සැලසිනේ රූපවාහිනී ආයතනයට අයත් බැංකු ගිණුමේ මුදල් එම ආයතනයේම සුබසාධක සංගමයේ ගිණුමට බැර කරමින් එයින් රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු මුදලක් ලබාගෙන වංචා කළැයි කියන සිද්ධියකට අදාළව එහි හිටපු සභාපති ප‍්‍රදිප් උදයකුමාර එදිරිසිංහට ලබන අගෝස්තු මස 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (25) නොතීසි නිකුත් කළේය.
දැනට එක්සත් රාජධානියේ මිඩ්ල්සෙක්ස් ප‍්‍රාන්තයේ පදිංචිව සිටින සැලසිනේ හිටපු සභාපතිවරයාට අධිකරණ අමාත්‍යාංශය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් එංගලන්තයේ මහකොමසාරිස්වරයා වෙතින් ලැබෙන පරිදි නොතීසිය නිකුත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කාලේ ලොකුම හොරකම් කළ අය රට පැන්නා. ඇමතිලාට හොරකම් කරන්න උඩගෙඩි දීලා තමනුත් කෝටියක් දෙකක් ගහගත් අය තමන්ව අල්ලන්න ආවොත් පනින්න බලාගෙන ඉන්නවා. අනික් අය දේවාල වලට යනවා. (නි)
සමහර රාජ්‍ය ආයතන වල ලොකු පුටු වලට දැම්මේ ඒ අයගෙ හෙන්චයියෝ. ඒ හෙන්චයියො කළේ ඇමතිලාට ප්‍රකෝටි ගණන් ගසාකන්න මඟපාදලා තමනුත් කෝටියක් දෙකක් ගත් එකයි. එහෙම නිලධාරින් අදටත් සමහර ආයතන/කාර්යාංශ වල පඩි ලබමින් සිටිනවා. ඒ අය බොරුවට යහපාලනයට කැමතියි වගේ හිටියට යටින් කරන්නේ පහුගිය අයව නැවත බලයට ගේන්න පිඹුරුපත් අඳින එකයි. (නි)
දැන්නම් හොර මැරකම් ටිකෙන් ටික එළියට එන බව පෙනෙනවා (නි)
මේ එකක් විතරයි. තව අහුනොවුණු සහ යටගිය කෝටි ගණන් වලින් වුණ ගනුදෙනු වලට සම්බන්ධ අය තවමත් ආණ්ඩුවෙන් පඩි සහ වාහන/ඉන්ධන ඇතුළු සියළුම වරප්‍රසාද ලබමින් යහතින් ඉන්නවා. (නි)
මෙහෙන් හොරකම් කරලා රටත් පැනලා. ලජ්ජා නහරේ නැතුව ඉපදිච්ච කෙනෙක් වගේ (බ)
ටෙහාන්, හොර මැරකම් ටිකෙන් ටික එළියට ආවට ඒවා කළ නිලධාරින් තාම ආයතන/කාර්යාංශ ඇතුළේ. ඒකයි ප්‍රශ්නය (නි)
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)
අන්න හොඳ වැඩක්, හිටපු ජනාධිපතිතුමා කියවී මගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ට පන්න පන්න ගහනවා කියල, අනේ ඉතින් ශ්‍රීලංකා පක්ෂේ මහත්තුරු අහන්නේ නැනේ එතුමාගෙන් අය අපේ සල්ලි ගහන්න දුන්නේ ඇයි කියල (අ)
පහුගිය රජය කාලයේ පිල්ලි ගැහිල්ල, හොරකම, කොමිස් ගැහිල්ල, දූෂණ ආදී කර්මාන්ත නම් පුදුමාකාර විදිහට සංවර්ධනය වී තිබුන බව දවසින් දවසම එළිවෙනවනේ! කිරුළනට එන්නේ මේවාට සහයෝගය දෙන්න කැමති ගෝලයෝ වෙන්න ඇති (නි)