IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සෙල්ෆි ගන්න ගිහින් විදෙස් කත කෝච්චියෙන් වැටිලා

(ප්‍රසාද් රුක්මල් ) 

ඇල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ගත් ඇල්ල ඔඩිසි සංචාරක දුම්රියේ ගමන් ගත් ඉරාන ජාතික විදේශික සංචාරක කාන්තාවක සෙල්ෆි ජායාරූප ගැනිමට යාමෙදි ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර අංක 20 දුම්රිය බිංගෙයි ගැටී දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි .

ඉරානයේ සිට මෙරට සංචාරයක් සදහා පැමිණ ඇති     37 හැවිරිදි ඉරාන ජාතික විදේශික කාන්තාවක මෙසේ තුවාල ලබා ඇතැයි පොලිසිය කීය .

මැය  තවත් කිහිපදෙනක් සමඟ ඇල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ඇල්ල ඕඩ්සි සංචාරක දුම්රියේ න් නානුඔය බලා  ගමන් කරමින් සිටියදී දුම්රියේ පාපුවරුවේ එල්ලී සෙල්ෆි ජායාරූප ගැනීමට යාමෙදි     ඔහීය  ඉදල්ගස්හින්න අතර පිහිටි දුම්රිය බිංගෙයි ගැටී ධාවනය වෙමින් තිබූ දුම්රියේ න් ඇද වැටී ඇති බවත් පොලිසිය පැවසීය .

පසුව එම දුම්රියේ දමා ගෙන මැය නානුඔය දුම්රිය ස්ථානය ට රැගෙන ගොස් පසුව 1990 ගිලන් රථයක දමා ගෙන නුවරඑළිය රෝහලට රැගෙන ගොස් ඇතුළත් කළ බවද පොලිසිය සදහන් කළේය .

මේ අතර පසුගිය දින කීපය තුලදී  කොළඹ කොටුව බදුල්ල අතර ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ සහ රාත්‍රි තැපැල් දුම්රිය න් වල ගමන් ගත් විදේශීය සංචාරකයන් මෙන්ම සරසවි සිසුවියක සෙල්ෆි ජායාරූප ගැනීමට යාම්දී දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පවසයි .

 



අදහස් (4)

සෙල්ෆි ගන්න ගිහින් විදෙස් කත කෝච්චියෙන් වැටිලා

Perera Tuesday, 03 December 2024 09:59 PM

මෝඩකමට බෙහෙත් නෑ

:       1       1

Kapila Tuesday, 03 December 2024 10:16 PM

එපා කිවුවට අහන්නෙ නැත්නම් සෙල්පි ගන්න පුළුවන් තැන් බැරි තැන් ගැන කෝච්චියේ දි නිවේදනය කළානම් හරි.

:       0       1

nishan Tuesday, 03 December 2024 11:10 PM

සෙල්ෆි ගැනීමට වෙලාවක් දෙන්න...

:       0       1

Anura UAE Wednesday, 04 December 2024 09:31 AM

දුම්රිය තුළ මහජන ලිපින පද්ධතිය සවි කිරීමට නියමිත අතර, උමං මාර්ගයට ළඟා වන විට ආරක්ෂාව පිළිබඳව මගීන් දැනුවත් කිරීමට එන්ජින් රියදුරන්ට හැකිය

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 620 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site