
(ප්‍රසාද් රුක්මල් )
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියේ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් තරුණියක සහ කොරියානු ජාතික විදේශීය සංචාරකයකු සෙල්ෆි ජායාරූප ගැනිමට යාමෙදි දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා අද(12) බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව හපුතලේ පොලිසිය පවසයි
ගාල්ල රත්ගම අරලිය උයන ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක තවත් පිරිසක් සමඟ කොළඹ සිට ඇල්ල බලා අංක 1045 දරන රාත්‍රි තැපැල් දුම්රියෙන් ගමන් කරමින් සිටියදී අද (12) උදෑසන හපුතලේ දුම්රිය ස්ථානයේ දී දුම්රිය නැවතු අවස්ථාවේ දුම්රියේ න් බැස දුම්රිය වේදිකාවේ සිට සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී දුම්රිය යලි ධාවනය වීමත් සමඟ දුම්රිය ට නැගීමට යාමේදී මෙසේ දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය කීය .
ෙඇයගේ දකුණු පාදයට බරපතළ තුවාල සිදුව ඇතැයි රෝහල් ප්‍රකාශයකු පැවසීය .
මේ අතර කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1015 දරන උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් කොරියානු ජාතික විදේශික සංචාරකයකු හපුතලේ දුම්රිය ස්ථානය යට ආසන්නයේ දී ඊයේ (11) පස්වරුවේ දුම්රිය පාපුවරුවේ එල්ලී සෙල්ෆි ජායාරූප ගැනිමට යාමෙදි දුම්රිය මාර්ගය අසල තිබූ යකඩ කනුවක ගැටීමෙන් දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලැබු බවත් පොලිසිය පවසයි .ෙමෙසේ දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා ඇත්තේ කොරියානු ජාතිකයකු වන ෂොලි ටොන් බේනැමති 61 හැවිරිදි විදේශීය සංචාරකයකු බවද පොලිසිය කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙල්ෆි මාරයා ඔබ ලඟත් ඉන්නවා. පරෙස්සම් වෙන්න.
මේඩකමට බෙහෙත් නැ
ජනපතිතුමනි. දැන්වත් මිනීමරු රාජපක්ශ කල්ලියේ සෙල්ෆි සෙල්ලම නවත්වන්න. ඔබතුමාගෙ බුද්ධිමත් ප්රවාහන හා සංචාරක උපදේශකයන් හටත් දුම්රිය වෘත්තීය සමිතිවලටත් ඉක්මනින් පිලියමක් යෝජනා කරන ලෙස ඉල්ලා සිටින්න.