ඌව පළාතේ පාසල්වල්හි ගුරු හිඟය මැඩීම සඳහා ගුරුවරුන් පමණක් බඳවා ගන්නැයි සෙවනගල මහ විදුහල්පති ඩබ්ලිව් ජී නිහාල් මහතා ඌව මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේය.
පස්සර පල්ගහතැන්න පුහුණු ආයතනයේ ද්විතියීක පාසල් විදුහල්පති හමුවක දී ඔහු පැවසුවේ තරුණ ගුරුවරියන් ප්‍රසූත නිවාඩු ගැනීම නිසා ගුරු හිඟයක් පවතින බවයි.
‘ඌව පළාතේ වැඩියෙන්ම ඉන්නේ තරුණ ගුරුවරයියො. රැකියාව ලැබුණු ගමන් විවාහ වෙනවා. පාසලට එන්නේ අවුරුද්දයි. එදායින් පස්සේ ප්‍රසූත නිවාඩු. සමහර අය තුන් වැනි දරුවත් හදලයි පාසලට එන්නේ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය පැත්තෙන් හෝ සදාචාරාත්මක පැත්තෙන් මේ ඉල්ලීම වැරදි විදියට පෙනුනාට ඇත්ත තත්වය මේ විදුහල්පතිතුමා කියන දේ තමයි. දුෂ්කර සේවයෙන් මිදෙන්න බලා හිටපු දොස්තර කෙනෙක් වෙනුවට ආපු දොස්තරලා දෙන්නාම ප්‍රසූත නිවාඩු අනුමත කරගෙනම ආපු නිසා මාරුවෙන්න හිටපු දොස්තරට තව අවරුදු දෙකක්ම දුෂ්කර පළාතේ ඉන්න උනා.(නදී)
මේ මනුස්සයට ළමයි නැති කෙනෙක්ද කොහෙද. මෙහෙම අය විදුහල්පති කමට සුදුසුද මන්දා. ළමයි ඉපදෙන්නේ නැත්නම් පාසල් වහන්න වෙනවනේ.(නදී)
‘ඌව පළාතේ වැඩියෙන්ම ඉන්නේ තරුණ ගුරුවරයියො. රැකියාව ලැබුණු ගමන් විවාහ වෙනවා. පාසලට එන්නේ අවුරුද්දයි. එදායින් පස්සේ ප්‍රසූත නිවාඩු. සමහර අය තුන් වැනි දරුවත් හදලයි පාසලට එන්නේ.‘ ඒ මනුස්සයාගේ කතාව 100% හරි (දී)
මව් කිරි නොබීපු විදුහල්පති කෙනෙක්.....ඒක තමයි මොලේ නැති කතා කියන්නේ.....(අ)
කතාව ඇත්ත