ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ඉදිකරන අනවසර වැසිකිලි පද්ධතියක කටයුතු නවතා දමන්නැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගාල්ල කොට්ඨාශ පුරාවස්තු පොලිස් ඒකකයට පැමිණිලි කැර ඇතැයි පොලිසිය කියයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් පවසන්නේ සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ මහල් ගොඩනැගිල්ලක් ඉදකිරීමේ දී එහි සැළසුමේ තිබූ අභ්‍යන්තර වැසිකිළි පද්ධතියකට අවසර දුන් බවයි. එසේ වුව ද එය ඉදි නොකර වෙනත් ස්ථානයක අවසර ගැනීමකින් තොරව වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම පුරාවිද්‍යා පනත උල්ලංඝනය කිරීමක් බව එම දෙපාර්තමෙන්තුව කියයි.
සවුත්ලන්ඩ්ස් විද්‍යාලය පිහිටා ඇත්තේ ලෝක උරුමයක් වන ගාල්ල කොටුව ඇතුලත බැවින් එහි සිදුකරන සියළු ඉදිකිරීම් හා කැණීම් කටයුතු සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය හා ගාලු උරුමය පදනමේ සැළසුම් කමිටුවේ අවසරය ගත යුතුය.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පතිනි ශාන්ති සෙනෙවිරත්න මහත්මිය ඇමතීමට උත්සාහ ගත්ත ද ඇය ඊට ප්‍රතිචාර නොදැක්වූවාය.
දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයෙන් විමසූ විට එහි නිලධාරියකු කියා සිටියේ වැසිකිළි පද්ධතිය සෑදීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මුදල් ලැබී ඇතත් අවශ්‍යපරිදි අවසර ගැනීම විදුහලේ කාර්යයක් බවයි.
මේ සම්බන්ධ පරීක්ෂණයක් අගහරුවාදා පවත්වන බවත් ඉන් පසු ඉදිකිරීම සම්බන්ධ තීරණයක් ගන්නා බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නෝනාට විරුද්ධව තාත්තා කෙනෙක් නඩුවකුත් දැම්මා නේද දරුවකු පාසලට ඇතුළු කර නොගන්න හේතුවකට (බ)
පතිරණ, බැලියයුතු ස්ථාන නම් තවත් ඕනෑතරම් තිබෙනවා. එහෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සල්ලි නැති එකයි ප්‍රශ්නය. ඒ කොහොම වුණත් අනවසර ස්ථානයක වැසිකිළි හදන්න තරම් විද්‍යාලයාධිපතිනියකට බලයක් තියෙන්නේ කොහොමද කියන එකයි මෙතන තියන ප්‍රශ්නය (නි)
පතිරණත් හරි, රොක්සිත් හරි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් හරි. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අනුමත කළ සැළැස්මට අනුකූල නොවන පරිදි සෑදු ගොඩනැගිල්ලකට පදිංචි වීම සඳහා, අනුකූලතා සහතිකයක් ලබා දී ඇද්ද? (නි)
මෙහි අදහස් දාන අයට දරුවෝ නැද්ද? විදුහල්පතිනිය වැසිකිළි හදන්නේ දරුවන්ට මිස ගෙදර නොවේ. කොටුවේ හදන අනිත් ඒවා ගැනත් මේ වගේ බලනවා නම් කොච්චර හොඳද? සියල්ල මුදල් වලට යටයි. මේ වැඩේ කරන්න විදුහල්පතිනියට ඉඩ දෙන්න .........
කවුරු හරිද කවුරු වැරදිද කියලා හිතාගන්න බැහැ (නි)
ලංකාවේ ගොඩක් වැඩ සිද්ධවෙන්නේ මෙහෙම තමයි (නි)
ගාලු කොටුවේ ප්‍රදීපාගාරය අසළ තිබුණු අනෙක් ඉදිකිරීම් වෙනස් කරද්දී මේවා හිතුනේ නැද්ද? වැසිකිළියක්වත් හදන්න දෙන්නේ නැද්ද? (නි)
ප්‍රියංකා සදහන් කර ඇත්තේ සත්‍යකි. ළමුන්ගේ පහසුකම් වැඩිකිරීමට හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය දියුණු කිරීමට මෙම විදුහල්පතිනිය වෙහෙස වී කටයුතු කරන්නීය. එයට අප පැසසිය යුතුය. විදේශිකයන් හා ව්‍යාපාරිකයන් කොටුවේ විවිද වූ අනවසර ඉදිකිරීම් කරන විට පුරාවිද්‍යාව නිහඩව සිටි. පුරාවිද්‍යා නිතිය අදාල වන්නේ මෙම පාසලට පමණද? (ර)
මට නම් හිතෙන්නේ මේ ප්‍රශ්නයේ අපිට නොපෙනෙන පැත්තකුත් තිබෙනවා වගෙයි (නි)
කවුද හරි, කවුද වැරදි කියන එක නෙමෙයි, ලංකාවේ කවුද දැන් හරි දේවල් කරන්නේ? (නි)
දැන් කරන්න දෙයක් නැහැ ළමයිනේ. ඉවසාගෙන ඉන්න (නි)
ළමයින් 4500 පමණ සිටින බාලිකා පාසලකට වැසිකිලි 1ක් 2ක් තිබීම ප්‍රමාණවත් දැයි ප්‍රතිචාර දක්වන ඔබ මදකට සිතා බලන්න. මෙම පාසල තුල තිබෙන්නේ ඉතාමත් සීමිත ඉඩ ප්‍රමාණයකි. විදුහල්පතිනියක් දරුවන්ට අවශ්‍ය සෑම පහසුකමක්ම ලබා දීමට නිරතුරුව වෙසෙ විය යුතුය. මා සිතන්නේ ඇය ඒ කර්තව්‍ය නිසි ලෙස ඉටුකරන බවයි. ඔබ දෙමාපියෙක් නම් ඔබේ දරුවාගෙන් අසා බලන්න පාසලේ වැසිකිලිවලට යාමට පුළුවන් කමක් තිබේද කියා. නමුත් මෙම විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය ඉතාමත් පිරිසිදුව පවත්වාගෙන යයි. ලෝක උරුමයක් වන ගාලු කොටුව තුල පුරාවිද්‍යාවට නොගැලපෙන ඉදිකිරීම් ඕනෑ තරම් ඇත. ඒවා මුදල් බලයට යටත්ව සිදුවේ. ඔබ ගාලු කොටුව තුල සංචාරය කර මා කිවු දේ සත්‍ය දැයි සොයා බලන්න. (ර)
රජගලතැන්න, කූරගල, රිටිගල, බුදුගල, හිරිවඩුන්න, බඹරගල මේ අපේ වැදගත් හෙළ ඉතිහාසයත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හොයා බැලුවොත් නරකද? අපේ ලොකු ඉතිහාසයක් සැඟවිලා තිබෙන්නේ මේ ස්ථාන වල. (නි)
පුරා විද්‍යාවට අනුව 1505, පුරුතුගීසි කාලේ වැසිකිලි හැදුවානම් කිසි පුරස්නයක් නෑ, ගාලු කොටුවේ ඒකාලේ හදපු "සිවරේජ්" පද්දතියක් පොලව යට තියෙනවා කෙලින්ම එකට වැසිකිලි සම්බන්ධ කරන්නත් පුළුවනි. (ර)