ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ස්වීඩනයේ විදේශ කටයුතු ඇමතිනී මාග‍්‍රට් එළිසබෙත් වෝල්ස්ටෝම් දිවයිනට පැමිණියාය.
මෙරට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි ස්වීඩන විදේශ අමාත්‍යවරිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ,අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ,විදේශ අමාත්‍ය මංගල සමරවීර ,කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ස්වීඩනය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙරට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ විදේශ අමාත්‍යවරිය අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් අද(25) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වේ.
මීට අමතරව ස්වීඩන විදේශ අමාත්‍යවරිය අඟහරුවාදා (26) යාපනයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට නියමිත අතර එහිදී ඇය උතුරු පළාත් ආණ්ඩුකාර, උතුරු පළාත් මහ ඇමැති ,යාපනය දිස්ත‍්‍රික් ලේකම් ඇතුළු රජයේ නිලධාරීන්ද හමුවීමට කටයුතු යොදා ඇත.
පිරිසක් හමුවී එම ප‍්‍රදේශයේ ප‍්‍රතිසන්ධාන කටයුතු සම්බන්ධයෙන් කරුණු විමසීමට නියමිතව ඇත.
ස්වීඩන විදේශ කටයුතු ඇමතිනිය සිය ශ්‍රී ලංකා සංචාරයේදී කොළඹ 07 පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී ‘විදේශ ප‍්‍රතිපත්ති තුළ කාන්තාවන්ගේ කාර්ය භාර්ය ’ යන මැයෙන් දේශනයක් පැවැත්වීමටද නියමිතය.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ස්වීඩන විදේශ ඇමැතිනිය ලංකාවට එයි
උපරතන හිමි Monday, 25 April 2016 08:12 AM
පසුගිය කාලයේ වසා දමන ලද ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති කාර්යාලය යලිත් පිහිටුවන්නට අපට ලැබුණු හොඳම අවස්ථාව මෙයයි.(හේ)
නුවන් Monday, 25 April 2016 08:16 AM
අපේ රටට සාධරයෙන් පිළිගන්නවා.(හේ)
ආනන්ද දොඩන්ගොඩ Monday, 25 April 2016 08:26 AM
අලුත් රජයත් එක්ක නැතිවී ගිය සම්බදතා සහ අලුත් යහළු කම ඇතිවන බව පේනවා , හොඳ සලකුණක්. (ර)