ස්වාධීන කොමිෂන් සභා සහ රහස් පොලිසිය වැනි ආයතන තම විමර්ශනවලින් පසු ගන්නා ක්‍රියාමාර්ග ගැන රටේ ජනාධිපතිවරයා දැනුවත් කළ යුතු බවට සඳහන් වන්නේ කුමන නීතියකදැයි ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද ජනාධිපතිවරයාට ලිපියක් යැවීය.
හමුදා සාමාජිකයන්ට නිවාස හා ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කළ කතාවට විරෝධය දක්වමින් එම සංගමය මේ ලිපිය යවා තිබේ.
කොමිෂන් සභාවල ඇතැම් නිලධාරීන් පත්කරන්නේ ජනාධිපතිවරයා බැවින් ඔවුන් ගන්නා ක්‍රියා මාර්ග ගැන දැනුම්වත් කළ යුතු බවට ජනාධිපතිවරයා කර තිබූ ප්‍රකාශය ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියනුයේ තමා ස්වාධීනව කටයුතු කරන බව කීම සහ ඉහත ප්‍රකාශය පරස්පර බවයි.
බුද්ධි අංශ නිලධාරීන් මාස 10ක් තිස්සේ රිමාන්ඩ් බාරයේ සිටීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බව කියන මෛත්‍රීපාල සිරිසේන මහතා, වසර ගණනක් තිස්සේ නඩු නැතිව රිමාන්ඩ් බාරයේ පසුවන දෙමළ වැසියන් සම්බන්ධයෙන් මුණිවත රැකීම කණගාටුවට කරුණක් බව ද එම ලිපියේ සඳහන්ය.
හුදු වාග් ප්‍රලාප නවත්වා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට එම නිලදාරීන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත්, පසුගිය වකවානුවේ සිදුවූ අපරාධවලට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනපතිගෙන් ඉල්ලා ඇත.
එම ලිපියේ මෙසේද සඳහන්ය.
‘‘බුද්ධි අංශ නිලධාරීන් මාස දහයක් තිස්සේ රිමාන්ඩ් බාරයේ පසුවන බව ඔබ එදින කතාවේදී කියා තිබිණි. ඔබ කියන්නට ඇත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි බුද්ධි අංශ සාමාජිකයන් ගැන විය යුතුය.
එක්නැලිගොඩ නඩුවේ විමර්ශන කටයුතු ප්‍රමාද වීමට ප්‍රධානම හේතුව වී තිබුණේ ඔබ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ඔබේ යටතේ ඇති ශ්රී ලංකා යුද හමුදාවෙන් අවශ්‍ය තොරතුරු විමර්ශන සඳහා ලබා නොදීම නිසා බව අධිකරණයේදීම අවස්ථා කිහිපයක දී කියැවිණි.
බුද්ධි අංශ නිලධාරීන් මාස 10 ක් තිස්සේ රිමාන්ඩ් බාරයේ සිටීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බව කියන ඔබ වසර ගණනක් තිස්සේ නඩු නැතිව රිමාන්ඩ් බාරයේ පසුවන දෙමළ වැසියන් සම්බන්ධයෙන් මුණිවත රැකීම කනගාටුවට කරුණකි.
‘උසාවිවල විභාග වන ඇතැම් නඩු සම්බන්ධයෙන් වගේම හමුදාවේ අය අත්අංගුවටගෙන තිබෙන ඒවා සම්බන්ධයෙනුත් මම ඒ නිලධාරීන්ට වරින්වර කියලා තියෙනවා. කවුරුත් දන්නවා හමුදාවේ බුද්ධි අංශවල නිලධාරීන් මාස 10ක් පමණ රිමාන්ඩ් බාරයේ තියාගෙන ඉන්නවා. මේ අංශ භාර අය මට මුලින්ම කිව්වා සති දෙකයි කියලා. පසුව කිව්වා මාසයයි දෙකයි කියලා.‘ යැයි ඔබේ කතාවේ එක් තැනක සඳහන් විය. ඔබ වරින් වර එම විමර්ශන කරන නිලධාරීන්ට කියා ඇත්තේ මොනවාදැයි දැන ගැනීමට අපි කැමැත්තෙමු. සැකකරුවන් රිමාන්ඩ් බාරයේ තබා ගන්නා කාලය ගැන ඔබ වරින් වර විමර්ශන නිලධාරීන්ගෙන් අසා ඇති බව ඔබේ ප්‍රකාශයෙන්ම තහවුරු වෙයි. ඔවුන්ගේ රිමාන්ඩ් කාලය ගැන පසුතැවෙන ඔබ විමර්ශනයට අවශ්‍ය තොරතුරු පමා කිරීම ගැන යුද හමුදාපති සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි දැන ගැනීමටද අපි කැමැත්තෙමු.
බලයට පත්වී මාස තුනෙන් රතුපස්වල ගැටළුවලට විසඳුම් දෙන බවට 2014 දෙසැම්බර් 25 වැනිදා රතුපස්වලට ගොස් ඔබ දුන් ප්‍රතිඥාව බව ඔබට මතක ඇතැයි සිතමු. ඔබ බලයට පැමිණ ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක ඇමැතිවරයාද වී අවුරුදු එක හමාරකටත් වැඩිය. රතුපස්වල නඩුව අද (14) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ යුද හමුදාවේ අවි 42ක් තවමත් පරීක්ෂණ සඳහා බාර දී නැති බවයි. ආරක්ෂක ඇමැතිවරයා ලෙස මේ සම්බන්ධයෙන් ඔබ ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි දැන ගැනීමට කැමැත්තෙමු.
ඔබේ ප්‍රකාශය නීතිය හා සාමය ආරක්ෂා කරන ස්වාධීනව කටයුතු කරන නිලධාරීන්ට කළ බලපෑමක් ලෙස අපි සලකමු. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය මෙන්ම උපාලිතෙන්නකෝන්ට පහරදීම සම්බන්ධයෙන්ද නියෝග දුන් පුද්ගලයන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. පෝද්දල ජයන්ත වැනි පැහැරගැනීමට ලක්වු බොහෝ මාධ්‍යවේදීන්ට ද තවම සාධාරණය ඉටු වී නැත. ලංකා ඊනිවුස්, උදයන් ඇතුළු මාධ්‍ය ආයතන ගිනි තැබූවන්ද තවම නීතිය හමුවට පමුණුවා නැත. මේ ආකාරයට පසුගිය වකවානුවේ සිදුවූ අපරාධ රැසක නියෝග දුන් සහ නියෝග ක්‍රියාත්මක කළ බොහෝ දෙනෙක් තවමත් තවමත් නිදැල්ලේ පසුවෙති. එම විමර්ශන පමාවීම හා නියෝග දුන්නන් අත්අඩංගුවට නොගැනීම ගැන ඔබ අදාළ අංශවලට අප්‍රසාදය පළ කිරීමට ඉදිරිපත් නොවන්නේ මන්දැයි දැන ගැනීමට කැමැත්තෙමු.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ට උදවු කරන ආණ්ඩුවක් අපිට එපා (නි)
මහජන දේපොළ අල්ලන නිලධාරීන්ට ජනතාව සහය දියයුතුයි (නි)
කොන්ද පණ තිබෙන කෙනෙක්. ජයවේවා! (නි)
මොකට කියන්නද ? (අ)
රාජාන්ඩුවක් නෙමෙයිනේ අද තියෙන්නේ හැමදේම ජනාධිපති බැලිය යුුතු නැහැ. ඒකටයි නිදහස් කොමිසම් පත් කරන්නේ. සාක්කි ඇත්නම් වැරදිකරුවන් අල්ලා දඬුවම් දිම කළ යුතුයි. හැමදේම බදාගෙන ජනපති කෙනෙකුට කටයුත කළ නොහැකියි. (අ)
ලොකු උන්නැහේ අනවශ්‍ය කතා කියල සෞත්තු වුණා. (අ)
මාරි ඇන්ටෝනියට් රැජින කිවුවා යයි සැළකෙන "පාන් නැත්නම් කේක් කන්න" කියන කතාව ශතවර්ෂ දෙකහමාරක් ගතවෙලත් තවමත් එතුමියව අපහාසයට ලක්කරනවා වගේ, මේ කතාවත් ජනපතිතුමාගේ ජීවිත කාලය පුරාම එතුමා පසුපස ඒවි (නි)
ඔබ වගේ අය මේ රටේ සිටීම ගැන අපි ඉතාමත් සතුටුවන්නෙමු. ඔබගේ රාජකාරිය ඉදිරියටත් නොසැළී කරගෙන යාමට ශක්තිය ලැබේවා කියා පතමු !!. (නි)
ඕනෑම කෙනෙකුට ආණ්ඩුවක් කරන්න පුළුවන් කියලා කිවුව අයත් ඉන්නවනේ (නි)
ස්වධීන කොමිෂන් කාටවත් වගකියන්න ඕනෑ නැත්නම්, හිතූමනාපයට වැඩ කරනවා නම් ඒකත් එක අතකට එ්කාධිකාරී පාලනයක් වෙනවා. එහෙනම් ඔවුන්වත් නියාමනය කරන්න තවත් කොමිෂන් පත්කරන්න වෙයි. මේවා මහා විහිළු. ජනතාවගේ මුදල් නාස්ති කරන වැඩ. (නි)
ජනාධිපතිතුමා කිවුවේ කොමිසම ස්වාධීන වුණාට දේශපාලන න්‍යායකට කරන එක හොඳ නැහැ කියලා නේද? (නි)
මොවුන් කියන දෙයට මමත් එකඟයි (නි)
නියමයි, නියමයි නියමයි. (නි)
රටක ආරක්ෂක නිලධාරින්ට එරෙහිව (ලංකාවේ හැර) මොන රටේද මෙවැනි ක්‍රියාමාර්ග ගන්නේ? රටක ආරක්ෂාව සම්බන්ධ බොහෝ දේ රහස්‍යයයි. එම නිලධාරීන් හෙළිකිරීමේ විපාක අපි අත්විඳලා තියෙනවා. ලෝකයේ වෙනත් රටවල බුද්ධි අංශ නිලධාරීන් මෙහෙම හෙළිකරන්නේ නැහැ. මේවා රට අස්ථාවර කරන්න මානබලන විදෙස් රටවල වැඩ. ඒ බව රජය අවබෝධ කරගත යුතුයි. (නි)
කතාව සම්පූර්ණයෙන් සහතික ඇත්ත. රහස් පොලීසිය සතු රහස්‍ය වාර්තා ජනපතිට දුන්නම එහි ඇති ස්වාධීනත්වයට මොකද වෙන්නේ? ඒ කියන්නේ පහුගිය කාලේ කරපු දේ යළිත් කරන්නද? (නි)
ජනපතිතුමනි මේ ගරහනවා නොව ඔබ දැනුම්වත් කිරීමයි. ඔබතුමා ජනපති කරන්න අපි ඡන්දෙ දුන්නාට සියල්ල දත් උගතෙක් කියල හිතනවානම් වැරදියි. මොකද ඔබතුමා පත්කරන අය එ් එ් විෂයන්ට පරතෙරට ගිය උගත් බුද්ධිමත් අය. ඉතින් අකමැත්තෙන් වුවත් එ් අය දෙන තීන්දු තීරණ විවේචනය කරන්නවත් වෙනස් කරන්න බලපෑම් කරන එකත් වැරදියි. (බ)
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රකාශය නිවැරදියි. නොකෙරෙන පරීක්ෂණ ගැන දොස් නොකියා, කරන පරීක්ෂණ වල ප්‍රතිඵල උසාවියට ඉදිරිපත් කරනකොට බැනීමයි දැන් කරන්නේ. (නි)
ජනපතිතුමනි, දැන් දෙන්නකෝ මේවට උත්තර. (නි)
ඔබේ කාර්යය කරගෙන යන්න කිසිවකුට බිය නොවන්න. මොකද ජනතාව ඔබ සමඟ සිටින නිසා (නි)
දේශපාලන බලවතුන් දැන් කතාකරන්නේ ගැලරියට. ඉස්සර තිබුන හරවත් කතා දැන් නැත (නි)
ඉතාමත් හොඳ ප්‍රතිචාරයක්. මම හිතන්නේ මේවට උත්තර දෙන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්. යහපාලනය තියෙන නිසා මෙහෙම ප්‍රශ්න අහන්න පුළුවන් කියන එකත් කියන්න ඕනෑ (නි)
මීට කලින් හිටපු ජනපතිවරයා හැම තීන්දුවක්ම ගත්තේ එතුමාට ඕනෑ විදිහට හින්දා මෙතුමාත් ඒ පාරේම යන්න හදනවද. මෙතුමගේ පළවෙනි ජනතා ඇමතුමෙන් කිව්වෙ නම් වහල් යුගය ඉවරයි කියලනේ. අද මොනවද මේ කියන්නේ. (නි)
ගෙදර මුව හමට තැලීමේ කතාව මතක්වුණා (නි)
ඔයාල තරුණ ජනමාධ්‍යවේදීන් හින්ද ද කොහේදෝ, 88-89 මරුණ දහස් ගණනක් ගැන දන්නේ නැතුව ඇති, එකනේ මේ තුන්දෙනෙක් විතරක් බදාගෙන දගලන්නේ.(අ)
හරියටම හරි. මෙය දැන් කරගන්න දෙයක් නැතුව වගේ ඉන්නේ. (අ)
හාමිනේ, හාමිනේ....... මොකද දෙයියනේ මේ එලිය වැටෙන කොටම කෑ ගහන්නේ . කෝ... කෝ.. අර මඩු වලිගෙ? අර කාටද නාම්බෝ දෙන්නෙකුට ගහන්න ඕනැ කියල වන වන ඉඳල පැදුරු ආන අස්සේ ගැහැව්වා නේද? අර තියෙන්නේ ..(අ)
අනුර ඔබ ලිව්ව නිසා මම ලියන්නේ නැත. (හේ)
මෙම ලිපිය සමඟ සියයට සියයක් එකඟයි. (නි)
ඇත්තටම ඔය ස්වාධින කොමිසම් වල අය ස්වාධීනව කටයුතු කරනවා කියලා කියන්න පුලුවන්ද?(හේ)
මෙන්න ජාති ද්‍රෝහීන් (අ)
රට බේරා ගැනීමට වඩා පක්ෂය බේරා ගැනීමේ ලොකු සටනක ජනාධිපති නියැලී සිටින බව නම් පෙනේ.(අ)
එතකොට ජනාධිපතිට කියන්න ඕනෑ මොනවාද? (නි)
ඉතා හොඳ ප්‍රවෘත්තියක් (නි)
මේ ඔක්කොමලට ඕනේ පරණ කුණු අව්ස්ස අවුස්සා ඉන්නරටේ දියුණුවට කිසිම සාදනිය වැඩක් වෙන්නේ නැහැ .එකට කමක් නැතිද? (අ)
මෙයයි තිත්ත ඇත්ත (නි)
ඔය සේරම බොරුවක් බව ඕන ගොනෙකුට තේරෙනවා. (හේ)
ඒක ඇත්ත.(හේ)
කවුද මේ.(හේ)
සම්පූර්ණයෙන් එකඟයි. කලින් හිටපු ජනාධිපතිවරයත් හිතාගෙන හිටියේ රටේ අධිකරණය ආදී සියළුම ආයතන තමන් කියන අයුරින් කටයුතු කළයුතුයි කියාය. ඒවා ප්‍රතික්ෂේප කරමින් පත්වුණ මෙතුමාටත් දැන් දැන් ඒ ලෙඩේම හැදීගෙන එනවා වගෙයි... (නි)
විධායක ජනාධිපති සියල්ල දැනගතයුතුද? (නි)
ඔබ සංගමය විසින් දක්වන ලද ප්‍රතිචාරය අපි ඉහළින්ම අනුමත කරමු. අපගේ මහත් ප්‍රසාදයද පළකරමු! (නි)
දේශපාලකයින් සිතා සිටින්නේ තමන් සියල්ලම දන්නා බවත්, ඒ නිසාම තමා නිවැරදි බවත්ය. ඔවුන් අනාගන්නෙත්, නාගන්නෙත් අන්තිමට අනුන්ගේ උපහාසයට ලක්වෙන්නෙත් මේ අදහස් නිසාය. (නි)
බලය ලැබුනහම ගොඩක් අයට මුල අමතක බව අපිට පෙනෙනවා. අපි ඡන්දෙ දුන්නේ හොරු හිරේ යවන්න. මේ රට ගොඩ ගන්න. අපිට එයාලගේ පක්ෂ ලොකු නැහැ (නි)
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනපතිගෙන් ඉල්ලා ඇත. බලාගෙන හිටපල්ලා! (අ)
බලාගෙන ගියාම ලංකාවේ ආයතන තියෙනවා වගෙයි ලංකාවට අයිති නැති ඒවා (නි)