රජයේ සේවකයින් සිය රාජකාරි සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට හෝ බරපතල මූල්‍ය අපරාධ කොට්ඨාශයට (එෆ්සීඅයිඩී) කැඳවීමට කිසිදු නීත්‍යනුකූල හැකියාවක් නැතැයි ස්වදේශ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
රජයේ නිලධාරීන් ආයතන සංග්‍රහය අනුව කටයුතු කරන බවත් එලෙස කටයුතු කිරීමේදී යම් වරදක් සිදුකළහොත් එම ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ හෝ දඬුවම් දීමේ ක්‍රමවේදයක් රාජ්‍ය යාන්ත්‍රනයේ පවතින බැවින් එෆ්සීඅයිඩී කැඳවීම අවශ්‍ය නැතැයිද අමාත්‍යවරයා පවසයි. එලෙස කැඳවීමක් කළහොත් රජයේ නිලධාරීන් වෙනුවෙන් තමන් ඕනෑම මොහොතක පෙනී සිටින බවද අමාත්‍යවරයා කීවේය.
ඒ නිසා බය නැතිව තමාට පැවරෙන රාජකාරි නිසිලෙස ඉටු කරන්නැයිද අමාත්‍යවරයා රජයේ නිළධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාත් එ්කාබද්ධයට යන්නවද්ද හදන්නේ. (නි)
ඒ වුණාට ඔය කොමිසමට ගිය උදවිය වෙනුවෙන් පෙනී සිටියද? "තමන් හිසට තම අතමය සෙවණැල්ල" තමා අන්තිමට (නි)
අනේ ජනතාව දන්නවා ඇත්ත. එහෙනම් මේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහ බරපතල මූල්‍ය අපරාධ කොට්ඨාශය (එෆ්සීඅයිඩී) තියන්නේ සාමන්‍ය හාල්මැස්සන් අල්ලන්නද? ඊළඟ ඡන්දයේදී ජනතාව ඔබට හොඳ උත්තරයක් දේවි. (නි)
පැවරෙන රාජකාරි නිසිලෙස ඉටු කරන්න කොහොමත් බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න ඕනෑ රාජකාරි බලය, සම්බන්ධකම් යොදාගෙන පොදු මුදල් ගසාකාලා හොරකම් කරලා පුද්ගලික දේපොල රැස්කරගෙන එහෙම තියෙනවා නම් විතරයි. (නි)
හරියට වැඩ කළ සහ කරන අය කොහොමත් බය නැහැ. හොරකම් කළ අය තමයි බයවෙන්න ඕනෑ (නි)
වැදගත් ප්‍රකාශයක්. පස්සේ වෙනස් වෙන්නේ නැත්නම් හොඳයි. (නි)
දැන් මේ කාගෙ බයද අරින්නේ? හොරුන්ගෙද? වැරදි නොකළ නිලධාරින් නම් බය වෙන්න දෙයක් නැහැනේ. වැරැද්දක් කර ඇත්නම් පරික්ෂන කරන්න රටේ ආයතන වලට බැරිද? ඒකට ඇති ඉඩකඩ අහුරන්නෙ ඇයි? (නි)
එතකොට දැන් එෆ්සීඅයිඩී කැදවන්නේ පුද්ගලික අංශයේ රැකියා කළ අයවද. (නි)
දැන් රජයේ කාර්යාලවල වැඩ කෙරෙන්නේ ඉතාම හෙමින්. සුළු අතපසුවීමකට පවා ඉහළින් උපදෙස් පතනවා. ඔවුන් වැඩකරන්නේ හරිම බයෙන්. (නි)
රජයේ සේවකයනි, දේශපාලුවෝ අද ඉඳලා හෙටයන උදවිය. නමුත් ඔබගේ නිලකාලය අවසන්වූ පසු විශ්‍රාම ලබාගත යුතුවේ. එ්ගොල්ලන්ගේ නිත්‍යානුකූල දේවලට පමණක් අත්සන තබන්න. කොන්ද කෙළින් තියාගෙන වැඩකරන්න (නි)