(අංජුල මහික වීරරත්න)
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියේය.
මෙම මස 19 වන දින සිට 27 දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී මෙම සමුළුව පැවැත්වෙන අතර මෙවර එහි තේමාව “එකම සෞඛ්‍යමත් ලොවක්” යන්නයි.
මෙවර සමුළුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇතුළත් සියලුම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිත අතර එම සියලු රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පන්දහසකට අධික ප්‍රමාණයක් ද මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.
සමුළුව සඳහා එක්වන සියලු පිරිස්වල සහභාගීත්වයෙන් මෙහිදී පුළුල් කථිකාවක් පැවැත්වීමට සැලැසුම් කර ඇති අතර එහිදී ඉදිරිපත් වන යෝජනා, අදහස් හා පර්යේෂණ දත්ත ආශ්‍රයෙන් ඉදිරි වසරේ ලොව පුරා සෞඛ්‍ය තත්ත්වයන් නඟා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන සහ තීරණ ගැනීමටත්, ඊට අදාළ ඉදිරි සැලසුම් සකස් කිරීමටත් නියමිතය.
මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට අමතරව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනීවාහි පළමු ලේකම් නිශාන්තිනි වික්ටර් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්ද සහභාගී වීමට නියමිතය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
සුව ඇමති ස්විට්සර්ලන්තයට
ගුණරත්න Sunday, 18 May 2025 02:11 PM
හා විනෝද ගමනක් නොවෙයිද මේක...?
prasanna Sunday, 18 May 2025 05:39 PM
පච පෙරන යන්ත්‍රයක් ගන්න ගිහිල්ලා.
නිමල්කා Sunday, 18 May 2025 11:08 PM
ජිනීවා වල ඉන්න ඥාති ඩයසපෝරාවත් හම්බවෙලා එන්න. අතිගරු තුමාට රණවිරු සැමරීම මගාරින්නත් බැරිවෙන එකේ ඒ ඤාතියොත් තරහවෙවිනෙ. ඉදිරියටත් ඒ අයගෙ ආධාර නැතිව කොහොම ගතකරන්නද.....