සාලාව පිපිරීමෙන් විනාශවූ උප්පැන්න, විවාහ, අධ්‍යාපන ආදී සහතික ඇතුළු ලිය කියවිලි ලබාගැනීම සඳහා සති තුනක ජංගම සේවයක් ක්‍රියාත්මක කරන බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා අද (12) සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී පැවසීය.
වසා දමා තිබූ සාලාවේ සියලු පාසල් සඳුදා (13) විවෘත කරන බවත් තිබෙන ඇඳුමක් හැඳ එදිනට පාසල් පැමිණෙන ලෙස සියලු සිසුන්ගෙන් ඉල්ලීමක් කරන බව ද ඇමැතිවරයා කීය. පාසල් සිසුන් සඳහා සඳුදා යුද හමුදාව පාසල් උපකරණ කට්ටල බෙදා දීමටද නියමිතය.
කොස්ගම හමුදා කඳවුරේ පිපිරීමෙන් හානියට පත් නිවාස හිමියන්ගේ මුල් කණ්ඩායමට සඳුදා බොහෝ දුරට රුපියල් 50,000 ගෙවල් කුලී දීමනාව ගෙවීමට ඉඩ ඇතැයි සීතාවක ප්‍රාදේශිය ලේකම් එම්.එම්.එස්.කේ.බණ්ඩාර මාපා මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගග වතුර වලට හසු වෙච්ච අපිට මේ මොන මගුලක්වත් නැ. බලන්න වත් එකෙක්වත් අවේනෑ අපි තාම දුක් විදිනවා. (බ)
දමිත් සාලාවේ උන්නේ ආරක්ෂාකාරී තැන්වල ආණ්ඩුවෙන් හදල දුන්නු ගෙවල් කුලියට දීල ආපසු ආපු කට්ටිය නෙමෙයිනේ? (බ)