IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ස්වීඩන් පොලීසිය ලාංකිකයෙක් අල්ලයි

ඩුබායි සිට ස්වීඩනය බලා පියාසර කරමින් සිටි  ගුවන් යානයක  ශ්‍රී ලාංකිකයකු තමා ළඟ බෝම්බයක් ඇතැයි කියමින් එහි නියමු කුටියට කඩා වදින්නට යද්දී මෙල්ල කැර ගත් බව ස්ටොක්හෝම් පොලීසිය කියයි.

ගුවන් යානය ඉරිදා දහවල් ආලන්ඩා  ගුවන් තොටට ළඟා වෙමින් සිටියදී මොහු කෑ ගසමින්  නියමු කුටිය වෙත දුවද්දී  ගුවන් යානා කාර්ය මණ්ඩලය විසින් ඔහු මෙල්ල කැර බිම දමා ගනු ලැබීය.

ගුවන් යානය ආලන්ඩා ගුවන් තොටට බස්වන තුරු ඔහු මර්දනය කැර ගැනීමට සේවකයෝ සමත් වුහ.

ස්ටොක්හෝම් පොලීසිය පැවසුයේ  ගුවන් යානයේ කලබල කළ ශ්‍රී ලාංකිකයා විලංගු දමා මෙල්ල කැර ගැනීමට ගුවන් සේවකයන් සමත් වු බවයි.එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

 

 

 

 



අදහස් (0)

ස්වීඩන් පොලීසිය ලාංකිකයෙක් අල්ලයි

මනෝජ්-සාජා Monday, 03 February 2014 08:54 PM

ගුවන් මගීන් ,කාර්ය මණ්ඩලය මොනතරම් බය වෙන්න ඇද්ද?.හොද දඩුවමක් ලැබෙයි .(අ)

:       0       0

සජිත් පන්ඩුක Monday, 03 February 2014 09:16 PM

ඕක ලොකු වැඩක් නෙමි. අපේ එවුන් ඉන්නවා සුද්දගේ ඇවුරෝ 50 ගන්න අම්ම අප්පා ඉස්කෝල පවල දුන්න එවුන්. ඕක අඩු ගානේ නිවටයෙක් නෙවෙයි. මතකද සේපාල එකනයාකේ? රට පාවලා දෙන්නේ මේ සරණාගතයෝ.(අ)

:       0       0

චමි Monday, 03 February 2014 10:40 PM

මීට කලින් කෙනෙක් ගුවන් යානයේ දොර අරින්න ගිහින් නා ගත්තා..මෙයා නමි එහෙම කෙනෙක්ගේ පුතෙක් නෙවෙයි වෙන්නැති (අ)

:       0       0

ජයමාන්න කැකුලාවෙල Tuesday, 04 February 2014 03:27 AM

සජිත් පණ්ඩුක, සේපාල ඒකනායක කියන්නේ රට පාවලා දුන් කෙනෙක් නෙමෙයි. තමාගේ ලෙයින් උපන් දරුවා වෙනුවෙනුයි ඔහු ඒ දේ කළේ.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 04 February 2014 07:32 AM

මේ වගේ මොළ කාරයින්ට ලංකාව පල දෙන්නේ නැහැ. ඒකයි මිනිහ ඔය ක්‍රමය යොදාගෙන තියෙන්නේ රටින් පනින්න . ස්වීඩනය වැනි රටක හිරේ යනවා කියන්නේ, ලංකාවේ දෙපාර්තමේන්තුවක අධ්‍යක්ෂක තනතුරක් ලැබුන වගේ. කාර් එකක් විතරයි අඩු. (නදී)

:       0       0

අනෝජ් Monday, 03 February 2014 02:33 PM

රටේ ඉදල නම කන අය ලෝකේ හැමතැනම ගිහිනුත් නම කනවා. (නදී)

:       0       0

සමන් Monday, 03 February 2014 03:04 PM

මොකක්ද නම? හේතුව මොකක්ද? (නදී)

:       0       0

සුනිල් යහම්පත් Monday, 03 February 2014 03:45 PM

මම හිතන්නේ දේශපාලන රැකවරන පැතීම සඳහා යන අයෙකු විය යුතුය.(නදී)

:       0       0

විරාජ් කාලිංග Monday, 03 February 2014 03:48 PM

ගහල මරන්න ඕන ලංකාවේ කෙනෙක් නම්.(නදී)

:       0       0

සරත් Monday, 03 February 2014 04:06 PM

දන්න කෙනෙක් ඉන්නවා නම් මෙයාගේ නම දාන්න.(නදී)

:       0       0

සරත් Monday, 03 February 2014 04:07 PM

මෙයාගේ නම මොකක්ද? (නදී)

:       0       0

රොෂාන් ජෝන් Monday, 03 February 2014 04:50 PM

මෝඩයෙක්නේ.(නදී)

:       0       0

ධම්ම Monday, 03 February 2014 04:56 PM

ආගමන විගමන කටයුතු කිසිවක් නැතුව මාංචු පිටින් රට ඇතුලට යන්න නියම උප්පරවැට්ටිය. ඇතුලට ගියාට පස්සේ උදවු කරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 03 February 2014 06:08 PM

අලුත්ම තාලයේ උපක්‍රමයක් 'පිටුවහල්' නොවී රට ඇතුලට යන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site