ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ප්‍රාථමික අංශය දෙසින් කඩිනමින් ඉදිකළ තාප්පය ප්‍රමිතීයට අනනුකූල අනවසර තාප්පයක් බව ගාලූ උරුමය පදනම හා ගාල්ල මහා නගර සභාව පවසයි. ගාලු කොටුව ලෝක උරුමයකි.
මේ තාප්පයේ ඉදිකිරීම් පසුගිය නොවැම්බර් 01 දා මහ රාත්‍රියේ ආරම්භ විය. ඉරිදා රාත්‍රී වනවිට තාප්පය බැඳ අවසන් කැරිණි. මෙවැනි අනවසර ඉදිකිරීමක් සිදුවීම නැවැත්වීමට නොහැකි වූයේ පුරාවිද්‍යා බලධාරීන්, ගාලූ උරුමය පදනම හා ගාල්ල මහා නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය යන ආයතනයන්හි නිවාඩු දිනයන්හි ඉදිකිරීම් කැර ඇති නිසා යැයි කියති.
සිකුරාදා රාත්‍රී පාදම සකස් කිරීමෙන් අනතුරුව සෙනසුරාදා දහවල් එහි සිමෙන්ති ගඩොල් බැඳීම ආරම්භ කරන ලද්දේ සාමාන්‍ය ඉදිකිරීම් ක්‍රමවේදයන්ට අනුව පාදමට සවි වීමටත් කලින් යැයි කියති.
ලෝක උරුමයක් වන ගාල්ල කොටුවේ පිහිටි සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ප්‍රාථමික අංශයට ඇතුළුවීමට භාවිතා කරන ලද්දේ කුඩා මිටි තාප්පයක් මධ්‍යයේ පිහිටි ගේට්ටුවකි. මේ තාප්පය ඉදිරිපිට හිස් ඉඩමක් තිබිණි. රජය සතුව තිබූ එම ඉඩම් කැබැල්ල විද්‍යාලයට පවරනු ලැබීනේ පසු එම කොටස සවුත්ලන්ඩ්ස් විද්‍යාල භූමියට ඇතුලත් වන ආකාරයට නව තාප්පය ඉදිකරමින් පවතී.
ගාලූ කොටුවේ ඉදිකිරීම් පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සිදුකිරීම කළ යුතුය. එමෙන් ම ඒ සඳහා නිර්ණායකයන් හා ප්‍රමිති රැසක් පවතී. ගාලූ උරුමය පදනම පවසන්නේ මේ තාප්පය ඉදිකිරීමට විද්‍යාලයෙන් සැලසුමක් ඉදිරිපත් කැර එය සැලසුම් කමිටුවෙන් අනුමත වූ බවයි. තාප්පය ඉදිකිරීමේදි අදාල නිර්ණායක උල්ලංඝනය කැර ඇතැයි ද ගාලූ උරුමය පදනම පවසයි.
එහි සභාපති පරාක්‍රම දහනායක මහතා මෙසේ කීවේය.
සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට තාප්පයක් ඉදිකිරීමට අවශ්‍ය බව දැනුම්දුන් නිසා අප සැළසුම් කමිටුවෙන් ඒ සඳහා අවශ්‍ය අවසරය හා නිර්ණායක ලබා දුන්නා. එසේ වුවත් ඔවුන් තාප්පය ඉදිකරන්නේ ඒ සියළුම නිර්ණායක උල්ලංඝනය කරමින්. ඒ නිසා මේ තාප්පය නීති විරෝධීයි. පාසලක් නොකළ යුතු දෙයක්.
ගාල්ල මහා නගර සභාවේ නගරාධිපති කැළුම් සෙනෙවිරත්න මහතා මෙසේ කීවේය.
තාප්පය ඉදිකිරීමට අවසර ඉල්ලා අසම්පූර්ණ අයදුම් පත්‍රයක් යොමුකැර තිබුණා. අපි එයට අවසර දුන්නේ නැහැ. දැන් ඔවුන් ඉදිකළ තාප්පය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා.
සවුත්ලන්ඩ්ස් බාළිකා විද්‍යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට පෙර මාධ්‍යවේදීන් මෙම තාප්පය පිළිබඳ විමසූ විට විදුහල්පතිනි ප්‍රභූ කර්නල් ශාන්ති සෙනෙවිරත්න කියා සිටියේ තාප්පය සම්බන්ධයෙන් මාධ්‍ය සමඟ කිසිදු ප්‍රකාශයක් කළ නොහැකි බවයි. තාප්පය ගැන ලිවීමට මාධ්‍යයට අයිතියක් නැතැයි ද ඇය කියා සිටියාය.
ආදිශිෂ්‍ය සංගමයේ ප්‍රකාශිකාවක සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් තාප්පය ඉදිකළ බවයි. තාප්පයේ ඉදිකිරීම් භාරගත් කොන්ත්‍රාත්කරුවන්ට රාජකාරී බහුල බැවින් රාත්‍රියේ සහ සෙනසුරාදා ඉරිදා දින වල දිවා වැඩ කරමින් කඩිනමින් වැඩ අවසන් කළ බව ද ඇය කීවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමු ඡායාරූපය දුටුව පමණින් තාප්පයේ අවශ්‍යතාවය ඕනෑම කෙනෙකුට තේරෙනවා. විදුහල්පතිනියට ජය! (නි)
කව්ද මේ කර්නල් තනතුරු මෙයාලට දුන්නේ? (නදී)
ඔන්න ප්‍රභූ කර්නල ගේ මුල්ම වැඩේ හමුදාවම කනවා (ස)
මේ පාසලේ අනියම් වැඩ වැඩියි. ඒවා ගැනත් අවධානය යොමු කලොත් හොදයි. බාලිකාවෝ 4000ක් විතර ඉන්න පාසලක්... (ස)
මෙවන් වැදගත් තොරතුරු සමාජයට දායක කරන සජීවට අපගේ ස්තූතිය! (නි)
සවුත්තු පාසැලක්.(නදී)
සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන්ගේ ආරක්‍ෂාව සඳහා තාප්පය බැදීම පිළිබඳ දෙමාපියන් වශයෙන් අපි ඉතාමත් සතුටට පත්වෙමු. දරුවන්ගේ ආරක්‍ෂාව සඳහා මෙය කාලයක සිට කරන ලද ඉල්ලීමකි. සවුත්ලන්ඩ්ස් විද්‍යාලය අධ්‍යාපනය අතින් ඉහළ මට්ටමක සිටියි. විදුහල්පතිතුමියනි, අප ඔබ සමඟයි. (නි)
මෙම විදුහල්පතිනි මහ උද්දචිච මනුස්සයෙක්...මෙවා පශ්ණ නෙමෙයි...කතා බහ කරල වැඩකරන්න තිබුනා. අධ්‍යාපන මුලධර්ම අනුගමනය කරල සිද්ධි අධ්‍යයනයක් දැමිම නම් ගොඩ...සවුත්ලන්ඩි නාමයට කැලලක්. (අ)
මෙම පාසල ගාල්ල කොටුවෙන් ඉවත් කර වෙනත් ප්‍රදේශයකට ගෙන ආවොත් හොද නැද්ද? (නි)
මම නම් කියන්නේ සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ වර්තමාන අධ්‍යාපන තත්වය පහත බැස ඇති බවයි (නි)
ගාලු උරුමය රකින්නෙ කාගෙ උරුමයද? ලන්දේසි යටත් විජිතයේ උරුමය නේද? අහිංසක ළමුන්ගේ ආරක්ෂාවට යටත් විජිත උරුමයට යටවිය යුතුද? (නි)
දැන් ඔක්කොම බබාල.අනේ මගේ කට.නීති විරෝදී වැඩක් නිසානේ ඕක රැ බැන්දේ?දවල් රැ බලන්නේ නැතිවම වැඩ කරන අපේ අය.ඕව හොඳයි කිව්වනම් කොන්ඩේ බැඳපු චීනුන්න්ට.(අ)
ගාලු පුතා, එල කිරි වගේ අදහසක් දාල තියෙන්නේ, මටත් හිතෙනවා ඔබ හරි කියලා. ඕක නේ අද හැම තැනම වෙන්නේ. විදුහල්පතිනියනි නොබියව වැඩකරන්න අන්න එහෙම. ඔබට දළදා සුමිදුගේ පිහිටයි පාසැල දිනේවා.(නදී)
නියමයි. ඔහොම යමු.මමත් ගාල්ලේ (නි)
ජය වේවා අපේ කර්නල් තුමියට මොකද එතුමිය හමුදාවේ රාජකාරිය කලේ "ආරක්ෂාව " ඔය දේශ පලුවන්ටි වටේ ඉන්න උනාට මොකද පොඩි ළමයින්ට මොනවා උනත් අනෙක ළමයෙකුට මොනවා හරි උනොත් බැනුම් අහන්න වෙන්නෙත් ඔබ තුමියටමි මේ හැම දේටම වැඩ වටින්නේ අපේ අනාගත දරුවෝ .දරුවන් වෙනුවෙන් වැඩ කරලා හිරේ ගියත් කමක් නැහැ හොරකන් නොකර මම හිතනවා ඔබ තුමිය පග ගහන්නේ නැති විදුහල් පතිනියක් කියල .ඔබට ජය ශ්‍රී (අ)
අම්මපා! නිවාඩුදාට එහෙම වැඩ කරන්න බැරිද මටත්? (නි)
ගාලු කොටුව ඇතුලේ කොච්චරනම් අනවසර ඉදිකිරීම් විදෙශිකින් විසින් සිදුකර තියෙනවද යන්න ඕනෑම කෙනෙකුට බලාගන්න පුළුවන්. කුඩා ලමින්ගේ ආරක්ෂාවට ඉදිකරනලද මෙම තාප්පයෙන් පාසලට යාබදව නිවසක් තනාගෙන සිටින ගාලු උරුමය ඉහල නිලදරියගේ දර්ශන පථයට අවහිර වෙනවා. මෙම තාප්පය මෙයට පෙර කීප වතාවක් තැනීමට උත්සහ කලත් මොහු ඉඩ දුන්නේ නෑ. තමන්ගේ පොඋද්ගලික කටයුතු සඳහා ගාලු උරුමය බාවිතා කිරීම හෙළ දකිමු. මෙම තාප්පය සඳහා නීති පියවර ගැනීමට පෙර මෙයට පෙර ඉදිකරනු ලබූ අනෙකුත් අනවසර හා ප්‍රමිතියට අනුකුඋල නොවූ ඉදිකිරීම් සඳහාද නීතිමය පියවර ගන්න මෙන් ඉල්ලා සිටිමු (අ)
තාප්පේ නිසා ගාලු උරුමයේ නිලදාරිය සිසුවියන් බලලා ඉවරයි (අ)
ගාලු කොටුවේ පැරණි ගතිය රැකෙන පරිදියි තාප්ප ගහන්න ඕනෑ (නි)
හමුදාවයි කර්නල් තනතුරුයි මේවට ගාවාගන්න එපා (නි)
ඔන්න ඕක කඩලා දාන්න (නි)
පාසැල වෙනුවෙන් අගනා සේවාවක් කරන විදුහල්පතිතුමියක් දැනට ඉන්නේ. මෙතුමිය අනෙක් කට්ටියටත් ආදර්ශයක්. පුරසාරම් දොඩන ගාලු උරුමය සහ අනෙක් උදවිය ලොකු මිනිස්සුන්ගේ වැඩවලට නිශ්ශබ්දයි නේද? ගාල්ලේ ජීවත්වෙන අපි දන්නවා ගාලු කොටුවේ කොපමණ අනවසර ඉදිකිරීම් තිබෙනවාද කියලා (නි)
වැඩක් නැත්නම් ඉතින් කඩන්න තමයි වෙන්නේ (නි)
කොටුව ඇතුලේ පිටින් පෙනෙන පුරාවිද්‍යා ගතිය ඔය ගොඩක් තැන්වල නැහැ. ලොකු කුට්ටි අරගෙගන ඒවට අවසර දෙන සමහර අයගේ ඇස් ඇරෙන්නේ මෙවැනි පොඩි දෙයක් කලොත් විතරයි. ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විදුහල්පතිතුමිය හරියටම හරි. පුරාවිද්‍යාව ස්ටේඩියම් එකටත් නඩු දැම්මා. මොකද වුනේ, කැඩුවද බිල්ඩිම? (ස)
මෙකේ හුරේ දාන කටිටිය සවුත්ලන්ඩි එකට සල්ලි දිලා ලමයි දාගත්ත කටිටිය (ස)
ඕන තරම් ලොකු මිනිස්සු සුද්දෝ එක එක විදියේ ඉඳිකිරීම් කරනවා කාටවත් පෙන්නේ නෑ ඉස්කෝලේ ළමයින්ගේ ආරක්ෂාවට මොනවා හරි කලොත් ගාලු උරුමේ ඇස ඇරෙනවා . (ස)
අනවසර ඉදිකිරීමක් උනොත් කඩා ඉවත් කරන්න වෙනවා, එතකොට තමයි තේරෙන්නේ කරපු පණ්ඩිත කම් වල මහත, පාසලක් හැටියට දීපු ආදර්ශය නම් හොද මදි ළමයිට , සංරක්ෂණ ආයතනත් මේවට කෑගැහුවට ඇස් ඇරියට වෙන ලොකු ලොකු විනාස වෙද්දී නොදැක්කා වගේ ඉන්නෙත්, (ස)
මගේ දෙයියනේ! ගාලු කොටුවේ තිබෙන එකම නීතිවිරෝධී ඉදිකිරීම මේකද? ඔය කොටුතාප්පේ ඉස්සරහම තිබෙන වැසිකිළිය හරිම අලංකාරයි නේද අනේ. රුසියාවටත් වඩා ලොකුයි ඉරිසියාව කියන්නේ මේවට තමයි. (නි)
මේ ගාලු කොටුව තුල රාත්‍රියේ ඉඳිකරන ලද එකම ඉඳිකිරීම මෙය නොවෙයි. ඔය කොටුව ඇතුළේ ඉන්න සමහර මිනිස්සුන්ට තියෙන්නේ කොටු වූ ජිවිතයක්. තමන්ට වුවමනා විදියට වහලේ උලු කැටයක්වත් වෙනස් කරන්න බැහැ. අනිත් එක පුරාවිද්‍යාව සහ නගර සභාව කියන විදියට අලුත්වැඩියාවක් කරන්න පුළුවන් කෝටිපතියන්ට විතරයි. ඔය සමහර මිනිස්සු පාරම්පරිකව ජීවත්වෙන උදවිය. මට මතකයි 1980 ගණන්වල ඉඳලා පුරා විද්‍යාවෙන් කරන තහනම් නියෝග නොතකා සෑහෙන ගෙවල් ප්‍රමාණයක් රාත්‍රියේදී නවීකරණය වුණා. පුරා විද්‍යාවෙන් සමහර අණපනත් කාලීනව සහ අවස්ථානෝචිතව වෙනස් කළ යුතුයි කියලයි මගේ අදහස. සමහර පනත් නිසා (පුරාවිද්‍යා, වන සංරක්ෂණ, වෙරළ සංරක්ෂණ සහ නාගරික සංවර්ධන) ජනතාව අධික ලෙස පිඩාවට පත්වෙනවා. හැබැයි මේ කරපු වැඩේ චේතනාව හොඳයි. නමුත් ප්‍රභූ කර්නල්වරියක් සහ රටේ නමගිය පාසලක විදුහල්පතිනියක් හැටියට නරක ආදර්ශයක්. (නි)
මෙම තාප්පය මගින් ළමුන්ට ආරක්ෂාවක් ලැබෙනවා නම් එය නීතියට පටහැනිව කරන්නේ මොකටද? (නි)