
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලන්කන් ගුවන් යානා දිගින් දිගටම ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම බව එම ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙක් පැවසීය .
සිය දෛනික ගුවන් ගමන් මෙහෙයුම් සදහා ගුවන් යානා 24 ක් අවශ්‍ය වුවද , දැනට ක්‍රියාකාරී මට්ටමේ ධාවන කටයුතුවල නිරත වී සිටින්නේ ගුවන් යානා 20 ක් පමණක් බව ද එම ප්‍රකාශකවරයා පැවසීය .
එහෙත් තවත් ඒ.- 330 සහ ඒ.- 320 ගුවන් යානා දෙකක් දිගුකාලීන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා යොමු කර පවතින අතර තවත් ඒ.- 320 නියෝ කාණ්ඩයේ ගුවන් යානා දෙකක් , ප්‍රංශයේ එයා බස් සමාගමේ සිට නව ඇංජින් ලැබෙන තෙක් ධාවනයෙන් ඉවත් කර ගාල් කර පවතින බව ද හෙතෙම පැවසීය .
මීට අමතරව ශ්‍රී ලන්කන් ඉංජිනේරු අංශයේ සේවයේ නිරත 30 දෙනකු පමණ ඉන් ඉවත් වී , විදේශීය ගුවන් සේවා වෙත ගොස් ඇති බැවින් දැනට ඉතිරි සේවකයින්ගෙන් අවශ්‍ය වැඩ කටයුතු ආවරණය කර ගන්නා බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .
පකිස්තානයේ ලාහෝර් , ඉන්දියාවේ චෙන්නායි සහ බංග්ලාදේශයේ ඩකා බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානා ප්‍රමාද වීම්වලට ලක් වී තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිපාල මහත්තයා ගුවන් යානා ගනුදෙනු වලින් විශාල කොමිස් , ඒ ටිකත් ඇරගෙනම යමු නේ ?
ඇයි පණ්ඩිත කතාවක් කිවුවෙ රටන් ගෙන්නවනව කියල..
ගුවන් යානය තුළ සහ කවුන්ටර් වල සිටින සේවිකාවන්ගේ සහ සේවකයින්ගේ තිබෙන ආඩම්බරකමත්, ගුවන්යානා තුළ ඇති සැප පහසුකම් අඩුවීමත්, යානා නිතර කර්මිකදෝෂ වලට ලක්වීම සහ ප්‍රමාදවීම නිසා තම ජීවිතය පිළිබඳව ඇති බියත්, කලට වේලාවට ගමනාන්තයට යාගන්න බැරි වේවි කියන බියත් නිසා බොහෝ දෙනෙකු ශ්‍රී ලන්කන් තෝරා ගන්නේ නැත.. එම නිසා ආදායම විශාල ලෙස අඩු වී ඇත. එම නිසා මේක නඩත්තු කරන්න රජයට සිදුවී ඇත.. මේක වහාම ප්‍රතිව්‍යුහගත කරගත යුතුයි.. එසේ නොමැතිනම් වසා දැමිය යුතුයි...
මේ ගුවන්සේවය නැතිවෙන තැනට වැඩ කළේ කළමනාකාරිත්වය සහ වෘත්තීය සමිතිය. කළමනාකාරිත්වය වගේම තමයි. වෘත්තීය සමිතියේ ඉන්න අයත් ගෙවලයෝ වගේ තනතුරු දාල යන්නේම නෑ. පැන්ෂන් ගිහින් උපදේශක හැටියට හරි ඉන්නවා සාමාජිකයන්ගේ සල්ලි වලින් යැපෙන ගමන්...!
EPF එක නොවේ රටම විකුණලා හරි මේක දිගටම පවත්වාගෙන යමු. ඕක විකුණලා හෝ වහලා දැම්මාම කොහොමද සිරිපාල කොමිස් ගහන්නේ...? නිශාන්ත වික්‍රමසිංහ ලක්ෂ 50 ඔරලෝස් බැඳගෙන ගුවන් සේවිකාවෝ සමග සුර සැප විඳින්නේ...