5, ස්ටීව් ස්මිත් 18/3)
ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම සියලූ දෙනා දැවී 128 යි
(ෂේන් වොට්සන් 30, කි‍්‍රස් රොජර්ස් 15, උස්මන් කවාජා 14, මයිකල් ක්ලාක් 28, ජේම්ස් පැටින්සන් 10, රයාන් හැරිස් 10, ටිම් බ්‍රෙස්නන් 28/2, ගේ‍්‍රඒම් ස්වෝන් 44/5)
එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලූ 3 ක් දැවී 31 යි
(ජෝ රූට් 18, පීටර් සිඞ්ල් 4/3)
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්වෝන් ඕස්ටේ‍්‍රලියාව අමාරුවේ දමයි
ශනිත් Saturday, 20 July 2013 12:45 PM
ස්වෝන්ට ජයවේවා! මම කැමති ක්‍රීඩාකයෙක්.(නදී)
පද්මසිරි Saturday, 20 July 2013 06:33 AM
ඔස්ට්‍රේලියාව පරදීවි මේ ගමනත්. (නි)
චතුර Friday, 19 July 2013 08:54 PM
ග්රීම් සුවාන් මම කැමති හොඳ ක්‍රීඩකයෙක්(දී)