IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


සල්ලි අරන් නඩුවට නොආ ලෝයර්ගේ කබාය ගලවයි

(රන්ජන් කටුගම්පොළ)

නඩුවකට පෙනී සිටීම සඳහා හමුදා මේජර්වරයකුගෙන් රුපියල් 50000/-ක් ලබාගෙන නඩුවට පෙනීනො සිට නීතිඥයකුට නුසුදුසු ආකාරයෙන් හැසිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතිඥ වසන්ත විජයවර්ධන මහතා නීතිඥභාවයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.

මෙවැනිම හැසිරීමක් හේතූවෙන් මීට පෙරදීත් වසර හතක තහනමක් පනවා තිබු නීතිඥ වසන්ත විජයවර්ධන මහතා මෙම සිද්ධියට අදාළව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය පවත්වු පරීක්ෂණයේදී හමුදා මේජර්වරයාුගෙන් ලබාගත් රුපියල් 50000/-ක මුදල යළි ගෙවීමට පොරොන්දුවි එම පොරොන්දුවද පැහැර හැරීම මෙන්ම පැමිණිල්ල සලකා බැලූ අවස්ථාවේදීත් කිසි විටෙකත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී නොසිටීමද සැළකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස තීරණය කළේය.

වත්තේගම ප‍්‍රදේශයේ පදිංචි මේජර් අ”ප” පලිපාන මහතා ගොනුකර තිබූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව නීතිඥ වසන්ත විජයවර්ධන මහතා මෙලෙස නීතිඥභාවයෙන් ඉවත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන ප‍්‍රියන්ත ප‍්‍රාන්දු සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග කෙරිණී.

මූලික අයිතිවාසිකම් නඩුවක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලකට පෙනී සිටීමට පොරොන්දුවි රුපියල් 50000/-ක මුදලක් ලබාගෙන අදාළ මූලික අයිතිවාසිකම් නඩුවට පෙනී නොසිට ලබාගත් රුපියල් 50000/-ක මුදල හෝ ආපසු නොගෙවීමෙන් වගඋත්තරකාර නීතීඥවරයා.

නීතිඥවරයකුට නුසුදුසු ආකාරයට හැසිරෙන ලදැයි චෝදනා කරමින් වගඋත්තරකරුට නීතීඥවරයාට එරෙහිව පැමිණිලිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කෙරිණී.

 



අදහස් (0)

සල්ලි අරන් නඩුවට නොආ ලෝයර්ගේ කබාය ගලවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 875 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 977 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site