අවසන් යුද සමයේ මෙරට ජීවිත දහස් ගණනක් අහිමිවීමට වගකිව යුත්තා කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් බව නෝර්වේ හිටපු සාම නියෝජිත එරික් සොල්හයිම් සදහන් කර ඇත.
ප්‍රභාකරන් සිය ස්වයංපාලන ප්‍රතිපත්තියෙන් මිදී සාම උත්සහයන් වලදී යෝජනා කළ ෆෙඩරල් පාලන ව්‍යූහයක් මෙරට තුළ ක්‍රියාත්මක කරන්නට උත්සහ කළේ නම් එය උතුරේ ජනතාවගේත් දකුණේ ජනතාවගේත් කැමැත්ත මත ගෙන ඒමට හැකියාව තිබූ බවත් සොල්හයිම් සදහන් කර තිබිණි.
මෙරට යුද්දය නිම කිරීම සදහා නෝර්වේ රාජ්‍ය මැදිහත් වී සිදුකළ සෑම උත්සහයක්ම ප්‍රභාකරන්ගේ මුරණ්ඩුකම මත ව්‍යර්ථ වු බවද සොල්හයිම් ප්‍රකාශ කර ඇත.
අවසන් යුද සමයේදී මෙරට ආරක්ෂක අංශ වෙත කොටි සාමාජිකයන් බාර කිරීමට නෝර්වේ රාජ්‍ය මැදිහත් වී ගෙන ගිය උත්සහය ද ව්‍යර්ථ කරමින් ප්‍රභාකරන් ඊට ඉඩ නොදීම නිසා කොටි සාමාජිකයින්ගේ මෙන්ම සාමන්‍ය සිවිල් ජනතාවගේ ජීවිත අහිමි වී ගිය බවද සොල්හයිම් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමල් කියන අදහස සියට සියයක් ඇත්තයි. උඩරට අල, ලුණු ගොවියා එළවලු ගොවියා රටේම වී ගොවියා වැලේ වැල් නැතිව අද ගොවිතැන් කරන්නේ, නිවැරදි සමබර ආර්ථික හැසිරවීමක් කොයි ආණ්ඩුවකින් වත් නොකරන නිසා. උතුරේ එය බෙදුම් වාදයකින් එලිපැන්නා. (ර)
හිටපු ආරක්ෂක ලේකම් නිවැරදියි නේද? (නි)
කොහෙදිද දන්නෙ නැහැ මෙයා ඕක කියා තිබෙන්නේ? (නි)
ලංකාවේ දේශපාලුවෝ කියන ප්‍රකාශ වගේ පුරුදුවෙලා (කෞ)
යහපාලනයට කඩේ යන අය දැන් මොකද කියන්නේ? (නි)
මේ මොනවද මේ වෙන්නේ?? (නි)
සොල්හයිම්ට මොකක්හරි වැරදීමකින් මෙහෙම කියවිලාද? (නි)
මේක කියවලා කට්ටිය උඩ පනින්න එපා. අන්තිම වැකිය කියවන්න හොඳට. "සිවිල් ජනතාවගේ ජීවිත අහිමි වී ගිය බවද"... දැන් තේරෙනවද මෙයා කියන්නේ මොකක්ද කියලා? හමුදාව සිවිල ජනතාව මැරුවා කියන එක නේද මේ කියනවා ඇත්තේ? (නි)
සොල්හයිම්ට ඒ කාලේ අමු කැවිලා ඉඳල තියෙන්නේ. (බ)
ගාමිණී, මහින්දගෙ සහ ඔහුගේ ගොලයන්ගේ හොරකම් සහ බලය අයුතුලෙස යෙදවීමට එරෙහිව ඔහු පැරදූ එකෙහි වැරැද්දක් මේකෙන් කියවෙනවාද? ඔයු යුද්ධයේදි කළ කාර්යය නිසා තමයි මිනිස්සු ඔහුව 2010 ඡන්දයේදි දිනවන්නෙ. ඔහුගෙ හොරකම් නිසයි 2014 පරදවන්නෙ. (නි)
සාගර, සිවිල් මිනිසුන්ගේ ජීවිත නැතිවුණා තමා. හමුදාවට කොටි විතරක් හොයාගෙන ගිහින් ගහන්න පුළුවන් විශේෂ අවි තිබුණා කියලද හිතාගෙන ඉන්නේ. මැරුන අය කවුරු වුණත් ඔවුනුත් ශ්‍රී ලාංකිකයෝ (නි)
බළලා මල්ලෙන් එළියට පැනල තියෙන්නේ ........දැන් යහපලානේ ගෙඩිය පිටින්ම දෙන්න පොරොන්දු වෙලා නිසා මෙයා මේ ටික දැන් කියන්නේ .....(බ)
ඉතින් එය හොද දෙයක් නේ. රණ විරුවන්ට හොද නාමයක් ලැබෙන දෙයක් නේ සෝල්හයිම් කියල තිබෙන්නේ. යුද්ධයකදී හානි සිදු වෙන බව ඕනෙම කෙනෙක් දන්නවනේ. හානි සිදුවූ බවත් එම සිදුවූ හානි වලට ත්‍රස්තවාදීන් වගකිව යුතුයි කියලනේ මේ කියල තිබෙන්නේ. (බ)
මේ සොල්හෛම් ප්‍රකාශය කපටි එකක් වෙන්න පුළුවන්. ඒ පිලිබඳ සාගරගේ අදහස හුඟක් හරි වෙන්න පුළුවන්. නාමල්ට වලිගේ පෑගිලා වෙන්න පුළුවන්. (බ)
ඔය එක, එක කාලෙට නොයෙක් දේවල් කියවනවා. ඕවා කව්ද ගණන් ගන්නේ. (ර)
මෙයා කියන කතාව හොදින් තේරුම් ගන්න. ප්‍රභාකරන් ෆෙඩරල් වලට අකමැති උනා. ඒ නිසා කොටි සාමාජිකයන්ගේ මෙන්ම සාමාන්‍ය සිවිල් ජනතාවගේද ජීවිත අහිමි උනා. ( කවුරු එල්ල කල ප්‍රහාර වලින්ද ). එසේම දැන් ප්‍රභාකරන් ජීවතුන් අතර නැහැ. ඒ නිසා අතීතයෙන් වත් පාඩම් ඉගෙනෙ ගෙන දැන්වත් ෆෙඩරල් වලට කැමති වෙන්න කියන එක නේද මේ නොකියා කියන්නෙ. (ර)
අතීතය ඉක්මනට අමතකවෙන රැලක් ඉන්න රටකනේ අපි ඉන්නේ. (ර)
සත්ත්‍යය කවදා හෝ ජයගනී, අපේ හමුදාව අපට විශ්වාසයි ඔවුන් විනය ගරුක හමුදාවක්. (ම)
උතුරේත් දකුණේත් තියෙන්නේ ජිවත් වීමේ ආර්ථික ප්‍රශ්නයක් මිසක් වෙන කිසිවක් නෙවෙයි. (ර)