IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ස්වීඩනයේ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොල ඉහළ නංවයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර ද්විපාර්ශ්වික වෙළඳාම ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ස්වීඩනයේ ගොතන්බර්ග්හි ශ්‍රී ලංකා ගෞරවනීය කොන්සල් මාකස් පෙටර්සන් මහතා මෙරටට පැමිණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකාව වර්තමානය වන විට ස්වීඩනයට ඇඟලුම්, රබර් භාණ්ඩ, තේ සහ පොල් මද නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන රැසක් අපනයනය කරයි. ශ්‍රී ලංකාව පසුගිය වසරේ ස්වීඩනයට කළ සමස්ත වෙළඳ භාණ්ඩ අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 101කි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ඉදිරි වසර 5 තුළ නිෂ්පාදන විවිධාංගීකරණය සහ වෙළඳපල පුළුල් කිරීම තුළින් අපනයන ඉහළ නැංවීමේ මෙරටේ උපායමාර්ගික සැලැස්ම අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ වෙළඳ හා අපනයන ප්‍රතිපත්තිය මාකස් පෙටර්සන් මහතා ඉදිරිපත් කළේය.

ඇඟලුම් සහ රෙදිපිළි, රබර්, තේ, පළතුරු, කුළුබඩු සහ සාන්ද්‍රිත ද්‍රව්‍ය, පොල් මද ආශ්‍රිත නිෂ්පාදන, සෞඛ්‍යයට නැඹුරු කාබනික සහ ස්වාභාවික නිෂ්පාදන පරිසර හිතකාමී අත්කම් ඇතුළු සැකසූ ආහාර සහ පාන වර්ග සහ අපනයන සේවා වැනි ප්‍රධාන අංශවල ස්වීඩන් වෙළඳපොළට තවදුරටත් විනිවිදයාමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව විජේසිංහ මහතා එහිදී අවධාරණය කළේය.

ස්වීඩනයේ හඳුනාගත් නිෂ්පාදන හා සේවා අංශවල ශ්‍රී ලංකාවේ වෙළඳපල කොටස වැඩි කිරීම සඳහා උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා කොන්සල්වරයාගේ සහයෝගය එහිදී විජේසිංහ මහතා ඉල්ලා සිටියේය.

ස්වීඩනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ, කුළුබඩු, සැකසූ ආහාර සහ කාබනික නිෂ්පාදනවල ශ්‍රී ලංකාවේ අපනයන විභවය පීටර්සන් මහතා පිළිගත් අතර ස්වීඩනයේ සහ පුළුල් නෝර්ඩික් කලාපයේ ශ්‍රී ලංකාවේ වෙළඳපල කොටස වැඩි දියුණු කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ කටයුතු කිරීමට පූර්ණ සහයොග්ය දෙන බවඒ මහතා සඳහන් කළේය.

ඉදිරි වසරවලදී වැඩිදියුණු කළ ආර්ථික සහයෝගීතාවයකට මග පාදන පරිදි, ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙම සාකච්ඡාවලදී තහවුරු විය.



අදහස් (0)

ස්වීඩනයේ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොල ඉහළ නංවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site