ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ස්වීඩනයේ විදේශ කටයුතු ඇමතිනී මාග‍්‍රට් එළිසබෙත් වෝල්ස්ටෝම් දිවයිනට පැමිණියාය.
මෙරට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි ස්වීඩන විදේශ අමාත්‍යවරිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ,අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ,විදේශ අමාත්‍ය මංගල සමරවීර ,කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ස්වීඩනය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙරට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ විදේශ අමාත්‍යවරිය අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් අද(25) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වේ.
මීට අමතරව ස්වීඩන විදේශ අමාත්‍යවරිය අඟහරුවාදා (26) යාපනයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට නියමිත අතර එහිදී ඇය උතුරු පළාත් ආණ්ඩුකාර, උතුරු පළාත් මහ ඇමැති ,යාපනය දිස්ත‍්‍රික් ලේකම් ඇතුළු රජයේ නිලධාරීන්ද හමුවීමට කටයුතු යොදා ඇත.
පිරිසක් හමුවී එම ප‍්‍රදේශයේ ප‍්‍රතිසන්ධාන කටයුතු සම්බන්ධයෙන් කරුණු විමසීමට නියමිතව ඇත.
ස්වීඩන විදේශ කටයුතු ඇමතිනිය සිය ශ්‍රී ලංකා සංචාරයේදී කොළඹ 07 පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී ‘විදේශ ප‍්‍රතිපත්ති තුළ කාන්තාවන්ගේ කාර්ය භාර්ය ’ යන මැයෙන් දේශනයක් පැවැත්වීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලයේ වසා දමන ලද ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති කාර්යාලය යලිත් පිහිටුවන්නට අපට ලැබුණු හොඳම අවස්ථාව මෙයයි.(හේ)
අපේ රටට සාධරයෙන් පිළිගන්නවා.(හේ)
අලුත් රජයත් එක්ක නැතිවී ගිය සම්බදතා සහ අලුත් යහළු කම ඇතිවන බව පේනවා , හොඳ සලකුණක්. (ර)