ඩුබායි සිට ස්වීඩනය බලා පියාසර කරමින් සිටි ගුවන් යානයක ශ්‍රී ලාංකිකයකු තමා ළඟ බෝම්බයක් ඇතැයි කියමින් එහි නියමු කුටියට කඩා වදින්නට යද්දී මෙල්ල කැර ගත් බව ස්ටොක්හෝම් පොලීසිය කියයි.
ගුවන් යානය ඉරිදා දහවල් ආලන්ඩා ගුවන් තොටට ළඟා වෙමින් සිටියදී මොහු කෑ ගසමින් නියමු කුටිය වෙත දුවද්දී ගුවන් යානා කාර්ය මණ්ඩලය විසින් ඔහු මෙල්ල කැර බිම දමා ගනු ලැබීය.
ගුවන් යානය ආලන්ඩා ගුවන් තොටට බස්වන තුරු ඔහු මර්දනය කැර ගැනීමට සේවකයෝ සමත් වුහ.
ස්ටොක්හෝම් පොලීසිය පැවසුයේ ගුවන් යානයේ කලබල කළ ශ්‍රී ලාංකිකයා විලංගු දමා මෙල්ල කැර ගැනීමට ගුවන් සේවකයන් සමත් වු බවයි.එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් මගීන් ,කාර්ය මණ්ඩලය මොනතරම් බය වෙන්න ඇද්ද?.හොද දඩුවමක් ලැබෙයි .(අ)
ඕක ලොකු වැඩක් නෙමි. අපේ එවුන් ඉන්නවා සුද්දගේ ඇවුරෝ 50 ගන්න අම්ම අප්පා ඉස්කෝල පවල දුන්න එවුන්. ඕක අඩු ගානේ නිවටයෙක් නෙවෙයි. මතකද සේපාල එකනයාකේ? රට පාවලා දෙන්නේ මේ සරණාගතයෝ.(අ)
මීට කලින් කෙනෙක් ගුවන් යානයේ දොර අරින්න ගිහින් නා ගත්තා..මෙයා නමි එහෙම කෙනෙක්ගේ පුතෙක් නෙවෙයි වෙන්නැති (අ)
සජිත් පණ්ඩුක, සේපාල ඒකනායක කියන්නේ රට පාවලා දුන් කෙනෙක් නෙමෙයි. තමාගේ ලෙයින් උපන් දරුවා වෙනුවෙනුයි ඔහු ඒ දේ කළේ.(නදී)
මේ වගේ මොළ කාරයින්ට ලංකාව පල දෙන්නේ නැහැ. ඒකයි මිනිහ ඔය ක්‍රමය යොදාගෙන තියෙන්නේ රටින් පනින්න . ස්වීඩනය වැනි රටක හිරේ යනවා කියන්නේ, ලංකාවේ දෙපාර්තමේන්තුවක අධ්‍යක්ෂක තනතුරක් ලැබුන වගේ. කාර් එකක් විතරයි අඩු. (නදී)
රටේ ඉදල නම කන අය ලෝකේ හැමතැනම ගිහිනුත් නම කනවා. (නදී)
මොකක්ද නම? හේතුව මොකක්ද? (නදී)
මම හිතන්නේ දේශපාලන රැකවරන පැතීම සඳහා යන අයෙකු විය යුතුය.(නදී)
ගහල මරන්න ඕන ලංකාවේ කෙනෙක් නම්.(නදී)
දන්න කෙනෙක් ඉන්නවා නම් මෙයාගේ නම දාන්න.(නදී)
මෙයාගේ නම මොකක්ද? (නදී)
මෝඩයෙක්නේ.(නදී)
ආගමන විගමන කටයුතු කිසිවක් නැතුව මාංචු පිටින් රට ඇතුලට යන්න නියම උප්පරවැට්ටිය. ඇතුලට ගියාට පස්සේ උදවු කරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා.(නදී)
අලුත්ම තාලයේ උපක්‍රමයක් 'පිටුවහල්' නොවී රට ඇතුලට යන්න. (නදී)