ඒකාබද්ධ කස්ටිය තමන්ගෙ මැයි දිනේ ඉහළින්ම සැමරැව කියල සන්තෝසෙන් ඉන්නෙ... ඒත් මැයි දිනේට දවස් ගණනකට කළින් ඒකාබද්ධ කස්ටියගෙන් කිහිප දෙනෙක් මීගමුව පැත්තෙ තැනකදි මැයි දිනේ නොකියා තමනුත් ගාලු ගියා නම් හොඳය කියල කතා වුණාලු.... තරමක් රහසිගතව කියාපු මේ කතාබහේදී වැඩි හරියක්ම කතාවුණේ දැන් ඒකාබද්ධෙ කස්ටියගෙ සංවිධානෙ භාර අරන් ඉන්න තැනැත්තා ගැනලු...
තමන්ගෙ ලොකු ලොක්කන්ට තේරෙන්නෙ නැති වුණාට රටට එපාවෙච්ච මිනිස්සු එක්ක මේ ගමන ගියොත් හබක් වෙනවාය කියලත් මේ කස්ටිය කතාවුණාලු. මේ සාකච්ඡාව කළ පිරිසට ඒකාබද්දෙ තුන් හතර දෙනෙක් හිටිය වුණත් කතා කළේ දෙන්නලු.... ගාල්ල පැත්තෙන් ආපු කෙනෙක් දිගටම හිටියෙ කල්පනා බරවලු.... කොහොම හරි මේ ගැන තතු දත් අයෙක් දැන් මේ කතාව තැන් තැන්වල පතුරවල කියලත් ආරංචියි....
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd