රජයේ මර්දනකාරී පිළිවෙතට එරෙහිව ඒකාබාද්ධ විපක්ෂය සංවිධානය කර ඇති පාද යාත්‍රාවට අධිකරණ නියෝගයෙන් තහනමක් නොමැති බවත්, ලබා දී ඇති අධිකරණ නියෝගයට ගරු කරමින් එහි සදහන් ආකාරයටම බ්‍රහස්පතින්දා (28) මහනුවර සිට කොළඹ දක්වා පාගමන පවත්වන බවත් මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතාගේ නිවසේ දී පාද යාත්‍රාව පිළිබදව අද (27) සවස අදහස් දක්වමින් දිනේෂ් ගුණවර්ධන මහතා එසේ කීවේය.
‘රටේ ජනතාවට මේ රජයෙන් කිසිදු සහනයක් නොලැබෙන අවස්ථාවක ජන දුක රජයට දැනෙන්න ඒකාබද්ධ විපක්ෂය මේ පාද යාත්‍රාව මහනුවර සිට කොළඹ දක්වා සංවිධානය කළා. මෙම පාද යාත්‍රාව පවත්වන දිනයේම එක්සත් ජාතික පක්ෂයෙන් සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වන්න සැලසුම් කරලා තිබුණා. මේ නිසා දෙපාර්ශ්ව අතර ගැටුමක් ඇතිවේයැයි පවසමින් පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව අධිකරණය මගින් ලබා දී ඇති තීන්දුවට ගරු කරමින් අපි මෙම පාද යාත්‍රාව සැලසුම් කර ඇති පරිදි පවත්වනවා.‘
COMMENTS
මඟ දෙපස සිටින ජනතාවට බීමට පැන් පොදක් හෝ දෙන්න. පින් සිදුවෙනවා! (නි)
අමු කැවිලද ඉස්සරනේ මර්දනය උපරිමයට තිබුණේ. (බ)
මේ යන්නේ හොරු රකින්න නෙවෙයි නම් හොඳයි ඉතින් (බ)
යන්න යන්න අපේ සහයෝගය ඔබලටයි (බ)
මේ මිනිස්සුන්ට අමු කැවිලද මන්ද? හොරු පෙන්නේ එක පැත්තක අය විතරයි. මොකද දුෂාර අලුත් ආණ්ඩුවේ හොරකම් ඔයාට පෙන් නැද්ද? නැත්නම් ඔයාටත් මොනවා හරි උපදේශක තනතුරක් දුන්නද ඕනේ ගොනෙක්. (අ)
මේ යන විදියට මහත්තයෝ මිනිසුන්ට අමුත් කන්න වෙයි නේද මිනිසුන්ගේ රිරිමන්සත් උරා බොන එකනේ පාලකයෝ කරන්නේ (අ)