IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සුව නින්දක් නිරෝගී දිවියකට මඟ පාදයි

වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්ය , පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය - තිලක් ජයලත්

නින්ද අපට අවශ්‍යම දෙයකි. අඩුම තරමින් රාත‍්‍රියට පැය 6 ත් 9ත් අතර කාලයක් නිදාගැනීම උචිත බව වෛද්‍යවරු පවසති. පමණට වඩා අඩුවෙන් සහ වැඩියෙන් නිදා ගැනීම ඇතැම් රෝගී තත්ත්ව සඳහා බලපාන බව මෑතකදී අනාවරණය වී ඇත. මෙහිදී අඩු නින්ද දියවැඩියා රෝගය සෑදීමටත් හේතු සාධක වීම විශේෂ කරුණකි.

නින්ද ආශි‍්‍රතව ඇතිවිය හැකි රෝග ලක්‍ෂණ ගණනාවක් ඇත. එහිදී වැදගත්වන කරුණ වනුයේ රාත‍්‍රියට නින්ද නොයාම සහ අධික ලෙස දිවා කාලය තුළ නිදිමත ගතිය ඇතිවීමයි. අධික ලෙස දිවා කාලය තුළ නිදිමත ඇතිවීම රෝග වලට හේතු වේ. මේ තත්ත්වය ජනගහනයෙන් සියයට 20කට පමණ ඇතැයි විශ්වාස කරයි. ලොව පුරා සිදුවන මාර්ග අනතුරු සඳහා බලපාන කරුණු අතර මෙම රෝග ලක්‍ෂණය මුල් තැනක් ගනී. එසේම අධික නිදිමත ගතිය දීර්ඝ කාලීනව පුද්ගලයාටත් සමාජයටත් විශාල බලපෑමක් ඇති කළ හැකිය.

රාත‍්‍රි කාලයට සුවදායී නින්දක් නොලැබීමට බොහෝ හේතු තිබිය හැක. රාත‍්‍රියට ඇතිවන හිසරදය, කොන්ද කැක්කුම, ඇඟපත වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතා, අධික කැස්ස, රාත‍්‍රියට වැඩිපුර මුත‍්‍ර පිටවීම සහ බඩ දැවිල්ල වැනි රෝගි තත්ත්ව නිසා රාත‍්‍රි කාලයට සුවදායී නින්දක නොලැබීමට හේතුවී ඇත.

රෝගී තත්ත්වය නොමැති වුවද ඇතැම්විට නිදිවර්ජිතව සිටීමෙන්ද දහවල් කාලයේ අධික ලෙස නිදිමත ගතියක් ඇතිවිය හැක. මෙම තත්ත්වය නිදිවර්ජිතව අධ්‍යාපන කටයුතුවල නිරතවන පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් අතර දැකිය හැක. එසේම බොහෝ රෑ වන තෙක් පොත්පත්, පත‍්‍ර සඟරා කියවීමේ යෙදෙන අය සහ නිදිවර්ජිතව රූපවාහිනි වැඩසටහන් නරඹන අය අතරද මෙම අධි නිදි ගතිය දවවල් කාලයේ ඇතිවි හැක.

දහවල් කාලයේ අධික ලෙස නිදිමත ගතිය ඇතිවන තවත් රෝගි තත්ත්වයක් වනුයේ ඔබ්ස්ට‍්‍රක්ටිව් ස්ලීප් ඇප්නියා නමින් හඳුන්වන සුලභ රෝගී තත්ත්වයයි. මෙම තත්ත්වය සියයට පහක් පමණ ජනතාවකට ඇතැයි විශ්වාස කෙරේ. මෙහිදී සිදුවනුයේ රාත‍්‍රියට නිදාගන්නා ක‍්‍රමය අනුව  පිටපැත්තට නැමී හුස්ම ගැනීම අවහිර වීමයි. මේ නිසා රෝගියාට රාත‍්‍රියට බොහෝ වාරයක් හුස්ම ගැනීමට අපහසු තත්ත්වයක් ඇතිවේ. ඒ නිසා රෝගියා නොදැනුවත්ම රාති‍්‍රයට බොහෝ වාරයක් නින්දට බාධා ඇතිවේ. මෙලෙස සුවදායී නින්දක් ඇති නොවීම නිසා දහවල් කාලය තුළ අධික නිදිමත ගතියක් ඇතිවේ. මෙම ඔබ්ස්ට‍්‍රක්ටිව් ස්ලීප් ඇප්නියා රෝගය වැඩිපුරම දකිනුයේ අධික ස්ථුලතාවෙන් පෙළෙන රෝගින් අතරය. ඔවුන් බොහෝවිට රාත‍්‍රියට අධික ලෙස ගෙරවීමක යෙදෙයි. එසේම අධි රුධිර පීඩනය තත්ත්වයද මෙම රෝගින් අතර සුලභව දැකිය හැක.

ඇතැම් ඖෂධ වර්ග නිසාත් බොහෝ රෝගින්ට දහවල් කාලයේ අධික නිදිමත ගතියක් ඇතිවිය හැක. විශේෂයෙන් මෙම තත්ත්වය මානසික රෝග සඳහා ඖෂධ භාවිත කරන අය අතර දැකිය හැක. එසේම පීනස රෝග වැනි තත්ත්ව සඳහා ගන්නා ඇතැම් ඖෂධ වර්ග වලිනුත් අධික නිදිමත ගතියක් ඇතිවිය හැක.

තයිරොක්සින් ඌනතාව ඇති රෝගින්ටද දහවල් කාලයේ අධික නිදිමත ගතියක් ඇතිවිය හැක. නිදිමත ගතිය හැරුණ විට කම්මැලි බව, ඇඟ ඉදිමීම, අත්පා හිරිවැටීම, බඩවේළීම සහ කටහඬ වෙනස්වීම වැනි රෝග ලක්‍ෂණත් තයිරොක්සින් ඌණතා දැකිය හැක. නීරක්තතාවෙන් පෙළෙන රෝගීන් අතර දහවල් කාලය තුළ අධික නිදිමත ගතියක් ඇතිවිය හැක. නීරක්තතාවයෙන් පෙළෙන රෝගින් නිදිමත ගතියට අමතරව දැඩි අලසභාවයක් පෙන්වයි. සමහරුන් හාල් වැනි කෑමට පි‍්‍රයතාවක් දක්වයි.

අක්මාවේ මේද තැන්පත්වීම, සිරෝසිස් සහ හෙපටයිටිස් වැනි අක්මාව ආශ‍්‍රිතව රෝගවලින් පෙළෙන අය තුළද මෙවැනි අධික නිදිමත ගතිය දහවල් කාලය තුළ දැකිය හැක. දීර්ඝකාලීනව වකුගඩු අකර්මණ්‍ය වී ඇති රෝගීන් තුළද අධික නිදිමත ගතියක් ඇතිවිය හැක. අධික නිදිමත ගතියට අමතරව නීරක්තතාව, සමේ පැහැය වෙනස්වීම, මූණ සහ කකුල් ඉදිමීම වැනි රෝග ලක්‍ෂණ වකුගඩු රෝගීන් තුළ දැකිය හැක. විටමින් ඌනතා ඇති රෝගින් තුළද අධික නිදිමත ගතියක් දැකිය හැක. මෙම රෝගීන් තුළ විටමින් ඌනතාද දැකිය හැකිය.

මොළය ආශි‍්‍රතව රෝග තත්ත්වය නිසාත් අධික ලෙස නිදිමත ගතිය ඇතිවේ. මෙම රෝග අතර මොළයේ ඇතිවන ආසාදන තත්ත්වය සහ පිළිකා තත්ත්වය වේ. බොහෝවිට නිදිමත ගතියට අමතරව මෙම රෝගීන් තුළ අධික හිසරද ගතියක් තිබිය හැක. එසේම විසබීජ ශරීර ගතවීම නිසා ආසාදන තත්ත්වය නිසාත් අයකුට අධික නිදිමත තත්ත්වයක් ඇතිවේ. මෙම රෝගීන් තුළ නිදිමතට අමතරව උණ තත්ත්වයද දැකිය හැක.

ඇතැම් මානසික රෝග තත්ත්වය නිසාද දහවල් කාලයේ කෙනකුට අධික නිදිමත ගතියක් දැකිය හැක. විශේෂයෙන් මානසික ආතතියෙන් පෙළෙන රෝගීන් අතර නිදිමත ගතිය අධික විය හැක. එම රෝගීන් තුළ බොහෝ විට මානසික ආතතියේ අනෙකුත් රෝග ලක්‍ෂණද දැකිය හැක.

 

 



අදහස් (0)

සුව නින්දක් නිරෝගී දිවියකට මඟ පාදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site